හෙළ උරුමය සුළු කල්ලියක්.. අපි ව්‍යවස්ථාව ගේනවා..- චම්පිකට එරෙහිව රාජිත බරඅවි ඔසවයි..

March 21, 2017 at 3:16 am | lanka C news
හෙළ උරුමය සුළු කල්ලියක්.. අපි ව්‍යවස්ථාව ගේනවා..- චම්පිකට එරෙහිව රාජිත බරඅවි ඔසවයි..

අග්‍රාමාත්‍ය කාර්යාලය මෙහෙයවන “අලුත් ව්‍යවස්ථාවකින් රට ඉදිරියට” නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සැකසීමෙි ක්‍රියාවලිය පිළිබද කේන්ද්‍රීය පුරවැසියන් දැනුවත් කිරීමෙි සම්මන්ත්‍රණය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) මතුගම ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“මම පසුගිය කාලය පුරා රජයන් හැදුවා. රජයන් පෙරලුවා. මා විසින් මෙතෙක් කළ ව්‍යාපෘති වැරදිලා නැහැ. 2015 ජනවාරි 08 වනදාට ප්‍රථම තරුණ පරම්පරාව හෙම්බත් වෙලා හිටියේ. ඔවුන් සමාජ වෙබ් අඩවි තුලින් රජය පෙරළීමට උත්සාහ කළා. ත්‍රස්තවාදයෙන් රට බේරාගත් පසුගිය රජය පසුව රට විනාශ කළා. පැවැති ක්‍රමය වෙනස් කිරීමට තමයි නව රජය බිහි කළේ. හිටපු ජනාධිපතිවරයාගේ ඔත්තු සේවා නිලධාරින්වත් දන්නේ නැහැ රජය පෙරලන්න යන බව. යහපාලන රජය බිහි කිරීම සදහා මැතිවරණ පොරොන්දු රැසක් ලබාදුන්නා. ඒවා ඉටු කරන බව ජනාධිපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාත් ප්‍රකාශ කළා. ජනතාව අපට ඡන්දය දුන්නේ වෙනසකට එම නිසා ව්‍යවස්ථාව හා මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුයි. විධායක ජනාධිපති ක්‍රමයට මම 1978 සිට විරුද්ධයි. පවතින මැතිවරණ ක්‍රමය තුළින් මන්ත්‍රීවරු දුෂිතයින් කරනවා. මැතිවරණ කාලයේ දී පෝස්ටර් යුද්ධයක් තිඛෙනවා. දිස්ත්‍රික්කය පුරා මැතිවරණ රැස්වීම් පැවැත්විය යුතුයි. මැතිවරණ අපේක්ෂකයා ධනපතීන්ට යටත් වෙනවා. මෙම ඡන්ද ක්‍රමය ඔරොත්තු දෙන්නේ නැහැ. මෙම ඡන්ද ක්‍රමය ධනපතින්ගේ ඡන්ද ක්‍රමයක්. එම නිසා මැතිවරණ ක්‍රමය වෙනස් කර පැරණි මැතිවරණ ක්‍රමය යළි ආරම්භ කළ යුතුයි. සමහරු මෙම තීරණයට විරුද්ධව වාද කළා. මම කියන්න කැමැතියි පවතින ඡන්ද ක්‍රමය මට හොදයි. නමුත් රටට හොඳ නැහැ. පැරණි ඡන්ද ක්‍රමය ආරම්භ කළොත් එය මට අවාසි වෙන්නත් පුළුවන්. පැරණි ඡන්ද ක්‍රමය තමයි රටට හොඳ.

පසුගිය රජය සමයේ අධිකරණයට විනිසුරුවරුන් පත් කළේ ජනාධිපතිවරයා. අධිකරණයට බලපෑම් එල්ල කළා. රාජ්‍ය සේවයට බලපෑම් එල්ල කළා. මැතිවරණ පැවැත්වීමෙි තීන්දු තීරණ ගන්නෙත් ජනාධිපතිවරයා. පාර්ලිමෙින්තුව විසුරුවා හරින්නෙත් ජනාධිපතිවරයා. පොලීසිය වහල් හමුදාවක් වගේ ක්‍රියාත්මක වුනා. මෙිවා පිළිබදව අපේ තරුණ තරුණියන් දුක් වෙලා හිටියේ. රට තුළ යළි කැරැල්ලක් ඇතිවීම තමයි අපි ජනවාරි 08 වනිදා නතර කළේ. රට තුළ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වුවත්, ජනතාව වෙනසක් බලාපොරොත්තු වුනා. ව්‍යවස්ථාව වෙනස් කිරිම දැන් ආරම්භ කර දැන් ජනතා අදහස් ලබාගන්නවා. මෙය ජනතාවගේ වැඩක්.

