හෙල උරුමයෙන් ‘නිර්වස්ත්‍රං පරමං සුඛං’ වෙනුවට ‘හෙළු සැප  සොයා’

August 28, 2018 at 10:15 pm | lanka C news
හෙල උරුමයෙන් ‘නිර්වස්ත්‍රං පරමං සුඛං’ වෙනුවට ‘හෙළු සැප  සොයා’

ජාතික හෙල උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත වර්ණසිංහ විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාලක දේවප්‍රිය ඔබට තෙරුවන් සරණයි!

ගුවන්විදුලි නාට්‍ය නිෂ්පාදකයෙකු වන මාලක දේවප්‍රිය නිෂ්පාදනය කළ අයි.ටී.එන්.එෆ්.එම් මගින් විකාශය කිරීමට නියමිත ගුවන් විදුලි නාට්‍ය කිහිපයක් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවිය. මෙම නාට්‍ය මාලාව මගින් බුදුදහමට හා එහි වදන් වලට නිගරුවන බවට චෝදනාවක් එල්ල විය.

මෙම චෝදනාව එල්ලකළේ රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන්ය. බම්බලපිටිය වජිරාරාම දහම් පාසලට වසර 100ක් පිරිම නිමිත්තෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයේ දී ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත්, බුද්ධශාසන ඇමතිතුමාත් ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන් හා ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඉදිරියේත් බෞද්ධ බැතිමතුන් ඉදිරියේත් නායක හිමියන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේය. එහි වරදක් තිබේද? නාහිමියන් කියා සිටියේ ආණ්ඩුවේ ඩේලී නිවුස් පුවත්පතේ මේ පිළිබඳව ප්‍රවෘත්තියක් පළවූ බවත් ඒ තුළින් දැනුවත්ව මෙම ප්‍රකාශය කරන බවත්ය.

වැඩිදුරටත් නායක හිමියන් කියා සිටියේ හිටපු ජනාධිපතිනිය යටතේ ක්‍රියාත්මක ජාතික සමගිය හා සංහිඳියා කාර්යංශයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවයි. මෙලෙස බුදුදහමට සම්බන්ධ වදන් අවභාවිතා කිරීමක් සිදුවන බවත් මේ පිළිබඳව සොයා බලා කටයුතු කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටියේය. නායකහිමියන්ගේ ප්‍රකාශයෙන් පසු සංහිඳියා කාර්යංශය තමා අතින් සිදුවී ඇති වරද පිළිගත් අතර එයින් ඇති වූ බුදුදහමට ඇති වූ නිගාව පිළිබඳව කණගාටුව පළකරමින් එය නිවැරදි කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය. එම ප්‍රතිචාරය පිළිබඳව අපට සතුටුවිය හැක. එහෙත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා නායකහිමියන්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වූයේ අශෝභන ලෙස බව දැකගන්නට ලැබිණි. නායකිහිමියන් චීවරධාරියෙක් ලෙස ගරහාවට ලක්කරමින් මෙම ගුවන්විදුලි නාට්‍ය වලට යොදා ඇති නම් වෙනුවෙන් පෙනී සිටිමින් පාර්ලිමේන්තුවේ ද කතාවක් පැවැත්වීය. මෙය සමස්ත ආණ්ඩුවේ මතය නොවෙයි. එය එම ඇමතිවරයාගේම මතවාදයක් පමණි. සාතිශය බහුතරයක් ආණ්ඩුවේ මැතිඇමතිවරු, මන්ත්‍රීවරු මෙම ඇමතිවරයාගේ අදහස් හා මතවාද පිළිගන්නේ නැත. එහෙත් මෙවැනි සිදුවීම්වලට ආණ්ඩුවේ ඇමතිවරුන් ප්‍රතිචාර දක්වන ආකාරය බෞද්ධ ජනතාවගේ දොම්නසට හා අප්‍රසාදයට හේතු වී ඇත. ඉන් ආණ්ඩුවේ පැවැත්මට හා කීර්තිනාමයට ඇතිකරන හානිය විශාලය.

