හින්දු කෝවිල්වල සත්ව බිලි පූජා තහනම් කෙරේ.. කැබිනෙට්ටුවේ අනුමතයි..

September 11, 2018 at 1:20 pm | lanka C news
හින්දු කෝවිල්වල සත්ව බිලි පූජා තහනම් කෙරේ.. කැබිනෙට්ටුවේ අනුමතයි..

හින්දු කෝවිල් තුල හෝ එහි සිමාව තුල සිදුකරන සත්ත්ව සහ පක්‍ෂි බිලිපුජා තහනම් කිරීමට රජය තීරණය කර ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

කෝවිල් පරිශ්‍රය තුල සිදු කරන සත්ත්ව සහ පක්ෂි බිලි පුජා තහනම් කිරීම් සඳහා නෛතික විධිවිධාන ස්ථාපිත කල යුතු බවට අමාත්‍ය ඩි. එම්. ස්වාමිනාදන් මහතා විසින් කල යෝජනවකට අනුව මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසුවේය.

අදාල යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති අතර ඊට අනුකූල වන පරිදි නීති කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත නියම කිරමට කටයුතු කරනු ඇති.

හින්දු ආගමේ නාමයෙන් කරගෙන යනු ලබන සත්ත්ව හිංසාව නියාමනය කිරීමට ආයතන ගත ව්‍යුහයක් නොමැති අතර කෝවිල් පාලනය තනි පුද්ගලයෙකු හෝ ජනතාව විසින් පත්කළ කළමනාකරණ මණ්ඩලයක් විසින් මෙහෙයවනු ලබයි.

සත්ත්ව බිලි පුජාව හින්දු ආගමේ පුරාතන ක්‍රමයක් වුවද බහුතර හින්දු ආගමිකයන් මෙම ක්‍රමය පිලි නොගන්නා අතර සත්ව බිලි පුජා තහනම් කිරීමත් දඩුවම් පැමිණවිය හැකි වරදක් ලෙස නීතිගත කිරීමත් සිදු කල යුතු බවට හින්දු ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ ශ්‍රී ලංකාවේ හින්දු සංගම් වල මතය වී ඇති බව රාජ්‍ය අමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

– Media Unit

9,199 Viewers

9 Comments to “හින්දු කෝවිල්වල සත්ව බිලි පූජා තහනම් කෙරේ.. කැබිනෙට්ටුවේ අනුමතයි..”

  1. Nilantha says:

    එතකොට තම්බියෝ හරක් මරණ එක…

  2. Shan says:

    හින්දු කෝවිල් වල වගේම මුස්ලිම් පල්ලි හා නිවාස වල කරන සත්ව බිලි පුජාත් නතර කලොත් මොකෝ ඔහොමම…

    • Rfggh says:

      ඒගොල්ලො කැමති නිසා තහනම් කරන්න පුළුවන්.. ඒ අය අකමැතිනම් … නගුට අර කොහෙද ගහගෙන දෙකට නැවිලා සද්ද නැතුව ඉදී .. ඒක නිසා ඒ වැඩේ හරි යන්නේ නෑ යාලු

  3. Love nature says:

    All beings-human or beast-

    Love life and hate to die.

    They fear most the butcher’s knife

    Which slices and chops them piece-by-piece.

    Instead of being cruel and mean,

    Why not stop killing and cherish life?

  4. Roshan says:

    Yes let’s stop everything.
    Everything means everything.
    Everything harak fish chicken goat

  5. අතුලසෞදි says:

    සියළුම හිංදු භක්තිකයන්ට මාගේ හදපිරි ගෞරවය සිරස නමා පුදකරමි.
    පුරාතනයේ සිට පැවත එන මෙම ක්‍රමය ප්‍රතික්ෂේප කිරීමට තරම් දියුණු මනසක් සහ අවිහිංසාවාදී ප්‍රතිපත්තිය ,ආගමේ නාමයෙන් සත්ව ඝාතන සිදුකරන සැමටම හොඳ ආදර්ශයකි .

  6. Leon Ma says:

    Why only in Hindu kovils ? Don’t these eunuchs have back bones to ban the innocent animals killed by that socalled Allah’s followers.?

Main News