හෘද රෝග පරදවා පිළිකාව මුල් තැනට…

December 28, 2016 at 2:05 am | lanka C news | ලංකා සී නිවුස්
හෘද රෝග පරදවා පිළිකාව මුල් තැනට…

ශ්‍රී ලංකාවෙ බෝනොවන රෝග අතරින් පිළිකා රෝගය ඉදිරියේ දී බරපතල තර්ජනයක් ඇති කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙි වනවිට බෝනොවන රෝග අතරින් හෘද රෝග ප්‍රථම ස්ථානයේ පසුවන අතර, ඉතා නුදුරේදීම පිළිකා රෝගය ප්‍රථම ස්ථානයට පත්වන බව සෞඛ්‍ය අමාත්‍යරයා මෙහිදී පෙන්වා දුන්නේය.

පිළිකා සරණ සංගමය සහ ඉන්දිරා ජයසූරිය සත්කාරක සේවාව ඒකාබද්ධව මහරගම දී පැවැත් වූ උත්සවයක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේය. මෙහිදී “පිළිකා සරණ” උපකාරක ඇමතුම් සේවාව ආරම්භ කළ අතර, ඉන්දිරා ජයසුරිය ළමා සත්කාරක සේවාව ද ආරම්භ කෙරුනි. දිනකට පැය 12 ක් පුරා ක්‍රියාත්මක “පිළිකා සරණ” උපකාරක අනතුරු සේවාව 011-2363211 යන දුරකථන අංකය ඔස්සේ ක්‍රියාත්මක වෙයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“ලෝක සෞඛ්‍ය සංවිධානයේ පුරෝකථනවලට අනුව බෝනොවන රෝග ගෝලීය ප්‍රශ්නයක්. ශ්‍රී ලංකාවෙි ද රෝහල්වලට ඇතුලත් කරන රෝගීන්ගෙන් සියයට 70 ක් බෝනොවන රෝග වලින් මිය යනවා. පිළිකා රෝගය ඉදිරියේ දී තර්ජනයක් විය හැකියි. පිළිකා රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමෙි රුපියල් ලක්ෂ 15 ක් වූ සීමා බන්ධනය මම ඉවත් කළා. මෙි වනවිට ඇතැම් රෝගීන්ට රුපියල් ලක්ෂ 100 දක්වා වියදම් කරනවා. පිළිකා රෝගීන් වෙනුවෙන් ලංකාවෙි මෙතක් ආරම්භ කිරීමට නොහැකිව තිබූ එකම ශල්‍ය කර්මය ඇටමිදුලු බද්ධ කිරීමෙි ශල්‍ය කර්මයයි. මහරගම අපෙක්ෂා රෝහලේ සිටින පිළිකා රෝගීන්ට ඇටමිදුලු බද්ධ කිරිම පසුගියදා ආරම්භ කළා. එම ශල්‍යකර්මය සදහා වැය වන මුදල රුපියල් මිලියන 18 ක්. නමුත් ලංකාවෙි එම ශල්‍යකර්මය නොමිලයේ සිදු කරන අතර, එය ඉදිරියේ දී මහනුවර මහ රෝහලේ දී ආරම්භ කිරීමට ද මම බලාපොරොත්තු වෙනවා. කථා නායක කරූ ජයසූරිය මහතා තම දියණිය වන ඉන්දිරා ජයසූරිය මහත්මිය වෙනුවෙන් අද ආරම්භ කරන මෙම සත්කාරක සේවාව පිළිකා රෝගීන්ට ඉතා වැදගත් වෙනවා. ඉන්දිරා ජයසූරිය මහත්මිය පිළිකා රෝගයට ගොදුරු වුවත්, ඇය සතෙකුට හිංසා නොකළ දරුවන් වෙනුවෙන් කැප වූ උදාර කාන්තාවක් මෙවැනි අවිහිංසාවාදී කාන්තාවක් පිළිකා වැනි රෝග වලට ගොදුරුවීම සංවෙිදී කරුණක්.

– නිපුන් ඒකනායක

1,519 Viewers

One Comment to “හෘද රෝග පරදවා පිළිකාව මුල් තැනට…”

  1. ගමරාළ says:

    රට විකුණන් කන දේශපාලුවන්ට ඔන්න හැදෙනව නම් කියාපු ලෙඩේ….

Main News