හිරේ යවනවාට බයේ රජයේ නිලධාරින් මිනි පෙට්ටි වවුචර පවා අත්සන් නොකරයි.. කොස්ගම සාලාව, අරනායක සාමසරකන්ද මෙතෙක් වන්දි ගෙවා නෑ..

April 17, 2017 at 4:40 pm | lanka C news
හිරේ යවනවාට බයේ රජයේ නිලධාරින් මිනි පෙට්ටි වවුචර පවා අත්සන් නොකරයි.. කොස්ගම සාලාව, අරනායක සාමසරකන්ද මෙතෙක් වන්දි ගෙවා නෑ..

රටේ විපතක් වූ අවස්ථාවක රජයේ නිලධාරින දක්වන දායකත්වය ඉතා පහල මට්ටමේ පැවතීමට ප්‍රධාන හේතුව දේශපාලන නායකත්වය විසින් දෙනු ලබන තීරණයන් ක්‍රියාත්මක කිරීමට ගොස් අනාගතයේදි FCID පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය හරහා රිමාන්ඩ් ගත වෙයි යන බිය නිසා එම නියෝග මගහැර යාමේ ප්‍රතිපත්තියකට රජයේ නිලධාරින් පැමිණ ඇති නිසා බව වාර්තා වෙයි.

පසුගිය කාලයතුල රජයේ නිලධාරින් අති විශාල පිරිසක් FCID වෙත කැදවා ප්‍රශ්න කිරීම මෙන්ම අමාත්‍යාංශයවල හිටපු ලේකම්වරුන් කිහිප දෙනෙකුම මාස ගනනක් රිමාන්ඩ් ගත කොට තැබිම, හේතුවෙන් සමස්ථ රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරින් ඉහළ සිට පහළට දේශපාලන නායකත්වය දෙන තීරණයන් සමහර අවස්ථාවන්වල ගනන් නොගන්නා තත්ත්වයකට පත්ව ඇති අතර බොහෝ අවස්ථාවන් වල ජනාධිපතිවරයා සහභාගිවන රැස්වීම් පවා මග හැර තීරණයන් ගැනීමට නොහැකි කනිෂ්ඨ නිලධාරියකු එම රැස්වීමට සහභාගි කරවීම වනවිට පුරුද්දක් කරගෙන සිටී.

පසුගිය කාලයේදී සිදු වු කොස්ගම ශාලව යුද හමුදාවේ අවි ගබඩාව පුපුරා යෑම නිසා මෙන්ම අරනායක සමසර කන්ද නායා යෑම නිසා ජනතාවට වූ දේපල හානිය වෙනුවෙන් තවම නිසියාකාරව වන්දි ගෙවා නැති බැව් එම ප්‍රදේශවාසින් විසින් අදාළ බලධාරීන් වෙත නිතරම පැමිණිලි කරයි.

8,804 Viewers

5 Comments to “හිරේ යවනවාට බයේ රජයේ නිලධාරින් මිනි පෙට්ටි වවුචර පවා අත්සන් නොකරයි.. කොස්ගම සාලාව, අරනායක සාමසරකන්ද මෙතෙක් වන්දි ගෙවා නෑ..”

  1. Public Servant says:

    This is very true. There was cases even Auditor Genral clear cases also ckook up by the FCID and AG Dept. and jail officers for performing their duties. So, How can Staff Grade Public Servants perform their duties ?

  2. Niru says:

    What is happening to our country. We suffered 30 years of war and then handed it over to a bunch of nitwits who only to spend money on themselves. We are in a terrible mess.

  3. සිසිර says:

    කුමට කියනවද රාජ්‍ය පරිපාලන ේවකයන් ගැන. ොං රංජා පුා.ලේකම් තුමිය ට හෙන ගහනවා කියලා සද්දෙ දැම්මා ම වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නව කියල බල්ලො වගේ වෙනදටත් වඩා නියමෙට බයට වැඩ කරා.

  4. podi gamaya says:

    all these ministers are keen on their main project FCID. others are nothing for them.

Main News