හිටපු ජනාධිපති R. ප්‍රේමදාස බලගතු දෙවියෙක් වෙලා..[Photo/Video]

April 30, 2018 at 10:51 pm | lanka C news
හිටපු ජනාධිපති R. ප්‍රේමදාස බලගතු දෙවියෙක් වෙලා..[Photo/Video]

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මේ වන විට ප්‍රබල දේව ආත්මයකට පත්ව සිටින බව මනාව තහවුරු කර ගැනීමට තමන්ට අවකාශ ලැබී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය දයා අමරසේකර මහතා කියයි.

මෙරට සිටින ප්‍රකට සමාජ විද්‍යා මහාචාර්යවරයෙකු වන ඔහු විවිධ සමාජ සහ ජනමාධ්‍යයන් ඔස්සේ සමාජ විද්‍යාත්මක දැනුම පොදු ජන සමාජයට රැගෙන යාමට පුරෝගාමීව කටයුතු කරන සමාජ විද්‍යාව, මානව විද්‍යාව සහ අපරාධ විද්‍යාව සම්බන්ධයෙන් ග්‍රන්ථ 25 ක් පමණ සම්පාදනය කොට ඇති විද්වතෙකි. සමාජ විද්‍යාව හදාරන සියළුම විද්‍යාර්ථීන්ට ඔහුගේ මෙම පුරෝගාමී දායකත්වය පහසුවෙන් අමතක කරලිය හැක්කක් නොවේ.

ඔහු පවසන අන්දමට විද්‍යාත්මක දත්ත අනුසාරයෙන් සනාථ කළ නොහැකි ආධ්‍යාත්මික ගුප්ත සන්නිවේදන ක්‍රම පවතියි. එබඳු ක්‍රමයකට රණසිංහ ප්‍රේමදාස මැතිඳුන් දිවංගත වීමෙන් පසු ප්‍රබල දේවත්වයකට පත්ව ඇති බව තමන්ට මනා සේ තහවුරු වී ඇතැයි ඔහු කියයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ මිනිස් සමාජය තුළ විවිධ ස්ථරයන්ට අනුරූපව විවිධ සමාජ කොටස් පවතින්නා සේ විශ්වය තුළද ආධ්‍යාත්මික ස්ථරායනයක් (Spiritual Stratification) දක්නට ඇති බවයි. භූත, යක්‍ෂ, ප්‍රේත, දේව ආදී වශයෙන් එම ස්ථරයන් හඳුනාගත හැකි අතර ඔවුන් සමඟ සන්නිවේදනය කිරීමේ හැකියාව ලබා ගැනීම ධර්මානුකූල හා ආගමික ක්‍රමෝපායන්ට අනුව දිගු කලක් ප්‍රගුණ කිරීමෙන් ලබා ගත හැකි ආධ්‍යාත්මික ශක්තියකි. විශේෂයෙන් දේවාත්මභාවයන් සමඟ සන්නිවේදනය කිරීමට සාමාන්‍ය පුද්ගලයෙකුට හැකියාව ලැබෙන්නේ භාවනාමය ප්‍රවේශය ඔස්සේ ඔහු සුවිශේෂී තත්වයකට පත්ව ඇත්නම් පමණක් බව මහාචාර්යවරයාගේ මතයයි.

ඔහුගේ මෙම සුවිශේෂී ප්‍රකාශය මත ඒ පිළිබඳව විමර්ශනයක් කිරීමට අපි අදහස් කළෙමු.මහාචාර්ය අමරසේකරයන්ගේ වත්මන් නිවහන පිහිටා ඇත්තේ අතිශය නිහඬ, නිසංසල පරිසරයකය. ආධ්‍යාත්මික කටයුතු සඳහා වෙන් වූ විශේෂිත කාමරයක් ද එහි ඇත. එය බැලූ බැල්මට බුදුකුටියක් වුවත් සාමාන්‍ය නිවෙස් වල පවතින බුදු කුටිවලට වඩා වෙනස් තත්වයක් එහි ඇත. එහි නිතිපතා සිදු කරන බුද්ධාභිවන්දන කටයුතු වලට අමතරව තම සිත ධ්‍යානගත කරවන භාවනාමය කටයුතු ද සිදුකෙරේ. විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව අධික ලෙස ප්‍රගුණ කිරීමෙන් ඇස, කණ, නාසය, ඇතුළු පසිඳුරන්ගෙන් බැහැරව ලද හැකි අති ඉන්ද්‍රිය ඥාණ ශක්තියක් (Extresensory Perception) තමන් වෙත හිමි වන බවත් එම ශක්තිය තමන් වෙත යොමු වන්නේ දැනට උසස් දේව ස්ථරයක සිටින තමන්ගේ මෑණියන්ගෙන් බවත්, මහාචාර්ය දයා අමරසේකර මහතා ප්‍රකාශ කරයි. එම ප්‍රකාශය ඔහුගේම වදන් වලින් මෙලෙසිනි.

