ස්ථානමරුව තාවකාලිකයි.. මං ආපහු මෙතනටම එනවා..- DIG නාලක සිල්වා TID නිලධාරීන් අමතමින් කියයි.. (හිරේ යාමක් නෑ..)

September 19, 2018 at 10:00 am | lanka C news
ස්ථානමරුව තාවකාලිකයි.. මං ආපහු මෙතනටම එනවා..- DIG නාලක සිල්වා TID නිලධාරීන් අමතමින් කියයි.. (හිරේ යාමක් නෑ..)

තමන්ගේ ඉවත්වීම තාවකාලික බවත් නැවතත් මෙතනටම එන බවත් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශ නිලධාරීන් සමග පවසා ඇතැයි ලංකාදීප පුවත්පත සදහන් කරයි.

ත‍්‍රස්තවාදී විමර්ශණ කොට්ඨාශයෙන් ස්ථාන මාරුවීම ලැබීමෙන් පසු තම කාර්යාලයෙන් පිට වී යෑමට පෙර නියෝජ්‍ය පොලිස්පතිවරයා කොට්ඨාසයේ සියලු නිලධාරීන් කැඳවා ඔවුනගෙන් සමගම ගනිමින් එසේ පැවසූ බව අද ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය සිදු කළේ යැයි එල්ලවූ චෝදනා මත ඔහු ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ සිට තොරතුරු තාක්ෂණ කොට්ටාශය වෙත මාරුකර යවා තිබේ.

ඉහත ප‍්‍රකාශය අනුව හැගී යන්නේ අදාල චෝදනාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයා නීතිය හමුවේ දඬුවම් කිරීමට ලක් නොවන බව විශ්වාසයකින් අදහස් පල කර ඇති බවකි.

12,496 Viewers
Main News