හිරුණිකා එජාපය විනාශ කරනවා.. කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ..- එජාපය මාධ්‍ය හමුවක

May 20, 2018 at 11:20 am | lanka C news
හිරුණිකා එජාපය විනාශ කරනවා.. කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ..- එජාපය මාධ්‍ය හමුවක

‘රත්මලාන ආසනය 2015 ජනාධිපතිවරණයේදී එජාපය ඡන්ද 27000 ක්‌ ගත්තා. මහ මැතිවරණයේදී ඡන්ද 26000 කට අධික ප්‍රමාණයක්‌ අරගෙන ජයග්‍රහණය කළා. ඒ සංවිධායකවරයකු නැතිව. සංවිධායකවරියක ඉඳලා පළාත් පාලන මැතිවරණයේදී ගත්තේ ඡන්ද 17000 යි. දැන් කොට්‌ඨාස සංවිධායකවරුන් 14 දෙනාගෙන් 12 දෙනෙක්‌ම අයින් කරලා. හිරුණිකා මේ කරන්නේ පක්‍ෂය විනාශ කිරීමක්‌. අද රත්මලානේ එජාපයේ අපිට වෙලා තියෙන්නේ කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්ත වගේ දෙයක්‌” යෑයි දෙහිවල ගල්කිස්‌ස එජාප හිටපු නාගරික මන්ත්‍රී විපුල ගුණතිලක මහතා පැවසීය.

රත්මලාන ආසනයේ එජාපයෙන් ඉවත් කරන ලද කොට්‌ඨාස සංවිධායකවරුන් 12 දෙනකුගේ සහභාගීත්වයෙන් රත්මලානේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ගුණතිලක මහතා මේ බව පැවසීය.

මෙහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ගුණතිලක මහතා –

රත්මලාන කියන්නේ ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා වගේ උගත් බුද්ධිමතුන් හිටිය ආසනයක්‌. මෙතැන ඉවත් කරල ඉන්න කොට්‌ඨාස සංවිධායකවරු බොහොමයක්‌ එදා ඉඳලා පක්‍ෂයට කැපවෙලා වැඩ කරපු මිනිස්‌සු, තමන්ගේ තරුණ කාලය පක්‍ෂය වෙනුවෙන් කැපකරල වැඩ කරපු මිනිස්‌සු. ඒ අය අයින් කරනව කියන්නේ පක්‍ෂය විනාශ කිරීමක්‌. ඒ නිසා අපි පක්‍ෂ නායකත්වයෙන් ඉල්ලන්නේ මේ සංවිධායකවරිය රත්මලානෙන් ඉවත් කරන්න. ඉදිරියට තවත් මැතිවරණ කිහිපයක්‌ එනව ඒවට අපි මුහුණ දෙන්න ඕන. මනුෂ්‍යත්වය හඳුනන්නේ නැති, කේලම් අහන, මුදලට යටවෙලා ඉන්න අය එක්‌ක අපි වැඩ කරන්න සූදානම් නැහැ. පක්‍ෂය හැර යන්නේ නැහැ.

දෙහිවල, ගල්කිස්‌ස මහනගර සභාවට මෙවර ලැයිස්‌තුවෙන් 4 දෙනෙක්‌ පත් කළා. අඩුම තරමේ පක්‍ෂයේ සම්මුඛ පරීක්‍ෂණයටවත් සහභාගී නොවුණ අයයි පත් කරල තියෙන්නේ. පක්‍ෂයේ නිර්නායකයන් තිබියදී අකුරක්‌ ලියන්න බැරි, කොලයක්‌ බලාගෙන කියවන්න බැරි, දෙවැනි කැලෑසිය සමත් අය පත් කරල තියෙන්නේ. ඩීසල් හොරකම් කරල අහුවෙච්ච අය පත් කරල තියෙන්නේ. පැරණි එක්‌සත් ජාතික පාක්‍ෂිකයන්ව කපාදාලා, මේ පත්කරපු අය පසුගිය ජනාධිපතිවරණයේදී, මහ මැතිවරණයේදී කොහේද හිටියේ. කාටද වැඩ කළේ මේව පක්‍ෂය දන්නේ නැහැ.

ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාගෙන් පස්‌සේ රත්මලානට එජාප සංවිධායකවරු කිහිපදෙනෙක්‌ ආවා. සැම්සන් සිල්වා, ශ්‍රීනාත් පෙරේරා, උපුල්ශාන්ත සන්නස්‌ගල, මේ අය ආසනය දාලා ගියා. ඒ වගේම මොහාන්ලාල් ග්‍රේරු මහත්තය ඇවිත් අපිව අසරණ කරල, දෑත් ශක්‌තිමත් කරන්න ගියා. දැන් ඉන්න අයත් යාවි. ඒත් රත්මලානෙ එජාප අපි තවමත් ඉන්නව. ඒaක කවුරු කවුරුත් හොඳට මතක තියාගන්න ඕනෑ. වසන්ත කුමාර මහතා ද කතා කළේය.

මෙහිදී එජාප කොට්‌ඨාස සංවිධායකවරුන් ලෙස සිටි අකිල බණ්‌aඩාර, නලින් සමන්ත, උදිත ඉරෝෂන් යන අය ද අදහස්‌ දැක්‌වූහ. ඉවත් කළ එක්‌ සංවිධායකවරයකු හැර සෙසු සියලු දෙනා සහභාගි වී සිටියහ.

– divaina

29,144 Viewers

6 Comments to “හිරුණිකා එජාපය විනාශ කරනවා.. කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ..- එජාපය මාධ්‍ය හමුවක”

  1. David Milli-banda says:

    Hirunicker Mahinda mama wath keewa oi !!!
    Nishabda weyalla.

  2. Niru says:

    No wonder. Those who are still with UNP like these donkeys are idiots and in Sinhala they are Kalakanniyas.

  3. කොළඹ හාදයා says:

    නෑ ආයිබොවං කැහි ගෑනි දීල වේ_ ගෑනි ගත්ත වගේ.

  4. Mette Uda Vushanika says:

    Thopi wage thawamath thirisanage(aliyage) pakshe Inna Sinhala kalakanni wal parayinta kiyanna thiyenne punnakku kapiya kiyala.

    Thope vushana metta uda thiyala Vushanika nonata kiyala mirika ganilla.

  5. Duminda says:

    Okata kiyanne…Wrushana kosha dela yoniya gattha wage kiyala

Main News