“වැඩි ප්‍රසිද්ධියක් නැතත් මගේ මව අපේ ජන සමාජයේ ජීවත් වූ පරමාදර්ශී කාන්තාවක්. ගුරුවරියක සහ විදුහල්පතිනියක ලෙස සිය වෘත්තීය ජීවිතය ගත කළ ඇය දුෂ්කර පාසලක් වෙනුවෙන් වසර 30 කට ආසන්න කාලයක් කැප කොට බණ මඩුවක් මහ විදුහලක් දක්වා දියුණු කළ, දිළිඳු දරුවන්ගේ ජීවිත සෞභාග්‍යමත් කිරීමට විශාල මෙහෙවරක් කළ කාන්තාවක්. අද එතුමියගේ එම සේවය අගය කිරීම සඳහා වයඹ අධ්‍යාපන අමාත්‍යාංශය එම පාසල පැන්තැනිගොඩ ‘අයිරා අමරසේකර මහා විද්‍යාලය’ නමින් එතුමියට ගෞරවයක් ලෙස නම් කොට තිබෙනවා.සත්කෝරලයේ මහිලා සමිති ව්‍යාපාරයත් ළදරු පාසල් ව්‍යාපාරයත් 60 දශකයේ ආරම්භ කළ එතුමිය ගැමියන් අතර ජීවත් වූ ගැමි දරුවන්ගේ ජිවිත උසස් කොට ඉහළ තැනකට යොමු කිරීමට තමාගේ මුළු මහත් ජීවිතයම කැප කළ විශිෂ්ට චරිතයක්. එතුමිය 2000 වසරේ මාර්තු 11 දින මිය ගිය අතර එතැන් සිට අද දක්වා මා එතුමිය වෙනුවෙන් දිනපතා ආගමානුකූල කටයුතු වල නියළී සිටිනවා. විශේෂයෙන් භාවනාමය පිංකම් බුද්ධානුස්සතිය සහ මෛත්‍රී භාවනාව ආශ්‍රය කර ගෙන එතුමිය සිහිපත් කරනවා. එහිදී මට එතුමිය සමඟ සන්නිවේදනය කිරීමේ හැකියාවක් ක්‍රමානුකූලව ලැබුණා. එම හැකියාව ආරූඪයක් නොවන සිරුරට අපහසු නොවන නිශ්චිත සරල කෙටි සන්නිවේදන ලබා දෙන ලේඛණ ක්‍රමයක්.

ඊට අමතරව එතුමියගේ සේවය ඉදිරියට ගෙන යෑම සඳහා 2000 වසරේ සිට මේ දක්වා මා විසින් එම පාසලේ සියළුම දරුවන්ට පොත පත සහ අධ්‍යාපන උපකරණ ලබා දෙන වැඩ පිළිවෙලක් පවත්වාගෙන යනවා.
මා විසින් ආරම්භ කොට ඇති අයිරා අමරසේකර අනුස්මරණ පදනම මඟින් නිහඬව කිසිවකුගේ ආධාර උපකාර මත නොරැඳී විශාල දරු පිරිසකට සේවය කිරීමට මට හැකියාව ලැබී ඇත්තේ එතුමියගෙන් ලැබෙන මෙම අනුග්‍රහය නිසා බව මා තරයේ විශ්වාස කරනවා.”ඒ සම්බන්ධයෙන් අප හා වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය අමරසේකරයන් තමන් ප්‍රායෝගිකව ස්පර්ශ කළ එම ආධ්‍යාත්මික අත්දැකීම අප හමුවේ මෙලෙස ඉදිරිපත් කළේය.

“මෙලෙස ඉහළ දේව ස්ථරයක සිටින තවත් බොහෝ ආත්මයන් සිටින්න පුළුවන්. එහෙත් ඔවුන් ජීවත්ව සිටි කාලයේ ඔවුන් ඇසුරු කළ අය දූදරුවන්, හිතවතුන් ඔවුන් වෙනුවෙන් මුළු මහත් ජීවිත කාලය පුරාවට නැත්නම් දිනපතාම සිහි කිරිමක් භාවනාමය පිං කිරීමක් සිදු කරන්නේ නැහැ. එනිසා ඒ ආත්මයන් මේ සංසාරයේ දී ඥාතීන්ගෙන් මඟහැරී යනවා.

එහෙත් මගේ මවට එවැනි තත්වයක් ඇති නොවීමට මා දිනපතා අඛණ්ඩව පුරා 18 වසරක් තිස්සේ කරනු ලබන මෙම භාවනාමය ක්‍රියාදාමය විධික්‍රමයක් ලෙස බලපෑ බවත් ඒ හේතුවෙන් එතුමිය සහ මා අතර ක්‍රමානුකූල සන්නිවේදනයක් ගොඩනගා ගත හැකි වූ බවත් මට විශ්වාස කළ හැකියි. ඒ සම්බන්ධයෙන් ඊට වඩා යමක් කීමට එය ආනුභාවික දත්ත ආශ්‍රයෙන් අප සමාජ විද්‍යාවේ ඉගෙන ගනු ලබන කාරණා ආශ්‍රයෙන් පැහැදිලි කිරීමට මට බැහැ. එසේ කිරීමට, එසේ විග්‍රහ කර පෙන්වීමට මා තුළ උනන්දුවක් සහ ආශාවක්ද නැහැ.”

එසේ පවසන මහාචාර්යවරයා වැඩිදුරටත් පවසන්නේ දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා දැනට ප්‍රබල දේවාත්මයක් ලබා සිටින බව තමාට මෙම ගුප්ත ආධ්‍යාත්මික සන්නිවේදන ක්‍රමය තුළින් තහවුරුකරගැනීමට ලැබුණු බවකි. එහිදී මහාචාර්යවරයා මෙසේද කීය,“හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතා පිළිබඳව තවමත් සමාජයේ විවිධ කතිකාවන් ඇති වී තිබෙනවා. ඒ සමහරක් කතිකාවන් මගින් එතුමන්ගේ චරිත ඝාතනය සිදුවන බවක් රහසක් නොවේ. එතුමා මිය යාමට ආසන්න දිනයක එනම් 1993 අප්‍රේල් 30 වෙනිදා කිරුළපන රැස්වීමක දී ඉල්ලා සිටියා ‘අවශ්‍ය නම් මාව ඝාතනය කරන්න. නමුත් මගේ චරිතය ඝාතනය කරන්න එපා!’ කියලා. ප්‍රභාකරන් එතුමා ශාරීරිකව ඝාතනය කළා වගේම අපේම ඇතැම් ජනකොටස් එතුමාගේ චරිතය ඝාතනය කළා; අදටත් ඝාතනය කරනවා.” මහාචාර්යවරයා කීය.

