හොදින් හෝ නරකින් උපයා පිටරටවල ඇති මුදල් ලංකාවට ගේන්න.. කිසි ප‍්‍රශ්න කිරීමක් නැතිව පූර්ණ ආරක්‍ෂාව දෙනවා..- හොදම මුදල් ඇමති

April 28, 2017 at 12:00 pm | lanka C news
හොදින් හෝ නරකින් උපයා පිටරටවල ඇති මුදල් ලංකාවට ගේන්න.. කිසි ප‍්‍රශ්න කිරීමක් නැතිව පූර්ණ ආරක්‍ෂාව දෙනවා..- හොදම මුදල් ඇමති

හොදින් හෝ නරකින් උපයා විදේශ රටවල තැන්පත් කර ඇති මුදල් ආපසු මෙරටට රැගෙන එන්නැයි විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින්ට ඇරයුම් කරන බව රවී කරුණානායක මුදල් ඇමැති මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

ඇමතිවරයා එහිදී සදහන් කලේ විදේශ විනිමය සම්බන්ධයෙන් වූ නව පනත පාර්ලිමේන්තුවේ සම්මත වූ පසු එවන් මුදල් මෙරටට ගෙන එන්නන්ට පූර්ණ ආරක්ෂාව ලබාදෙන බවයි.

‘හොදින් හෝ නරකින් ඉපයු මුදල් ලංකාවට ගේන්න කියන එක වරදක්ද? ඒවා වැරදි ආකාරයට හම්බකලා නම් වැරැද්දක් තමයි. නමුත් එවැනි සල්ලි ගේන්න කියන එකේ වරදක් නැහැ. ලාංකිකයෝ ඇයි වෙනත් රටවල මුදල් තැන්පත් කරලා ඒ රටවල් පෝසත් කරන්නේ’ යයිද ඇමතිවරයා කීය.

9,054 Viewers

16 Comments to “හොදින් හෝ නරකින් උපයා පිටරටවල ඇති මුදල් ලංකාවට ගේන්න.. කිසි ප‍්‍රශ්න කිරීමක් නැතිව පූර්ණ ආරක්‍ෂාව දෙනවා..- හොදම මුදල් ඇමති”

  1. bend to bend says:

    Kalekata passe ahapu watina kathawak

    • White Shark says:

      එතුමා ආසියාවේ ඉන්න හොඳම විද්වතා.අපේ රටේ මිනිසුන් එය අවබෝධ කර ගැන්මට තරම් බුද්ධිමත් නැහැ.

  2. Boo says:

    Obathumata pamanai rata goda ganna puluwan

  3. ජසයා says:

    අල්ලස් ගන්න එන වැරදියි. හැබැයි එහෙම ගන්නා අල්ලස් මුදල් වලින් ගෙයක් ඉඩමක් ගන්න එන, කාර් එකක් ගන්න එකේ වරදක් නැහැ. ඔහෙමද ඇමතිතුමා?

    • White Shark says:

      එතුමා ආසියාවේ ඉන්න හොඳම විද්වතා.අපේ රටේ මිනිසුන් එය අවබෝධ කර ගැන්මට තරම් බුද්ධිමත් නැහැ.

  4. fass says:

    Oya kiyana de kriyathmaka karanna

  5. chandimani says:

    Please read with the Prevention of Money Laundering Act No. 6 of 2006 with its Section 3. Kindly tell us whether if this like money does not violate the above provisions? We want clear clarification from Hon. Minister.
    Otherwise, Sri Lanka would be black-listed in international arena. HIGH RISK COUNTRY.
    Asia Pacific Group of Money Laundering and Financial Action Task Force will take action against Sri Lanka.

  6. බන්ඩය්යා says:

    මේ ලඟදි ‘හොඳම මුදල් අැමතියා’ කිව්ව නේද 2017 වසරෙදි ලංකාවෙ විදේස වත්කම් US$ බිලියන 10 කට නග්ගනව කියල, දැන් සතුටුද සල්ලි ගෙනෙන විදිහට.

