හිස් අතින් කඩුවෙලට ආ සුජීව සේනසිංහ අද ධන කුවේරයෙක්…- එජාප ප‍්‍රබලයෙක් කරන හෙලිදරවුව මෙන්න..[Video]

March 12, 2018 at 4:40 pm | lanka C news
හිස් අතින් කඩුවෙලට ආ සුජීව සේනසිංහ අද ධන කුවේරයෙක්…- එජාප ප‍්‍රබලයෙක් කරන හෙලිදරවුව මෙන්න..[Video]

කඩුවෙල ආසනයට හිස් අතින් ආ වත්මන් රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ අද වන විට මහා ධන කුවේරයෙක් වී සිටින බවට කඩුවෙල නගර සභාවේ හිටපු විපක්‍ෂ නායක ප‍්‍රියන්ත පත්බේරිය මහතා පවසයි.

කඩුවෙල ආසනයේ සිටියා ඇති දැන් යන්නැයි සුජීව සේනසිංහ ඇමතිගෙන් ඉල්ලා සිටින බවද ඔහු සදහන් කරයි.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් කඩුවෙල මහ නගර සභාව සදහා අතිරේක ලයිස්තුවෙන් මන්ත‍්‍රීන් පත් කිරීම ගැන සිය විරෝධය පල කිරීම සදහා පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

මේ ආකාරයේ තීන්දු තීරණ ගන්න විලි ලැජ්ජා නැතිදැයි එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම්ගෙන් විමසන බවත් හිටපු විපක්‍ෂ නායකවරයා වැඩි දුරටත් කීය.

51,045 Viewers

9 Comments to “හිස් අතින් කඩුවෙලට ආ සුජීව සේනසිංහ අද ධන කුවේරයෙක්…- එජාප ප‍්‍රබලයෙක් කරන හෙලිදරවුව මෙන්න..[Video]”

  1. "පගා-මරුව" says:

    විශ්‍රාම නොයන ලොව ඇති රස්සාව ලංකාවෙය ඇත්තේ
    මන්ත්‍රී ඇමතිකම සුදු ලෝගුව ඔබ සැම දැන ගත යුත්තේ
    ගහන ගැහිලි සැම දැන ගත්තද ලොක්ක නිහඬලු මුත්තේ
    කරුම එකතු විඳියි තමුන්ම ලෙඩ ඇඳේ වැතිරී මරු මත්තේ

    • Silva CC says:

      තඹයාගේ කොන්ඩ මොස්තරේ නම් මරු……………………..!!!

      අපේ රටේ මිනිස්සුන්ට දෙසපාලනෙට ඕන කරන්නේ ඔහොම ඩයල් තමයි…!

  2. Horaa says:

    ෆුට් නෝට් කල්ලියේ අනික් සාමාජිකයන්ගේ තත්වේ කොහොමද?

  3. neil says:

    I thought SS is a good man before 2105.
    but AMMATA HUDU… danne tharam danne. Footnote Kalli Raja!!! Written a book as well. For sure, he received a mountain of looted money.
    Pal Hora Just like other politician who came to get rich!

    When will be the strict monitoring of wealth of politicians will become a reality!!!!!!

  4. FREE says:

    බොරු කියන්න එපා,සුජීව කෝටිපතියෙක් වුනේ දවල්ට බනාන විකුණල ,රෑට තඹ විකුණල​,හොරෙන් ෆුට් නෝට් ගහල​..

  5. kamalasirikuruwita says:

    ඇයි අයියා එහෙම කියන්නේ! නඩු කතා කරලනේ අයියේ සල්ලි හම්බ කලේ. එකනේ මට පට් ගාලා තදවෙන්නේ !!!!!

  6. ජගත් රත්නායක says:

    බොරැ කියන්න එපා, මඩගහන්න එපා මනුස්සයෝ.සුජීව සේනසිංහ කියන්නෙ නුවර ඉතාම වැදගත් පවුලක කෙනෙක්. ඔහුගේ මව විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක්,පියා නීතිඥවරයෙක්.සුජීව නුවර ත්‍රිත්ව විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් මෙන්ම නීතිඥවරයෙක්.ඔහුගේ එක් සහෝදරයෙක් එංගලන්තයේ විශේෂඥ වෛද්‍යවරයෙක්, ⁣අනෙක් සොහොයුරා ඇමරිකාවෙ ගණකාධිකාරීවරයෙක්.මුළු පවුලම උගත්තු.
    එමෙන්ම සුජීව එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ජනබල මෙහෙයුම පාගමනේදී වෙඩිකෑ අයෙක්.ඔහු හොරෙක් නෙවි.ඔවුන් දේපළ තිබෙන අය.
    ප්‍රියන්ත පත්බෙිරිය කඩුවෙල ආසනයේ UNP යට කොඩිවිනයක්.ඔහු කලක් හිටපු අධ්‍යාපන ඇමති කරැණාසේන කොඩිතුවක්කුගෙ ලේකමිවරයෙක්ව සිට බොහෝ චෝදනා එල්ලවූ අයෙක්.විදුහල්පතිවරයෙකුට පහරදීම සමිබන්ධයෙන් අධිකරණයේ නඩු පවා තිබූ අයෙක්, විවිධ දූෂණ චෝදනාවලට ලක්වූ අයෙක්.ඉතාමත් අවංක,වැදගත්,උගත් දේශපාලනඥයෙකුවූ කරැණාසේන කොඩිතුවක්කු කඩුවෙල ආසනය තුළ අප්‍රසාදයට ලක්වූයේ මොහු නිසයි.පත්බෙිරිය පසුගිය වකවානුවෙි කඩුවෙල නගරසභාවෙි විපක්ෂ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළත් හිටපු නගරාධිපති බුද්ධදාස සමග එක්වෙලා ගේමි ගැහුවා මිසක් විපක්ෂයේ කාර්යභාරය ඉටුකළේ නැහැ.

    • Walimuni Abeysekera says:

      Jagath,,

      I agree with you all what you say.. but he became a corrupt politician after 2015.
      He is no more innocent and many dirty deals under his belt.
      Also he thought that using his BIG MOUTH he can get away.. but tightly entangled now.

Main News