රණසිංහ ප්‍රේමදාස මැතිතුමා සෙසු දේශපාලඥයන් අතුරින් දේවත්වයක් සඳහා උචිත වන්නේ කෙසේද? මම මෙහිදී මහාචාර්යවරයාගෙන් ඇසුවෙමි.

“දේශපාලඥයකු ලෙස ක්‍රියාත්මක වීමේදී පුද්ගලයෙකුගේ සමස්ත ක්‍රියාදාමය තුළ විවිධ චර්යා රටාවන් දැකිය හැකියි. ඒවා හොඳද නරකද කියා නිශ්චිතව තෝරා බේරා ගත නොහැක්කේ ඒවායේ එක්තරා පුද්ගල බද්ධ බවක් පවතින නිසයි. එහෙත් පොදු වශයෙන් මිනිසාට සතුට ලබාදීමට, මිනිසාගේ ජීවිතය උසස් කිරීමට, වැඩි දෙනෙකුගේ අවධානය යොමු නොවූ අතිවිශාල පිරිසකට සෙත සැලසීමට, යමෙකු යම් දේශපාලකයෙකු යම් මෙහෙවරක් කර තිබේ නම් ඒ මෙහෙවර තාවකාලිකව යටපත් කළ ද සදාතනිකව යටපත් කර නොහැකියි.අප රට පාලනය කළ දේශපාලඥයන් අතරින් ‘පොඩි මිනිහා’ යන වචනය වැඩිපුරම භාවිතා කළේ කුමන පාලකයා ද යන්න කාටත් රහසක් නොවේ. එය වචනයට පමණක් සීමා නොකළ ප්‍රේමදාස මැතිතුමා ගම්උදාව, ජනසවිය වැනි දුප්පතුන් නඟාසිටුවීමේ වැඩසටහන් තමන්ගේ දිවි දෙවෙනිකොට ක්‍රියාවට නංවා තිබෙනවා. එය එතුමන්ගේ ආත්මීය මෙහෙවරක් මිස දේශපාලන ක්‍රියාවක් නොවේ. ඊට අමතරව වයස අවුරුදු 16 දී ශ්‍රී සුචරිත ව්‍යාපාරය ආරම්භ කළ එතුමා බුද්ධශාසන අමාත්‍යංශයේ නිර්මාතෘවරයා ලෙසද හඳුන්වන්න පුළුවන්. ඊටත් අමතරව තම ජීවිතයම කලාව වෙනුවෙන් කැප කොට අසරණ වූ කලා කරුවන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් සහ ජීවත්වීමට නිවෙස් නැති කලා කරුවන්ට ‍නිවෙස් ලබා දීමටත් එතුමා පුරෝගාමීව කටයුතු කළා. එහෙත් ඒවා එතුමාගේ ආත්මීය සංකල්ප මිස හුදු දේශපාලනික ක්‍රියාවන් නොවේ. නමුත් විවිධ දේශපාලනික බලවේග මඟින් එතුමාගේ ඒ උතුම් මානුෂික මෙහෙවර යටපත්කොට තිබෙනවා. නමුත් ඒ යටපත්වීම තාවකාලිකයි.

එහිදී ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් අප හමුවේ කරුණු ඉදිරිපත් කළ මහාචාර්ය අමරසේකරයෝ මෙසේද කීහ. ‘මිනිසා කරන යහපත් දෑ මිනිසුන් සහ අදාල පුද්ගලයින් අගය නොකළද එම යහපත් දෑ විශ්වයෙහි එක්තරා තැනක රැඳී පෙරලා ඔවුනට අවශ්‍ය අවස්ථා වලදී ආධාරක බලයක් ලෙස ක්‍රියාත්මක වනවා. එක්තරා අවස්ථාවක එම යහපත් දෑ ඇසුරෙන් හටගත් ඵලයන් ශක්තියක් බවට පත්ව පෙරලා ඔහුගේ චරිතයට හෝ ආත්මයට ආලෝකයක් එල්ල කරනවා. අප විශ්ව ශක්තිය ලෙස දකින්නේ එයයි. මිය ගිය පසු කෙනෙකු දේවතා ස්ථරයට ඇතුලු වීමට එය ප්‍රබල සුදුසුකමක්.

පසුගිය කාලයේ කතරගම ආදී ප්‍රදේශවල ඇතැම් පිරිස් ප්‍රේමදාස මහතා දේවත්වයෙන් සලකා සංහිඳ වැනි දේවල් එළි කොට පුද පිළිවෙත් කළ බවට තොරතුරු තිබෙනවා. ඒ ඔවුනට ලැබුණු ඒ සම්බන්ධ ගුප්ත සංඥා නිසයි. නමුත් ඒවා සමකාලීන දේශපාලන කුණාටු වලට හසුවී සිඳී බිඳී ගොසින්. ඒ අනුව පුද්ගලයෙකු මනින මිනුම් දණ්ඩ ඔහුගේ ගුණය සහ සේවය නොව පක්ෂ දේශපාලනය බවට පත්ව තිබීම නිසා ප්‍රේමදාස මැතිඳුන්ගේ දේවත්වය තවමත් ප්‍රකට වී නැහැ.

