හික්කඩුවේ අහසට වෙඩි තබයි..

August 27, 2018 at 8:40 am | lanka C news
හික්කඩුවේ අහසට වෙඩි තබයි..

හික්කඩුව, තිරාණගම ප්‍රදේශයේ මෝටර් රථයකට, ත්‍රීරෝද රථ දෙකකට හා නිවාස 03 කට පහර දී අලාභානි කර සිදුකර අහසට වෙඩිතබා නිවැසියන් බියගැන්වූයේ යැයි 05 දෙනෙකු හික්කඩුව පොලීසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් 05 දෙනා ගාල්ල අතිරේක වැඩබලන මහේස්ත්‍රාත් සෝමසිරි උඩුවැල්ල මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2018 සැප්තැම්බර් මස 03 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද නියෝග කළේය.

සැකකරුවන්ගෙන් දෙවන සැකකරු සන්තකයේ තිබී මිලි මීටර් 09 වර්ගයේ ගිනිඅවි වලට යොදන පතුරම් යෙදිය හැකි පරිද්දෙන් මෙරට නිශ්පාදිත රිවෝල්වරයක් හා පළමු සැකකරු සන්තකයේ තිබී කඩුවක්ද හික්කඩුව පොලීසිය මගින් සොයාගෙන තිබේ.

2018 අගෝස්තු 10 දින හික්කඩුව, තිරාණගම නිවාස 03 කට පහර දී දේපල වලට හානි සිදු කිරීම, උඩට වෙඩිතබා සාපරාධී බිය ගැන්වීම, ත්‍රීරෝද රථ 02 කට පහර දී හානි සිදු කිරීම, කාන්තාවකට හා පුද්ගයෙකුට පහර දී තුවාල සිදු කිරීම හා මෝටර් රථයකට පහර දී හානි සිදු කිරීම හා එහි රියදුරුට බරපතල තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ හික්කඩුව පොලීසියට ලැබුණ පැමිණිලි 05 ක් මත සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ.  මෙම සැකකරුවන්ගෙන් දෙවන (02) හා හතරවන (04) සැකකරුවන් අයිය මළෝ බවද හික්කඩුව පොලිසිය කියයි.

සැකකරුවන් විසින් පහර දෙනලද මෝටර් රථයේ භික්ෂූන් වහන්සේ නමක් ගමන් කරමින් තිබූ බවත් මෝටර් රථයට රුපියල් ලක්ෂ 07 ක පමණ පාඩුවක් හා රියදුරුට බරපතල තුවාල සිදුව තිබූ බවත් පැමිණිල්ලේ සදහන් වේ. නිවාස වලට හානී කිරීමේන් පසු අහසට වෙඩිතබා සාපරාධී බිය ගැන්වීම කර ඇත්තේ අත් අඩංගුවට ගන්නා ලද රිවෝල්වරයෙන් බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි හික්කඩුව පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

මෙම පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ හික්කඩුව පොලීසිය, සැකකරුවන් අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේදී සිද්ධිය සම්බන්ධයෙන් සියළු තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ. අපරාධ සිදුකරන අවස්ථාවේදී සියළු සැකකරුවන් අධික ලෙස බීමත්ව සිට ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු හදුනාගෙන තිබෙන බවත් ඔවුන් අත් අංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වන බවත් හික්කඩුව පොලීසිය කියයි.

සැකකරුවන් විසින් අලාභානී කරන ලද එක් නිවසක අයෙකු මෙම සැකකරුවන්ගෙන් අයිය මළෝ දෙදෙනාට මීට පෙර අවස්ථාවකදී පහර දී තිබෙන බවත් එක් අයෙකුගේ අතකට කඩුවකින් පහර දී බරපතල තුවාල සිදුකර තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ. එයට පළිගැනීමක් ලෙස මෙම පහර දීම කරන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරන බවත් හික්කඩුව පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

– ජයකාන්ත ලියනගේ

5,249 Viewers

2 Comments to “හික්කඩුවේ අහසට වෙඩි තබයි..”

  1. Love nature says:

    “සූදු‍ කෙළිම ද, අන් අඹුවන් ඇසුර ද, මත්පැන් පානය කිරීම ද, නැටුම් ගැයුම් වෙනුවෙන් ම කාලය වැය කිරීම ද, දහවල් නිදා ගැනීම ද, අවේලාවේ වීථි සංචාරය කිරීම ද, පාප මිත්‍රයන් ඇසුරු කිරීම ද, දැඩි මසුරු බව ද, යන මේ කරුණු මිනිසා විනාශ කර දමයි.
    එසේ ම යමෙක් සූදු කෙළියි ද, මත්පැන් පානය කරයි ද, අනුන් තම පණ මෙන් ආරක්ෂා කරන භාර්‍යාවන් ගේ ඇසුර සොයා යයි ද, ගුණ නුවණ නැති බාලයන් ඇසුරු කරයි ද, නුවණ ඇති සත්පුරුෂයන් ඇසුරු නොකරයි ද, ඔහු කළුවර පක්ෂයේ සඳ මෙන් පිරිහීමට පත් වේ.
    ධනය නැති දුප්පත් යම් පුද්ගලයෙක් පිපාසිත මගියෙක් පොකුණකින් පැන් බොන්නා සේ මත්පැන් පානය කරයි ද, මත්පැන් පානය කිරීමට දැඩි ආශාවක් දක්වයි ද, ඒකාන්තයෙන් ම ඔහු වැඩි කල් නොයවා ණයකාරයෙකු බවට පත් වේ. ඔහු තම ඤාතීන්ද සමඟ විනාශය ට පත්වේ.” (සිඟාලෝවාද සූත්‍රය )

  2. John the baptice says:

    ජේසු වයින් බිවට මුන් මොකටද ඕව බොන්න යන්නේ දැන් දැනගත්තානේ උන දේ?

Main News