  7. sam says:

    Mu harima gon nambek . Meka hoda welawak kara gannawa pita rata inna aya illegal money lankawata ewanna. What a statement to be made by a mInister

  8. ජසයා says:

    ඒකාබද්ධ විපක්ෂයේ ආණ්ඩුවක් පිහිටවූ වහාම පලමුවෙන්ම පාර්ලිමේන්තුවට ගෙන ආයුතු පනත වන්නේ,
    “විදේශ විනිමය පනත අහෝසි කිරීමේ පනත” යි. එතකොට ර.ක. තුමාගේ විදේශ විනිමය වංචා නඩුවට නැවත පණ දෙන්න පුළුවන්. මේ වෙලාවේ විදේශ විනිමය පනත ගෙනඑන්නේ තමන්ට තිබෙන ඒ අවදානම ඉවත් කරගන්නයි. එහෙම නැතුව මේ රටට තිබෙන ආදරේකටනම් නෙමෙයි.

    යෝජිත නව විදේශ විනිමය කෙටුම්පත සම්බන්ධවයි.

    රටට ජාතියට ආදරයක් තිබෙන කවර හෝ පුද්ගලයෙක්, ආයතනයක් හෝ ක්ෂේත්‍රයක නියුක්ත වූවෙක්, මේ පැනවීමට උත්සාහ ගන්නා විදේශ විනිමය පණත තමතමන් සතු කුමන හෝ ව්‍යවස්ථාපිත බලයක් යොදවා නිශේධනය කලයුතුයි. අද එසේ නොකර සිටීමෙන් මතු දිනකදී රටේ තිබෙන සියළු විදේශ සම්පත් රටෙන් පිටතට ගලා ගිය පසු රට තුල අන්තර්ජාතික වශයෙන් ඇතිවෙන ආර්ථික ව්‍යසනයට, එවැනි වූ බලයක් තිබෙන කවර හෝ පුද්ගලයෙක්, ආයතනයක් හෝ ක්ෂේත්‍රයක නියුක්ත වූවෙක් සම්පූර්ණයෙන්ම වග කිවයුතු වන්නේය. අපේ රටේ අනාගත දරුවන්ට හිමිකර දියයුතු ශ්‍රී ලංකාව විනාශකිරීමේ වත්මන් පාලනයේ කූට උපායයන් අදදිනදී පැරදුවේ නැත්නම් අනාගත පරම්මරාවෙන් එල්ලවන චෝදනාවන්ට එම කවර හෝ පුද්ගලයෙක්, ආයතනයක් හෝ ක්ෂේත්‍රයක නියුක්ත වූවෙක් වගකිවයුතු වන්නේය. රටේ සිටින උගත් බුද්ධිමත් කොටස් මේ ගැන නිසි අවබෝධයෙන් කටයුතු කළයුතුය. ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින විනිසුරුවරුන් සැබවින්ම උගත් සහ බුද්ධිමත් පිරිසක් බව රටේ වැඩිදෙනා තවමත් පිළිගැනීම අපගේ වාසනාවට හේතුවක් වනු ඇති.

  9. jaya says:

    When these mutts utter these words.. They purposely and knowingly compromise our security, sovereignty. Simply they ignore ignore the fact that LTTE founded money bringing here will create another threat to the country.

  10. Ruwani says:

    Euro ලක්ෂයක් අරගෙන ආවොතින් ගුවන් තොටුපොළේ ඇති වන්නේ ලොකු නීති .මුදල් රජයට ගන්නවා නේද ., දඩයක් පවා ගහනවා . හරි එහෙම ගෙන අයට තීරු බඳු රහිත වාහනයට permit ekak දෙනවද

    • White Shark says:

      බය නැතුව ගේන්න​.මේ පොරොන්දුව දෙන්නෙ රටේ මුදල් ඇමති බව අමතක කරන්න එපා.එතුමා ඒ සහතිකය දෙන්නෙ රට ගොඩ නැගීමේ පරම පවිත්‍ර චේතනාවෙන්.එතුමා ආසියාවේ ඉන්න හොඳම විද්වතා.අපේ රටේ මිනිසුන් එය අවබෝධ කර ගැන්මට තරම් බුද්ධිමත් නැහැ.

  11. BaRa and MaRa says:

    Thank you machan
    You are a good man

  12. roshan says:

    ela ela bro

Main News