හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය අප්‍රේල් මස 16 අත්තනගල්ල පුරාණ රජමහා විහාරස්ථානයේ දී…

April 16, 2018 at 2:07 am | lanka C news
හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය අප්‍රේල් මස 16 අත්තනගල්ල පුරාණ රජමහා විහාරස්ථානයේ දී…

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සංවිධානය කරනු ලබන හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය කථා නායක කරූ ජයසූරිය මහතාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අත්තනගල්ල පුරාණ රජමහා විහාරස්ථානයේ දී අප්‍රේල් මස 16 වන සදුදා දින පෙරවරු 10.16 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සිංහල සහ හින්දු අලුත් අවුරුදු කාලයේ හිසතෙල් ගෑමේ චාරිත්‍රයට ප්‍රමුඛස්ථානයක් හිමි වේ. එය රාජ්‍ය සහ ජාතික වටිනාකමකින් යුතු උත්සවයකි.

මෙරට දේශීය වෛද්‍ය ක්‍රමය සදහා වසර 6000 ක පමණ ඉතිහාසයක් ඇත. ලංකාවේ සිටි රාවණා රජතුමා එකට සිටි දක්ෂ වෛද්‍යවරයෙකි.

මෙවර හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංවිධානය කරයි.

– ප‍්‍රසන්න අධිකාරී

925 Viewers

2 Comments to “හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය අප්‍රේල් මස 16 අත්තනගල්ල පුරාණ රජමහා විහාරස්ථානයේ දී…”

  1. Saradiel says:

    රාජිතට ඇතුළු ජඩපාලනේ මැති ඇමතිලාට හිත තෙල් නෙමේ , මොලේ පෑදෙන්න හිසකුඩිච්චික් දාන්න හාමුදුරුවනේ

  2. හින්බබා සියා says:

    අත්තනගල්ල පුරාණ රජමහා විහාරස්ථානයේ දී සර්පයන්ට හිසතෙල් ගාන්නේ බලාගෙන …හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය කෙසේ වෙතත් පන්සලේ පිං කැටයටත් විදියි යමපාලනය

Leave a Comment

Main News