මීළඟට ඇසිය යුත්තේ පළපුරුදු අත්දැකීම් ඇති ප්‍රවීන ගුවන් විදුලි නාට්‍ය නිෂ්පාදකයෙක්යැයි කියන මාලක දේවප්‍රිය සති අන්ත රාවය පුවත්පතේ සංවාදයට එක්වෙමින් ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි අභූත චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් කිසිදු ආගමකට නිගරුවක් කර නැති බවයි. භාෂාවක පද කිසිවෙකුට අයිති නැතිබවත් එය කැමති පරිදි භාවිතා කළ හැකි බවත් ප්‍රකාශ කරමින් විමර්ශනාත්මකව බැලිය යුතු බවට කාලාම සූත්‍රය ද උපුටා දක්වයි. රාවයේ ඔහුගේ සංවාදය කියවීමෙන් පෙනී යන්නේ භාෂාවක පද පාවිච්චි කිරීමේ දී ඔහුට ආචාර ධර්ම නැති බවයි. හැම විෂයකටම ආවේනික පද ඇත. ආගමික භාෂාවේ ද ඊට ආවේනික බැතිබර, ශ්‍රද්ධාවන්ත, පරමාර්ථමය වශයෙන් වැදගත් වදන් ඇත. සම්මුතිලෝකය තුළ එම වදන් සමග භක්තිමය ලෙසත් ආගමික ලෙසත් බැදී ඇති අතර ඒවා වන්දනාමාන කරයි. නිරතුරු මතුරයි. එම වදන් පාවිච්චි කර ආශිර්වාද කරයි. ඒවායේ වටිනාකම් තේරුම් ගැනීමට නොහැකි කලාකරුවෙක් වේ නම්, නාට්‍ය නිෂ්පාදකයෙක් වේ නම් ඔහුගේ හදවත සහ මනස පිරික්සා බැලිය යුතු අතර  ඔහු මේ සමාජයේ රුපියල් සරණ යන අයෙකු විය යුතුය. මෙම නාට්‍ය වලට යොදා ඇති නම් තුන පිළිබදව මාලකට අවබෝධයක් නැතැයි සිතිය නොහැක.

මෙම නාට්‍ය තුනේ නම් තුනම බෞද්ධ ජනතාවගේ වන්දනාමාන වන වදන් පෙළට වෙනත් අරුත් දෙන්නක් බව මොළයේ කළදක් ඇති ඕනෑම අයෙකුට අවබෝධ වේ. නාට්‍ය දෙකක නම් ඔහු සදහන් කරමින් ඉන් අර්ථවත් වන දේ ගැන ඔහු සදහන් කරයි. එහෙත් නිර්වස්ත්‍රං පරමං සුඛං නාට්‍ය ගැන එහි සදහනක් නැත. මෙම නාට්‍ය තුළින් සමකාලීන මනුෂ්‍යාගේ ස්වරූපය සම්බන්ධව ප්‍රකාශනයන් රැසක් ඉදිරිපත් කරන බව මාලක පවසයි. සමකාලීන මනුෂ්‍යාගේ ස්භාවය මාලක තුළින් පිළිබිඹු වන අතර  එහි යටිපෙළ වාණිජ පරමාර්ථ බව ද, අමතක නොකළ යුතු වන්නේ මෙයට අනුග්‍රහය දක්වා ඇති රාජ්‍ය ආයතනය දෙස බැලීමෙනි. අද්‍යතන වෙළදපොළ සමාජයේ මනුෂ්‍යාට තේරෙන භාෂාවෙන් මෙම නාට්‍ය තුනට නම් තුනක් දෙන්නට ජයලත් මනෝරත්න, බුද්ධදාස විතානච්චි, ඩබ්ලිව්.ජයසිරි, ලක්ෂ්මන් විජේසේකර ඇතුළු මෙයට දායක වූ ප්‍රවීනයන්ට නොහැකිවීම තුළින් ඔවුන්ගේ නිර්මාණාත්මක දුගී බව හෝ ඔවුන් නොදැනුවත්ව වෙනත් පිරිසක් මෙම නම් යොදා ඇති බවත් එය සංහිදියා කාර්යාලයට උචිත පරිදි සිදුකරන ලද්දක් බවද අනුමාන කිරීමේ වරදක් නැත.

