හොරෙක් වෙනුවට හොරෙක් CID අත්අඩංගුවට ගනී..

May 16, 2018 at 8:02 am | lanka C news
හොරෙක් වෙනුවට හොරෙක් CID අත්අඩංගුවට ගනී..

පොලිස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්මේන්තුව විසින් අනුරුද්ධ පොල්ගම්පල මහතා අත්අඩංගුවට ගෙන ඇත.

එල්ල වී ඇති දුෂණ වංචා චෝදනා කිහිපයක් සම්බන්දයෙන් ඔහුට එරෙහිව ක‍්‍රියාත්මක වන නඩු කිහිපයකට අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

ජනාධිපතිවරයා විසින් රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කලද විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වූ විරෝධය නිසා එම තනතුරින් ඉවත් කරනු ලැබින.

ඔහු එම තනතුරට පත් කරන්නට සිදු වූයේ හිටපු සභාපති පී දිසානායක අල්ලස් ගෙන එම මුදල් ගණන් කරද්දී අත්අඩංගුවට ගැනීම නිසා වුවත් විපක්‍ෂය විසින් චෝදනා කර සිටියේ හොරෙක් වෙනුවට හොරෙක් පත් කර ඇති බවටයි.

12,925 Viewers

Leave a Comment

Main News