හෙල්මට් ප්‍රමිතිය පිළිබඳව නීතිය ක්‍රියාත්මක නෑ.. රට පුරා බාල හෙල්මට්..

June 23, 2018 at 8:02 am | lanka C news
හෙල්මට් ප්‍රමිතිය පිළිබඳව නීතිය ක්‍රියාත්මක නෑ.. රට පුරා බාල හෙල්මට්..

සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් පාරිභෝගික සේවා අධිකාරිය වෙත යවන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

හිස්වැසුම් ප්‍රමිතිය පිළිබඳව නීතිය ක්‍රියාත්මක නොවීමට විරෝධය

පසුගිය 2015 වසරේ ජූලි මස 16 වනදා නිකුත් වූ අංක 1923/65 දරණ ගැසට් නිවේදනය ප්‍රකාරව ලංකාව තුල හිස්වැසුම් විකුණන අවස්ථාවේ ඒවා ශ්‍රීලංකා ප්‍රමිති අංක 517 අනුකූල විය යුතුය.

කෙසේ නමුත් එම නීතිය ක්‍රියාත්මක නොවන අතර එම නිසා ඇතම් දේශීය ව්‍යාපාරිකයන් ප්‍රමිතියක් නැති බාල හිස්වැසුම් ප්‍රමිතියකට ඇති හිස්වැසුමක සමාන නමුත් ඉට අඩුමිලට (ඉහල මිලකට) තවමත් නිදහසේ තොග වශයෙන් විකුණන අතර ඔවුන් විශාල ලාභයක් උපයන අතර, මෙය යතුරුපැදිකරුවන්ගේ ආරක්ෂාවට බරපතළ තර්ජනයක් බවට අප මින් දැනුවත් කර සිටිමු. මෑතක දී සිට ඔවුන් එම හිස්වැසුම්වල ප්‍රමිතිය තවදුරටත් පහල දමමින් සිටී.

SLS 517 ප්‍රමිතිය ඉක්මවන අන්තර්ජාතික DOT, SNELL, ECE ප්‍රමිතියකට සෑදු හිස්වැසුම් හා ළමා හිස්වැසුම් (ළමා හිස්වැසුම් සඳහා ලංකාවේ ප්‍රමිතියක් නැත) හැරුණු කොට අන් කිසිදු හිස්වැසුමක් ප්‍රමිතියකින් තොරව වෙළඳපොළේ විකිණීමට අප සංගමය දැඩි ලෙස විරෝධය ප්‍රකාශ කරන අතර, ඒ පිළිබඳව නීතිය මෙතෙක් ක්‍රියාත්මක කිරීමට නොහැකිවීමේ හා නීතිය ක්‍රියාත්මක වීම පුවතකට සීමා වන හේතු ලිඛිතව අප වෙත ඉදිරිපත් කරන ලෙස අපි ඉල්ලා සිටිමු.

“පැලදීමේ දී නොව, විකිණීමේ දී ප්‍රමිතියක් අනිවාර්ය කිරීම” ශ්‍රීලංකා රජය ගත් ජනතා හිතකාමී නිවැරදි තීන්දුවක් වන අතර, එය ක්‍රියාත්මක කරගැනීමට නොහැකි වීම ඉතාමත් අවාසනාවකි, දූෂිත ව්‍යාපාරිකයන්ට යටත් වීමකි.

යම් කාරණයක දී, ව්‍යාපාරිකයන් ඉදිරියේ මෙලෙස දණ ගසා ඔවුන්ට වැරදි දේ ජනතාවට විකිණීමට නිදහස දී, ඉන් රජයට බදු ද අයකර, දේශපාලන වාසි ද ගෙන, පසුව ඒවා භාවිතා කරන අයට දඩ ගසමින්, පීඩා කරමින්, අසරණ ජනතාව පොලිසියේ වහල්ලුන් කිරීම සඳහා නීතිය හරහා ඉඩ සකසා දීම යහපාලන රජයක් තුල දී සිදුවීම ඉතාමත් කණගාටුදායක වනු ඇත. ඒ සඳහා අප සංගමය කිසී සේත් ඉඩ නොතබන බවට අදාළ අංශ වටහා ගත යුතුය.

මෙයට,
චිරන්ත අමරසිංහ, සභාපති

1,653 Viewers

One Comment to “හෙල්මට් ප්‍රමිතිය පිළිබඳව නීතිය ක්‍රියාත්මක නෑ.. රට පුරා බාල හෙල්මට්..”

  1. Love nature says:

    ඇත්තටම අපිට හිතෙනවා මේ රටේ නීති දෙකක් ක්‍රියාත්මකයි කියලා.

    මොකද සිංහලයට ක්‍රියාත්මක වන නීතිය සමානව කිරීමට නොහැකි ඇයි?

    එක්කෝ පොලිසිට බයයි. නැත්තං ඒ පළාත් වලට වෙනම නීති පද්ධතියක් ක්‍රියාත්මකයි.

    පොලිස්පති තුමනි ඔබේ අවධානය පිණිසයි.

    පොලිසිය උතුරු නැගෙනහිරට බයයි ඇත්ත ඵ්කයි

    27000ක් බහුතරය සිංහල කොල්ලන් කෙල්ලන් විසින් තම ජීවිත පරිත්‍යාග කරලා 24000ක් දෙනා අත් පා ඇස් ඉස් මස්ලේ දන් දීලා මේ රටේ තිස් අවුරුදු යුද්දය නිමා කර ඇත
    දැන් මේ රටේ ඵකම ධජයක් යටතේ මිනිසුන් බියක් සැකක් නැ්තිව ජීවත් වෙනවා.

    නීතිය හා සාමය අනුව රටේ ඵ්කම නීතියක් ක්‍රියාත්මක වෙනවා ( අපි දන්න විදිහට ඵහෙත් දැන් හේම නෑ) පොලිසිය නීතිය සැමටම ඵකට නවන බව පුන පුනා පොලිස්පති පූජිත ජයසුන්දරයන් බයිලා ගසනවා මේ රටේ උනුත් අහනවා.

    ඵහේත් මේ රටේ උතුරු නැගෙනහිර උන්ට ඇයි පොලිසිය බය? දකුනට දාන පොලිස් පාට් උතුරු නැගෙනහිරට දාන්න බය මොකද? උතුරු නැගෙනහිර පැත්තේ උන් බයික්වලින් ගිහින් කපා කොටා මිනිසුන් මරනවා පොලිසිය සද්ද නෑ..

    රෑට මිනිසුන් කපා කොටා මරන උන් දවල්ට බයික්වල යන්නේ හෙල්මට් නැතිව පොලිිසියටත් කොකා පෙන්නලා පොලිසිය නොදැක්කා වාගේ ඉන්නවා අද ගොළු බිහිරන් සේ.

    දකුනේ ඵකෙක් හෙල්මට් ඵකක් නැතිව පාරේ ගියොත් ඌට දඩ කෝටියයි කුණුහරප වැලයි. උතුරට ඵ්වා අදාලම නැත උතුරේ තියෙන්නේ උන්ගේම නීතියක්ද?

    මොකක්ද මේ විගඩම….?

Main News