නමුත් වර්තමාන දේශපාලන මඩ ගොහොරුවෙන් යටවී ඇති ප්‍රේමදාස මැතිඳුන්ගේ දේවවත්වය නම් නෙළුම් පොහොට්ටුව කිනම් හෝ කාලයක ඒ මඩ බිඳක්වත් නොතැවරී ඒ ගො‍හොරුවෙන් පිටතට පැමිණ මුළු සමාජයම වර්ණවත් හා සුවඳවත් කරන නෙළුමක් වනු ඇතැයි මගේ මවුතුමිය මට අඟවා තිබෙනවා. ඒ අනුව ප්‍රේමදාස මැතිතුමන් අනාගතයේ එතුමන්ගේ උපන්ගම වන හෑගල්ල මුල්කොට ගනිමින් ‘හෑගල්ලේ දෙවියන්’ නමින් හෝ දේවත්වයට පත්වීමට පුළුවන්. එවැනි දේවාත්වාරෝපණයන් (Deification) සම්බන්ධව මානව විද්‍යාත්මක සාක්ෂි තිබෙනවා.

තර්කය, සහ බුද්ධිය සහ දැනුම ඔස්සේ පමණක් ජීවිතය දකින බුද්ධිමතුන් විශ්ව ශක්තිය සහ අධ්‍යාත්මික කාරණා අභව්‍ය මනෝ මූලික කරුණු ලෙස පොදුවේ පිළිගනු ලබනවා. එය කොතරම් දුරට සත්‍යදැයි විමසා බැලීමට මෙමගින් නිහඬ බලපෑමක් ඇති වෙතැයි මා විශ්වාස කරනවා. ඒ නිසාම මෙය තර්කයෙන්, විද්‍යාවෙන් අප විශ්විවිද්‍යාල වලදී ඉගෙන ගන්නා,උගන්වන පර්යේෂණ විධික්‍රමයෙන් මුලුමනින්ම බැහැර වූ කාරණයක් බව ඒ සමඟම කියන්න කැමතියි.”

මෙහිදී තම මෑණියන් වෙතින් ලැබී ඇති ගුප්ත හැකියාව කුමක්දැයි අප මහාචාර්යවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ මාධ්‍ය හමුවේ ඒවා ප්‍රකාශ කිරීමෙන් අනවශ්‍ය ප්‍රසිද්ධියකට සහ සමාජ කතිකාවකට ලක් වීමට තමාට අවශ්‍ය නොවන බවයි. එමෙන්ම තමන් අනාවැකි කියන්නෙකු හෝ ශාස්ත්‍රකාරයෙකු ලෙස කිසිවිටකත් සමාජය හමුවේ පෙනී නොසිටින බවයි. එසේ කී මහාචාර්ය අමරසේකර මෙසේ ද කීය.

“බොහෝ විට තමාගේ යටිසිතේ නිදන් ගත වී ඇති මනෝ මූලික කාරණා හෝ වසර ගණනාවකට පෙර උපවිඥානය හා බැඳුණු අත්දැකීම් මෙලෙස උඩට මතු වන්නේය යන අදහස හැම තැනටම ආදේශ කරන්නට බැහැ. මිනිස් මනැස හා අනන්ත අපරිමාන විශ්වයේ ක්‍රියාකාරීත්වයන් අතර මෙතෙක් හඳුනා නොගත් සබැදියාවක් නැතැයි කිමට කිසිදු විද්‍යාඥයෙකුට බැහැ. ”

එසේ කී මහාචාර්ය වරයා අවසන් මොහොතේ මෙසේද කීය. “මා මේ විද්‍යාවට ගරහනවා නොවේ. විද්‍යාව අපට අවශ්‍යම දෙයක්. හරියට ජලය වගේ. ජලය පානය නොකොට අපට දින තුනකට වඩා ජීවත් වන්නට බැහැ. ඒ වගේම පවිත්‍රතා කටයුතු සම්බන්ධයෙනුත් අපට ජලය අවශ්‍ය වනවා. අප ආශ්වාස කරන වාතයේත් ජල වාෂ්ප තිබිය යුතුමයි. නමුත් අපට ජලය අත්‍යවශ්‍ය යයි කියා ජලාශයක් තුළ ගිලී කොපමණ වේලාවක් ජීවත් විය හැකිද? විද්‍යාව සම්බන්ධයෙනුත් මට කීමට ඇත්තේ මේ ටිකම තමයි.

සහන් සංකල්ප සිල්වා
– lakbima


67,188 Viewers

67 Comments to “හිටපු ජනාධිපති R. ප්‍රේමදාස බලගතු දෙවියෙක් වෙලා..[Photo/Video]”

  1. daminda says:

    2020 janapathiwaranayata pera wadanakkada…?

    • කනිෂ්ක මහාසේන says:

      මොකද්ද මේ වීඩියෝවේ තේරුම ?අපිට ඔය ආචාරි මහතාගේ නිවාසය පෙන්වීමද ?
      මේ කතාවත් හරිම ප්‍රශ්න කාරියි .මොකද මේ කතාව මාද්යට මුදාහැරලා තියෙන්නේ මැයි පළමුවෙනිදා ප්‍රේමදාස අනුස්මරණ දිනයෙදීමයි.මේ මහතා ප්‍රේමදාස පවුලේ හිතවතෙක්ද ?එසේ නොමැතිනම් සජිත් ප්‍රේමදාස unp නායක වේ යයි සිතා කරන ආයෝජනයක්ද මේ ?

      • Hansaya says:

        දිට්ඨ දම්ම වේදනීය කරමය ඇත්ත කියල තේරුම් ගත්තෙ මෙතුමා නිසා. හැට දහසක් තරුනයින් මරා මහ පාරවල් දෙපස ටයර් මත පුච්චා දමා එලෙසින්ම පාරක් මත පිලිස්සී ගිය නිසා.