මාලක දේවප්‍රිය මෙය නොදන්වා විය නොහැක. එම නම් වලට ද මිළක් ඇත. බුදුදහමට, බුදුවදනට, එහිවදන් වලට, නිග්‍රහ කිරීම හෝ දෙපැත්ත කැපෙන ලෙස පාවිච්චි කිරීම වෙනත් අරුත් මතුවන ලෙස ඉදිරිපත් කිරීමට ද මූල්‍ය වටිනාකමක් ඇත. එය ද බිස්නස් එකකි. ව්‍යාපාරයකි. නිර්මාණයක සියුම් ලෙස කෙරෙන එවැනි දෑ තුළින් යම් සමාජයක, යම් ආගමක ප්‍රජාවකට වේදනාවක්, සිත්රිදවීමක් ඇතිවන්නේ නම් එයින් ගොඩනැගෙන සංහිදියාවක් හෝ සාමයක්ද නැත. ජිවිත අවබෝධයක්ද නැත. ආනන්දයෙන් ප්‍රඥාවට යායුතු බව ප්‍රකාශ කළද නාට්‍යයේ නමින්ම නාට්‍යයට ඇතුළුවීමට අඟුලක් දමා ඇත. බෞද්ධ ප්‍රජාවගේ භක්තියට හා ශ්‍රද්ධාවට සියුම් පහරක් එල්ලකර ඇති අතර එපමණක් නොව එය හාස්‍යයට ලක්කර ඇත. මෑත යුගයේ ප්‍රහසන වේදිකා නාට්‍ය වලද පිටපතින් පිට පැන ඉදිරිපත් කරන සංවාද තුළින් ද මේ ආකාරයටම නිගරුකිරීම් දැකගත හැක. මෙම නාට්‍ය වලට දායක වූ ප්‍රවීනයන්ගෙන් මෙම නාට්‍ය වලට දැමිය යුතු නම් පිළිබදව විමසා සිටියේ නම් මෙවැනි දෙයක් සිදුවිය නොහැකි බව මෙම නිර්මාණකරුවන්ගේ ධාරිතාව දෙස බැලීමේ දී අපට සිතේ. එම නිසා මෙම නාට්‍ය තුනට නම් තුනක් සමාජයට තේරේන භාෂාවෙන් නම් කිරීමට කැමැත්තෙමු.

එසේ යෙදුවේ නම් මෙවැනි කලබගෑනියක් රට තුළ නොවන්නටත් භික්ෂු සමාජයේ හා බෞද්ධයන්ගේ සිත් නොරිදවීමටත් ඒකාබද්ධ විපක්ෂයට ආණ්ඩුවට පහරගැසීමටත් අවස්ථාවක් නොලැබෙන අතර ආණ්ඩුව ද අපහසුතාවයට පත්නොවීමට හේතු වනු ඇත. “ජාතික සමගිය හා සංහිදියාව වෙනුවෙන් අහන්න” කරනු ලබන මෙම නිර්මාණ නිසා හා වෙනත් ප්‍රකාශන නිසා සම්මුතිවාදී ආණ්ඩුවකට මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබදව කලාවේ නිදහස වෙනුවෙන් පමණක් උනිතවාදීව පෙනී සිටින්නන්ගේ ආත්මාර්ථකාමී, කුහක උද්දච්ඡභාවය නිසා ආණ්ඩුවකට හා සමාජයට ගෙවන්නට සිදුවන වන්දිය බොහෝය. මේ වෙනුවෙන් මාධ්‍ය හමු පවත්වන බොහෝ දෙනකුට සමස්තය පෙනෙන්නේ නැත. එනම් කැළේ පෙන්නෙ නැත. එහි තිබෙන ගසක් හෝ දෙකක් පමණක් පෙනේ. මෙවැනි අවස්ථාවක ඒවා පෙන්වා දෙන ස්වාමීන්වහන්සේලාට චීවරධාරීන්, ජාතිවාදීන් අන්තවාදීන් ළිදේ ඉන්න ගෙම්බන්එ, කලා වීහිනයන් යැයි බැන අඩ ගසනවා වෙනුවට මෙම නාට්‍ය තුනේ නම් තුන වෙනස් කිරීමට තරම් මාලක නිහතමානී වුනානම් මෙයට දායක වූ ප්‍රවීනයන් ප්‍රඥවන්ත වුනානම් ඒ සදහා නම්‍යශීලි වුවානම් මේ රට සමාජය, කලාව, දේශපාලනය, සංහිදියාවෙන් පිරි සුමට රටක් වීමට ඉඩ තිබුනා නොවේද?