මැතිවරණ ප්‍රකාශයට අනුව පොරොන්දු ඉටු කළ යුතුයි. එම පොරොන්දු එකිනෙක අපි ඉටු කරනවා. ඉදිරියේ දී ජනමත විචාරණයක් පවත්වනවා. රජයේ පොඩි කල්ලියක් ඊට විරුද්ධ වෙයි. නමුත් දෙමළ ජාතික සන්ධානයත් ව්‍යවස්ථා සංශෝධනයට හා ජනමත විචාරණයට එකඟයි. හිටපු ජනාධිපතිවරයාත් විරුද්ධ වෙයි. නමුත් රට හදන බලෙවිග ජනමත විචාරණයට හා ව්‍යවස්ථා සංශෝධනයට එකතු වෙනවා. නව ව්‍යවස්ථාවෙන් බුදු දහමට ප්‍රමුඛස්ථානය ලැඛෙනවා. බලය ඛෙදාහැරිම ඒකීය රාජ්‍යයක් යටතේ සිදු වෙනවා. ෆෙඩරල් රජ්‍යයක් ඉල්ලූ දෙමළ ජාතික සන්ධානයත් ඒකීය රාජ්‍යයක් යටතේ බලය ඛෙදන්න දැන් සුදානම්. දෙමළ ජාතික සන්ධානයට විරුද්ධවත් විවිධ මත ප්‍රකාශ කරන්නන් එම පක්ෂයේ ඉන්නවා. ඛෙදුම්වාදය ගැන පළාත් සභා වල දී කථා කළොත් එම පළාත් සභා විසුරුවා හැරීමෙි බලය මධ්‍යම රජය සතු වෙනවා. ග්‍රාම රාජ්‍ය සංකල්පය ඇති කරනවා. එම නිසා ලැබී ඇති ස්වර්ණමය අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලෙස මම සියළු දේශපාලන පක්ෂවලින් සහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

15,226 Viewers

9 Comments to “හෙළ උරුමය සුළු කල්ලියක්.. අපි ව්‍යවස්ථාව ගේනවා..- චම්පිකට එරෙහිව රාජිත බරඅවි ඔසවයි..”

  1. latha says:

    හිතන විදිහට කට සහ අධෝ මුකය මාරුවෙලා

  2. wijebahu says:

    I am fully agree with Rajitha. don’t listen to those card board patriots.

  3. NARAYANA says:

    Wemust be ready to end this YAMA RULE

  4. ExUNPer says:

    උඩට නැග්ගට පස්සෙ ඉනිමගට පයින් ගැසීම ගුණමකු ක්‍රියාවක් මිස හපන් කමක් නොවේ !
    මෙය හෙළ කරුමයන්ට කරන අසාධාරණයකි. කරුමයක මහත ! හෙලකරුමයෝද උපන් ගුනමකුවෝය.

  5. Sam says:

    Why did you went to bed with this Hela Karumaya party?

  6. Karu Jayasuriya says:

    Father and son both are terrible liars. They don’t care what people thinking but, tell what ever they like to mislead people. Unfortunately some percentage believe those lies. Hope this trend will turn one day to punish both father and son as what they done to the entire country.

    • asaranaya says:

      පවතින රජයක් පෙරලීමට කුමණ්ත්‍රන කිරිම් දඩුවම මරණයයි, රජිතා කුමන්ත්‍රන කලා කියල මෙ කතාබහා වලින් ඔහුම ඔප්පුකර ඇත, මල් පොහෙට්ටුවෙන් බිහිවෙන රජයෙන් මේ කාලකන්නියා මරණීය දන්ඩනයට යටත්කල යුතුයි

  7. gavin gunawardane says:

    හෙල උරුමය වේවා එක්සත් ජාතික පක්ශය වේවා, ශ්‍රීලංකා නිදහස් පක්ශය වේවා, අද කරන්නේ රටේ මහජන්තාවගේ චන්දයෙන් පත්වී ගසාකමින් බලය අනිසි ලෙස පාවිච්චි කිරීමයි. තමා කල හොරකම් මැරකම් එලිවීගෙන යනවිට ආන්ඩු මාරු කර්න්න හදන මේ උදවිය තමයි 1977 පසු දිගටම ආන්ඩු කලේ. ඉතින් රාජිත මහත්තයෝ ඔබ සුදනෙක් වෙන්න හදන්න එපා, ඔබ කල සියලූ දේ දන්න මිනිසුන් තාමත් රටේ ඉන්න්වා, ඒවගේම චමිපික මහත්තයාව හොඳින් දන්න අඳුනන අයත් රටේ ඉන්නවා. ඒනිසා කරුනාකරල උඩ අලාගෙන කෙල ගහන්න එපා මගෙ දෙයියො.

Main News