        මෙතුමා කෙසේ වෙතත් බාබු නම් දිව්‍ය ආත්මයක් ලබල ඇති…

        • මුදියන්සේ මාමා says:

          රණ විරුවන්ට අපහාස කරන්ඩ එපා බොල. රණ විරුවෝ කවදත් තම යුතුකොම මවු බිමට කොරා

    • සිනා says:

      බුත චිත්‍රපටි බලන්න හරි ආසා නිසා හරි බරි ගැහිලා වාඩිවෙලා මේක බලන්න පටන්ගත්තා .ගෙදරට හිමින් හිමින් යන සින් එක හොඳයි ගේත් ටිකක් හොල්මන් පාටයි ඉස්සරහා දොරින් ඇතුළු වෙන සීන් එකත් හොඳයි ඇතුලේ කරුවල නිසා බය වැඩිවෙනවා ඔන්න කට්ටඩියා ඉන්නවා වාඩිවෙලා ස්ත්‍රෝත කියනවා එත් අනේ කිසිම හොල්මනක් ආවේ නෑ නේ .අපරාදේ නාස්ති කරපු කාලේ .ඇත්ත එකක් නැතිනම් අඩුගානේ ඔය ෆොටෝ එඩිට් කරලා මොකක් හරි බෝලයක් දාලා එවුවානම් ජොලියක් තියෙනව පොඩි මාරාන්තික හිනා සද්දයක් එක්ක

      • Vasana says:

        අමරසේකර මහතාව වහාම මානසික රෝහලකට ඇතුල් කලොත් හොදයි …
        විශ්වවිද්‍යාල ,ඉගැනීම ලබමින් සිටි .තරුණයන්, භික්සුන්වහන්සේලා දහස් ගණනක් පාතාල කාරයන් ලවා මරාදැමූ මේ දුෂ්ට පාලකයා කෙසේද දෙවියකු වන්නේ ? LTTE ත්‍රස්තවාදීන්ට වන්නියට ඒමට සහය දුන්නේ මේ නිවට ප්‍රේමදාස යි
        ලංකාවේ සර්වාමගික උමතු අදහස් පතුරවා බුදුදහමට විරුද්ධව අන්‍යාගමිකයන්ට රටේ ආගමික බලය ලබා දුන්නේ මේ පුද්ගලයා යි
        ප්‍රේමදාස යමපල්ලෙක් උනා හෝ භූතයෙක් ,යක්ෂයක් උනා කිව්වානම් අමරසේකර මහතාගේ අදහස පිළිගන්න තිබුනා …

    • කොලු ගැටය says:

      තුක් නොදකින් මූසලය …. ඕක දැන් මලපෙරෙතෙයෙක් වෙලා ඇති… ආචාරියාගේ මොලේ ෆුල් අවුල්

  2. asoka says:

    ඉතින් බන් මුන් විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවේ 225ම ජීවත්වෙලා ඉන්නකොටත් ගසාකන වරප්‍රසාද බැලුවම දෙවිවරු වගේනේ හැසිරෙන්නේ. මුන්ට නීතියක් කියලා දෙයක්වත් නැහැනේ. මේ දෙවිවරු හොයාගන්න පොරවල් අනෙස්ලි බර්ටි සැමුවෙල් පරාදයිනේ. ඉතින් බන් උඹලගේ රටක් දියුණු වෙයිද ?

  3. Saman says:

    Unp eka hodayi ekada me kiyanne. …

  4. Boogy says:

    Rob and murder you will be born a God. Our universities are turning into lunatic asylums just like the main asylum at Diyawanna

  5. Miti num security says:

    Ithin puluwanne lesiyenma puthata merate Janadhipathikama aran dhenda.

  6. nipun says:

    you are correct daminda.preparing back ground for 2020.

  7. Kris says:

    ජීවත්ව සිටින කාලයේදි දහස් ගනන් ජීවිත වලට වග කිවයුතු මේ කතාවස්තුවෙ නයක තුමා ඔහුට සුදුසු ආකාරයට මියගියා. මේ කතාව කියන එකාට මොලෙත් කලදක් වත් තිබුනානම් මීට වඩා හොද උදාහරනයක් අරගෙන එන්න තිබුනා. කරුනාකරලා මුදල් ගෙවා ප්‍රචාරය කරන දේවාල වල දෑන්වීම් දාන්න එපා

  8. මහාචාර්ය දයා මහතා, අනිවාර්යයෙන් මනෝවෛද්‍ය වරයෙක් හමුවන්න

  9. Asoka says:

    මහාචාර්ය සරත් විජේසූරිය, ආචාර්ය මර්වින් සිල්වා, ආචාරය හර්ෂ ඩි සිල්වා වැනි අග්‍ර ඝනයේ උත්තම පුරුෂයන් හා සම වැන්නෙක් තමා මහාචාර්ය දයා අමරසේකර. වැඩිය වැස්සට තෙමිලා ඉතාම හොඳට තිබෙන මොලේ නරක් කර ගන්න එපා මහාචාර්ය තුමෝ.

  10. රත්නසේන says:

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය දයා අමරසේකර මහතා භීන්නොන් මාදය නැමැති මානසික රෝගයෙන් (Schizophrenia) පෙලෙන බව අනුමාන කළ හැක. මෙම රෝගයෙන් පෙලෙන අය විවිධ අද්භූත දේවල් සමග සන්නිවේදනය කරයි – තමන් එසේ සන්නිවේදනය කරන බලවේග ජීවමානව සිටින බව තදින්ම විශ්වාස කරන අතර එසේ සිටින බවට තර්ක ද ඉදිරිපත් කරයි. ඔවුන් ගේ හැසිරීම සාමාන්‍ය වන අතර ගැටළු ඇතිවන්නේ ඔවුන්ගේ සිතුම් රටාව සහ මානසික ක්‍රියාකාරිත්වය තුලයි. බුදුන්වහන්සේ සමග කථාකරන අය ද, කතරගම දෙවියන් සමග අහසේ ඇවිදින අයද, කාලි මැනියන් ගේ පුතා යැයි හඳුන්වා දෙන අය ද අංගොඩ මානසික රෝහලේ දි දැක ගත හැකිය. මේ අය ගේ රෝගය නිශ්චය (Diagnosis) කල හැක්කේ පල-පුරුදු මනෝ-විද්‍යාඥයෙකු හෝ මානසික වෛද්‍යවරයෙකුටයි. රෝගියා කිසිවිටක තමන්ට රෝගයක් තිබෙන බව පිලිනොගැනිම මෙම රෝගයට ප්‍රතිකාර කිරිමේදි ඇති වන බරපතල ගැටළුවයි. සමාජයේ ඕනෑම තරාතිරමකම අයෙකුට මෙම රෝගය ඇති විය හැක ඊට විවිධ හේතු බලපැ හැක. (ගුගල් එකට ගොස් Schizophrenia යැයි සර්ච් කිරිමෙන් මේ ගැන බෝහෝ තොරතුරු සොයාගත හැක) – මහාචාර්ය දයා අමරසේකර මහතාට අපහසයක් ලෙස මෙය නොලියු බව සලකන්න – ලංකා සී නිවුස් පාටකයෙකු සේ අදහස් දැක්වීමක් පමණක් බව සලකන්න.

  11. Walpita says:

    මේකා අමු පිස්සෙක් මුගේ මහචාර්‍ය කම බල්ලෙක්ගෙ කරේ බදින්න ඕන

  12. shantha kuru says:

    marapu minisun hindaa devi kenek – richard de zoysa ge meniyangen ahanna

  13. Asaranaya says:

    මේකා මළපෙරේත කුම්බාන්ඩයෙක් වෙලා , දයා අමරසේකරට ඒකා වැහීලා

  14. RR, Canada says:

    මීට වසරකට දෙකකට පෙර එක්තරා බවනායෝගී ස්වාමින්වහන්සේ කෙනෙක්ගේ ලිපියක්ලිපියක් මට කියවන්නට ලැබුනා .එහි නොයෙකුත් බවන ඇත දැකීම සහ බවන උපදෙස් ලබාදී තිබුනා .එය ලිපි පෙළක් .එහි තිබුන නොයෙකුත් ගන්දබ්බ අවස්ථාවේ සිටින්නන් කුමක් හෝ භවයක් ලබා ගැනීමට පොරකන අතර එය නොහැකි වූ විට මහා ශබ්දයෙන් විලාප දෙමින් වෙනත් අතක භවයක් ලබා ගැනීමට උත්සහ ගන්න බව.එක ලිපියක තිබුන ලංකාවේ රාජ්‍ය නායකයකුව සිටි කෙනෙක් තමන් විසින් කරන ලද අපරාද හේතුවෙන් සහ මිනි මැරීම් හේතුවෙන් මිනිස් භවයක් තබා තිරිසන් ආත්ම බාවයක් හෝ ලබා ගත නොහැකිව විලාප නගමින් සිටින බව . බුදු දහමට අනුව උන් වහන්සේ කියපු දෙය සියයට සියයක් ගැලපෙනවා .මේ ලිපියේ තිබෙන දෙය විහිළුවක් පමණයි

  15. Asoka says:

    ඩඩ්ලි සේනානායක මහත්මය ගැන වත් කිව්වා නම් පොඩ්ඩක් විතර හිතන්නට යමක් තියෙනවා

  16. මනෝවෛද්‍ය says:

    මූ බූරු මොලයක් තියෙන කට්ටන්ඩි කම ගෑන මහ ආචාරියෙක්

  17. ඔව් මගේ දෙය්ය says:

    ඒ නිසාමදෝ මැයි දිනෙත් කල් දැම්ම නෙ?පුතණ්ඩියා එකට. ගැඩවීලෙක් වගේ.කැපෙන කැපෙන පැත්තට ඔලුව හරවනවා.

  18. දෑක්ක බං මාත් දැක්කා says:

    දෑක්ක බං මාත් දැක්කා. අතේ මුද්දත් තිබුනා.

    • Asitha says:

      I too saw him waving a handkerchief giving a signal to accept and take him to heaven but unfortunatly he has being sent to hell instead.This so called professor would have seen him there…Good marketing strategy to bring
      Security/Kamkaru to the forefront for 2020.

  19. FREE says:

    මහාචාර්‍යය දයා අමරසේකර මහතාණනි,ඔබට ඕනෑම දෙයක් හිතන්නට කාගෙන්වත් අවසර උවමනා නැත​. එහෙත් හිතෙන හිතෙන දේ විවෘත සමාජයට කියන්නට ඔබට බලපත්‍රයක් දී නැත​.කරුණාකර භාවනානුයෝගීව හිඳ හිත එකලස් කර ගනු මැනවි.සැමට තේරෙන භාෂාවෙන් කිවහොත් ඔබ මානසිකව මඤ්ඤං වී ඇත​.

  20. Dr Pissa - Angoda Hospital says:

    Oya kiyapu ekava “Angoda Manasika Rohalata” yavanna kavuruvath nadda?

  21. Nandasoma Suriyaarachchi says:

    ඉතින් බන් මුන් විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවේ 225ම ජීවත්වෙලා ඉන්නකොටත් ගසාකන වරප්‍රසාද බැලුවම දෙවිවරු වගේනේ හැසිරෙන්නේ. මුන්ට නීතියක් කියලා දෙයක්වත් නැහැනේ. මේ දෙවිවරු හොයාගන්න පොරවල් අනෙස්ලි බර්ටි සැමුවෙල් පරාදයිනේ. ඉතින් බන් උඹලගේ රටක් දියුණු වෙයිද ?