මාලක දේවප්‍රියගේ නාට්‍ය වලට යොදා ඇති නම්,               යෝජනා කරන නම්

තරු සරණයි! (තෙරුවන් සරණයි!)                                         තරු හඹා පැරදුනෙමි
නිහොන් සැප ලැබේවා! (නිවන් සැප ලැබේවා!)                      සකුරා රටින් පණිවිඩයක්
නිර්වස්ත්‍රං පරමං සුඛං (නිර්වාණං පරමං සුඛං)                         හෙළු සැප  සොයා

ලාංකීය රේඩියෝ ඉතිහාසය තුළ රේඩියෝ නාට්‍ය කලාවේ සෞන්දර්යාත්මක විප්ලවයක් කිරීමට මාලක බලාපොරොත්තුවන බව ප්‍රකාශ කර ඇත. ඒ සදහා වූ විප්ලවයේ ඇරඹුමෙන්ම ජනතාව ඔහුගෙන් වියෝවී ඇති බව ප්‍රකාශ කළ යුතු අතර ඔහු සමග ඉතිරි වී ඇත්තේ සංහිදියා කාර්යාංශයත් අදාළ ඇමතිවරයාත් ඔහු ආරක්ෂා කිරීමට පැමිණ සිටින්නේ වාරණයේ උදහසට එරෙහිව ඔහුගේ කලාවේ නිදහස වෙනුවෙන් යැයි කියා ගන්නා මිතුරනුත් පමණි.

ඉගෙන ගන්න විප්ලව කරන්න – විප්ලව කරන්න ඉගෙන ගන්න.

– නිශාන්ත ශ්‍රී වර්ණසිංහ

24,164 Viewers

18 Comments to “හෙල උරුමයෙන් ‘නිර්වස්ත්‍රං පරමං සුඛං’ වෙනුවට ‘හෙළු සැප  සොයා’”

  1. WMFernando says:

    Mr. warnasinghe has not realized that “sanhidiya people” think that Budhism and Bikkus are low grade and want to side-line them. Sanhidiya people worship western values and want be be better than westerners. That is their stupidity and nothing else. So they thik Bikkus are a hindrance to their project and purposely denounce Budhism.

    • ඇත්ත says:

      මේ කිසිවකින් බුදු දහම අපවිත්‍ර නොවේ…දේව්දත් නිකායට අයත් වූවෝ එකළද විය…අදද වෙයි….

  2. ජාමෙි බේරාගැනීම says:

    අස්සයා පැන ගිය පසූ කරැනු පැහැදිලි කිරීමකි!
    Prevention is better than CURE!!

    • ලපයා says:

      පුළුවන් නම් මුස්ලිම් ආගමේ අල්-කුරානේ හරි ක්‍රිස්තියානි ආගමේ බයිබලේ තියන එක වචනයක් වෙනස් කරලා නමක් පිය බලන්න. මෙලහකටත් මුව වලලපු තැන ගස් පලවෙලා. බෞද්ධයෝ තමන්ගේ ආගම ගැන මිට වැඩියේ සිතිය යුතු කාලයක් දැන්. අඩු ගැනේ නීති වත් සම්මත කර ගතයුතුයි මේ වගේ නපුන්සක අවජාතක උන්ව ජිවිත කාලයම හිරේ තැබීමට.

