හිටපු කොටි සාමාජිකයිනුත් අලුත් අවුරුදු සමරති…

April 15, 2018 at 2:04 am | lanka C news
හිටපු කොටි සාමාජිකයිනුත් අලුත් අවුරුදු සමරති…

එලඹුනු සිංහල දෙමළ අතුල් අවුරුදු උදාව වෙනුන් උතුරේ සිංහල දෙමළ සියලු වැසියන් 14 උදෑෂන සිට ආගමික සිද්ධස්ථාන වෙතට ගොස් නව අවුරුදු උදාව සමරනු ලැබූහ.

මේ අතර වව්නියාව පූන්තොට්ටම් පුනරුත්තාපන කඳවුරේ පුනරුත්තාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ද අද උදෑසන අහාර පිසීම හා වැඩ ඇල්ලීම ඇතුලු අවුරුදු චාරිත්‍ර සිදු කරනු ලැබුවේ පුනරුත්තාපන කඳවුරේ අධ්‍යක්ෂඛ කර්නල් චමින්ද පැස්කුවල් මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඊට අමතරව සෑම වසරකම නව අවුරුදු උදාව වෙනුවෙන් දෙමළ වැසියන් සමරන තේරු උත්සව පූජාවද අද උදෑසන වව්නියාවේ වීදි පුරා සංචාරය කරමින් සියලු වැසියන්ට ආශිර්වාද පැතීමේ ආගමික චාරිත්‍රය සිදු කරනු ලැබූහ.

තවද උතුරේ සියලුම සිංහල වැසියන්ද නවඅවුරුදු උදාව වෙනුවෙන් පැවති සියලු ආගමික වතාවත් හා අවුරුදු චාරිත්‍ර ඉටු කරනු ලැබූවේ නව වසරට නව බලාපොරොත්තු සමගය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,504 Viewers

One Comment to “හිටපු කොටි සාමාජිකයිනුත් අලුත් අවුරුදු සමරති…”

  1. OLU says:

    පිරපාකරන් මෙලෙච්චේද ත්‍රස්තවාදියා ඇතුළු LTTE ත්‍රස්තවාදීන් සිංහල ගම්මානවලින් පන්නා දැමු වව්නියාවේ පදිංචිව සිටි සිංහල ජනතාව අද කොහෙද ?
    කොටි ත්‍රස්තවාදීන් නිදහසේ අවුරුදු සමරද්දී වසර 30 කොටි මෙලෙච්චේදයන්ගෙන් රට ජාතිය බේරාගත් අපේ රණවිරුවෝ කොටින්ගේ බොරු චෝදනාවලට අද සිර මැදිරිවල දුක් විදියි .ආබාදිත රණවිරුවෝ රෝහල්වල දුක් දුක්විදිද්දී .. .විශ්‍රාමික රණවිරුවෝ ආර්ථික අපහසුකම් වලින් දුක්විදිද්දී ..
    සිංහලයෙනි ඔබලා අද නිදහසේ අවුරුදු සමරන්නේ කෙසේද ?අපේ විරෝධාර රණවිරුවන්ගේ කැපවීම නිසයි අද අප නිදහසේ සිටින්නේ ඒ බව අමතකද ?
    දෙමළ කොටින් නටවන වත්මන් රුකඩ ආණ්ඩුවට සහය දෙමින් නිහඩව සිටින්නේ මන්ද ?
    රටම දැන් දෙමල කොටි ත්‍රස්තවාදයෙන් ගිනි ගනිද්දී ,රටම අගාදයට යද්දී සිංහල අවුරුදු සමරන්නේ කෙසේද ? සිංහලයෙනි ඔබලා මෙතරම් ගුණමකු ජාතියක් වුයේ කෙසේද? අපේ රට ජාතියට සිදුවන විනාශය ජනතාවට නොතේරීම ගැන කණගාටුයි

Leave a Comment

Main News