    මහාචාර්ය දයා මහතා, අනිවාර්යයෙන් මනෝවෛද්‍ය වරයෙක් හමුවන්න

  22. FREE says:

    අපි දන්න තරමින් නම් මෙච්චර කල් උන්නෙ දෙවියො තිස් තුන් කෝටියයි.ප්‍රේමදාස දෙයියොත් එක්ක දැන් ඒක තිස් තුන් කෝටි එකක් වෙනව​.
    ඉස්සරහට තව වැඩි වෙයි?ඒ කියන්නෙ වෙන්න ඉන්න දෙවිවරුත් එක්ක..
    රනිල් දෙයියො?
    සිරිසේන දෙයියො?

  23. hina says:

    desapaluwek deiyek wei kiyala hithana newe kiyana gon harak innawane….

  24. Niru says:

    Looks like this god is supporting the two bank robbers and not his son.

  25. Hewage says:

    With immediate effect this person must be sacked from University service and send to mentle hospital for treatments. Can a educated person behave like this to gain after Sajith come to power. Shame shame academia. It is better to recheck this man qualifications and books. Just rubbish.

    • Critic says:

      I agree with you, Hewage. Ps note that the stupid Pro’s statement is only for fools in SL, and for political gains.

  26. ExUNPer says:

    Yes, Hon Ranasinghe Premadasa is a ‘god’ compared to ( most) present days politician dogs who would ignore the country for foreign dollars, luxuries, and staying in power.
    There is a clear distinction between them: Hon Premadasa was a true patriot, who honestly dedicated his time and energy for the betterment of the country ( though he had occasionally made notable mistakes). Current politicians are nowhere close to him.

    • bombili says:

      True patriot – my foot
      this A—–e killed that innocent journalist who photographed the skimpy wife playing tennis, Kobbekaduwa, Kumaratunga, Ranjan W… any one he thought could be future threat .

      Proud he came from a humble beginning but ended with so much of wealth, son go round temples distributing 50k each!
      Stole artifacts of Temple trees & some sold in London.

      NUTTY PROFESSOR – PLEASE DO NOT DISGRACE TRUE GODS

    • ExUNPer says:

      Being a Professor he should have been more careful when making these statements. He should be able to give sufficient evidence, and answer the questions raised by an open audience.
      Looks like he has crossed the lines.

  27. Bandara says:

    මටත් හිතෙනවා 60000 ක් විතර පරලොව යවන්න , එතකොට ෂුවර් එකටම දෙවියෙක් වෙන්න පුළුවන්.

  28. climax says:

    This is Bullshit

  29. simion says:

    අවුලක් නැහැ..මේ කතාවේ සත්‍යක් නැත්තෙත් නෑ…දැන් ඉන්න දෙවිවරු බොහොමයක් මේ වාගේ උන්නාන්සේලා නොවැ…අපි අපේ තරහ කාරයෙකු විනාශ කරන්න පලි ගහන්න ඕන උනාම කොහාටද දුවන්නේ?..එක්කෝ කතරගම, නැත්තම් සීනිගම, මෝදර, කාලි අම්මා, හලාවත ආදී මෙකී නොකී දේවාල වලට..ඒවා අරක් ගෙන ඉන්නේ බොහෝම බල සම්පන්න අති භයානක දෙවි උතුමන්ලා..ඉතින් මෙතුමාටත් සියලු සුදුසුකම් සපුරා තියනවා ඒ මොඩල් එකේම බලසම්පන්න දෙවි උතුමෙක් වෙන්න..කෙසෙල්වත්තේ දේවාලේ කියලා දේවාලයක් හදා ගත්තානම් ආයේ කියලා වැඩක් නැහැ සල්ලි උතුරාවි..ඔන්න සජී බබෝ නියම චෑන්ස් එක..

  30. Nagasena says:

    Prof. Amarasekara was follower of Mr. Sajith Premadasa and he is trying safe guard his fathers name through Prof. What we understood is former president is in the hell not in the heaven.

  31. Pal says:

    Indian Campaign has begun.
    India and other groups want the next steps to happen. RW is outdated and you can’t sell sirisena also. This seems to be their next strategy.
    Be on the look out JO.

  32. nimal says:

    මෙන්න අපේ මහාචාර්යවරු. විශ්ව විද්‍යාලයෙන් අයින්වෙලා දේවාලයක් හදාගන්න හැගල්ල පැත්තෙන්. ප්‍රේමදාස දෙවියෝ වඩී

  33. විමුක්ති says:

    දෙවියෙක් කෙසේ වෙතත් බහිරවයෙක් නම් වෙලා ඇති කඩපු නිධන් ගානෙ හැටියට.

  34. WEJEWEERA says:

    JR, DS, Dudley ,SWRD inne koheda ?

  35. Rasika says:

    Meya rewatila inne. JR inne avichi maha narakaye, Premada me wenakota inne Thirisan Apaaye. Lalith, Gamini denna me welaawe inne…Nimmana rathi dewlowa…….Namuth mewa onama mohothaka wenas wenna puluwan…………..

  36. Ranjith says:

    Mr. Ratnasena has mentioned about the sickness. Authorities in the UGC must look into this. Our universities will become a laughing stock in other countries.

  37. Sam Wijetunge says:

    Mahacharaya thumagen igena ganna lamaintath deiyangema pihitai. Lankawa vage ratak haadama ” Sanwardanaya wemin pawathina ratak vena eka pudumayak nevei.