  3. සීගිරි says:

    ඔය හෙල කරුමෙ කියන එකේ වර්ථමාන නායක ආලපාලුවත් නාට්‍යාන්ගනාවන්ගෙ
    හෙලු සැප සොයා ගොස් ඔවුන්ගේ සිරුරු වලට බෝතල් බස්සන්ඩ ආශා කරන හාදයෙක් නේද?

  4. sam says:

    අපි කැමතියි ජයලත් මනෝරත්න, බුද්ධදාස විතානච්චි, ඩබ්ලිව්.ජයසිරි, ලක්ෂ්මන් විජේසේකර ,මහේන්ද්‍ර පෙරෙර රිලාකරුවන්ගේ මතය දැනගන්න .නිහඩව සිටීමෙන් පෙනී යන්නේ ඔවුන්ද නිර්වස්ත්‍ර රුපියල් ශත කාරයින් කියාය

  5. ALAPALU RANAWAKA says:

    “HELU SEPA SOYA ” CHANDRIKATAMA GELAPENA NAMA.

  6. Kings says:

    මාලක දේවප්‍රිය. උඹට ඕන විදිහට භාෂාව හසුරුවන්න පුලුවන්නම් කුරානයෙ තියෙන භාෂාවෙ එක වචනයක් වෙනස් කරල නාට්‍යයක් ගහපන් බලන්න.

  7. Hela says:

    This is not Hela Urumaya….Its HELA KARUMAYA….

    Bunch of perverts….you MEGA FOOLISH moron minister ( so call ) is destroying beautiful nature….To cover it selling Buddhism..
    Look at Kimbulawala beautiful lake…..Idiots……

  8. Lolla says:

    ha ha … so call educated think tank of Hela karumaya…… only O/L fellow….Go to hell with your party…selling and destroying real Buddhism …..bunch of rouges….

  9. SIWRU HORA says:

    Dear Warnasinghe…..Patalee and Karu paranawithana…

    Proposed name of ” HELU SEPA SOYA ” is better for your party and you guys…..because now all of you are acting ” HELUWEN “..

    Change your party name and re brand it…..Bunch of lairs…….

  10. Kalawedda says:

    Pls tell Mega FOOLISH Patalee to remove the toilet he is putting on Kimbulawala man made Lake.. , Jayawardanapura……..Idiot…

  11. Modaya says:

    Ha ha …. So big thing issuing a media statement………..BORU KARAYO………………………

    • Janathaawa says:

      You all too,cannot wash your hands off from this very sad state of affairs , where some lunatic, idiots try to exercise ” WAL BOORU NIDHAHASA”, which is ,no other followers of other religions do.We just heard , from Indonesia last week that a Chineese woman resident who requested from the courts to reduce the volume of the Muslim prayers as it was deafening , was sentenced to 18 months jail , for insulting the Muslim religion. You can compare it with the outcome of the case filed by Millinda Moragoda (with four other residents) against Ven. Uduve Dhammaloka Thera for broadcasting pirith in high volume in the morning at Alanmathiniaramaya, Polhengoda.

  12. Kimbula says:

    Muuth ekai….Mekage maha ekath ekai…..Ambaruwo……Padeka wekak karaganna behe….Kaiya witharai….Ballo

  13. Karu says:

    උසස් පෙළ වත් පාස් නැති මහචාර්යලා.

  14. Kiri Honda says:

    Warew chande illagena hela karume……Denne kossen thopita…..Ratata wedak karanne nethiwa uduburalana ballo..

  15. USHENDRA says:

    මෙවැනි ආණ්ඩුවකින් අපට වෙන මොනවා ලබෙන්නද .
    බුදු රජාණන් වහන්සේගේ වචන වලට වෙනස් තේරුම්
    දීමෙන් රටක් හදන්න පුලුවන්ද. මේ නම් අබුදස්ස කාලෙට
    වෙන සිදුවීම්. කොසොල් රජුරුවන්ගේ සිහින ඇත්ත වෙන
    කලයි. බුදු දහමට නිගරු කරන්න එපා. එය පාපයක්.

Main News