  38. podi hamuduruwo says:

    මහාචාර්ය දයා මහතා, අනිවාර්යයෙන් මනෝවෛද්‍ය වරයෙක් හමුවන්න. මේකා මළපෙරේත කුම්බාන්ඩයෙක් වෙලා , දයා අමරසේකරට ඒකා වැහීලා

  39. Pedro says:

    MUNTA PISSU. DUE TO PREMADASA DID TO YOUNGSTERS. TODAY PREMADASA RE-BORN AS A ” GARADIYA “. HE IS A SUCH A DIRTY PERSON.

  40. ගම්ස් says:

    දෙයියා මයි ඈස්

  41. What a pity!!! Is this a proffesor?

  42. waruna says:

    kattiyatama hodatama wayar kiyalanam peenawa. campus hitiyath mahacharya waraya angoda yawanna watinawa.

  43. poduminisa says:

    ප්ප්හැත්

  44. Sadda says:

    මානසික රෝගියෙක්ද කොහෙද .සජිත් ගාණක් අත යට දුන්නවත්ද?.

  45. Kadiya says:

    JR ගෙන් බලෙන් ජනාධිපති අපේක්‍ෂකත්වය අරගෙන ජනාධිපති වෙන්න අපමණ සංක්‍යාවක් මරල පාරවල්වල පුච්චපු, මහජන මුදල් තම උපන්දින සමරුව ගම් උදාව නමින් රුපියල සතේට වියදම් කරපු, පුතාට රටේම නිදන් ගොඩදාන්න නොනිල බලපත්‍රයක් දීපු, රාජ්‍ය දේපල තම හව්ල්කරුවන් හරහා කොල්ලකාපු ගම් උදාව නමින් සියලුම කොන්ත්‍රාත්තු තම හෙන්චයියන්ට ලබාදුන්න රණසිංහ ප්‍රේමදාස. පවුලේ ඉතිහාසය අලුතෙන් ලියපු මහම බොරුකාරය බව “පියගම” පැරැන්නෝ ලුණු ඇඹුල් ඇතිව කියා දෙනවා. මේකප් නැතිව මොහු දුටුවොත් පන්සල් වල විහාරගෙවල් වල තියන යම රජු මතක් වෙනවා. ලෝරන්ස් පොලිසිය ඒ කාලේ භයානක මතකයක්. ඇඟලුම් කර්මාන්තශාලා තනිකරම රජයේ මුදලින් තම හිතවතුන්ට ඇඟලුම් කර්මාන්තශාලා ආරම්භකරන්න දුන්න අවස්ථාවක්. ප්‍රේමදාස යමපල්ලෙක් උනා හෝ යම රජු උනා කිව්වානම් යන්තම් හරි ඇත්ත කියා හිතන්න පුළුවන්. මේ මහාචාර්යවරයා නම් කරන්නේ කොන්ත්‍රාත්තුවක්.

  46. Love nature says:

    දවසක් මානසික රෝහලට. යද්දි ගැහැණු කෙනෙක් වාට්ටුව වටේට යනවා ලු පොඩි ළමයි කුරුල්ලෝ පියාඹන විදිය අනුකරණය කරන විදියට. අත්දෙකත් දෙපැත්තට ව්හිදුවාගෙන බෙල්ල එක පැත්තකට ඇලකරගෙන වාට්ටුව වටේට යනවා ලු… ඩොක්ටර් ඇවිත් ඇහැවුවාලු….
    ආ… ගුඩ් මොර්නිං මිස්… අද කොහෙද ගියේ, සිරි පාදේ පැත්තේ ගියා ද … කියලා.
    ඔව් ඩොක්ටර් අද උදේන්ම සිරී පාදේ වැන්දා… අවේ මේ පැත්තෙන් ගියේ අර පැත්තෙන් කියලා ලොකු ගමන් විස්තරයක් කියල… ” ඉස්සර නම් මම මෙහෙම නැ ගොඩා..ක් උඩට පියාඹනවා… දැන් සනීප නැ නේ.. එක නිසා ඒක නිසා වැඩිය උඩට යන්න එපා කියල ඩොක්ට කිවුව.

    මේ වගේ මානසික රෝගියන් විශ්ව විද්‍යාලයේත් ඉන්නවා

  47. Ranjith says:

    hitapu kaale karapu aparaada..minimerum… kochcharada.. deviyek wennama epeeye… meeka kiyana ekaath pissek wenna ethi

  48. PIN PAPPA says:

    I AM 100% SURE THAT PREMADASA SHOULD BE RE-BORN AS MALA PRETHAYA. BECAUSE HOW MANY PEOPLE HE ORDERED TO KILL.BETTER THIS PROFESSOR HAVE TO GO TO ANGODA. I DO HOPE HEMA PREMADASA MAY PROMISED SOME THING TO THIS PROFESSOR.

  49. C. Kandana says:

    අපිටත් ලොකු හයියක්. අපි අතින්වෙලා තියෙන පව් වලට මං බයේ හිටියෙ අපායෙ යන්න වෙයි කියල. දැන් බයක් නෑ අපිටත් දෙයියෙක් වෙන්න පුළුවන් ෂුවර් එකට.

  50. Shiromani Manage says:

    There is Pramadasa’s son, useless to the core. Sajith is a dumb idiot a disgrace to his father a truly great man.

    If Hema or Dulanjali came to politics instead of Sajith they would have carried on with true Premadasa principles.

    Again, Sajit is so dumb he tries to imitate his father and each time he fumbles

  51. නිළමේ says:

    යකෝ මිනීමරුවොත් එහෙනම් දෙවියෝ වෙනවා නම් මොකක්ද බුදු දහම කියන්නේ, නිකං ගොං ටෝක් එපා මනුස්සයෝ!

  52. Ranarala says:

    mooth harsha silva sarath wijesuriya wargaye moda mahachariyek.

  53. NAK says:

    Apey ratata wela thiyena heney oka thamai. Aachariyo wedi denekge oluwa koloppan!!!

Main News