හොර මුදල් නොට්ටු ජාවාරමක සුල මුල කොටු වෙයි..

April 14, 2018 at 2:05 am | lanka C news
හොර මුදල් නොට්ටු ජාවාරමක සුල මුල කොටු වෙයි..

ව්‍යාජ ලෙස මුද්‍රණය කළ මුදල් නෝට්ටු තොගයක් රැගෙන යමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලිස් නොවිසිඳුනු අපරාද විමර්ශන ඒකකය කියා සිටියේය.

වවුනියාව පොලිස් නොවිසිඳුනු විමර්ශන ඒකකයට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් විසින් ඊයේ රාත්‍රියේ සිදු කළ සෝදිසි මෙහෙයුකදී යාපනය ප්‍රදේශයේ සිට ව්‍යාජ ලෙස මුද්‍රණය කළ රුපියල් දහසේ මුදල් නෝට්ටු 45 ක් සහ ව්‍යාජ මුදල් නොට්ටු වලට මාරු කරගත් ව්‍යාජ නොවන මුදල් රුපියල් 8200 ක මුදලක් රැගෙන යමින් මිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ කම්කරුවෙකු වශයෙන් සේවය කොට ඇති අතර ඔහු අලව්ව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු බවට පොලීසිය කියා සිටියේය.

පොලිසිය පැවසූවේ සැකකරු යාපනය ප්‍රදේශයේ ජාවාරම්කරුවෙකුගෙන් අදාළ මුදල් තොගය ලබාගෙන පැමිණ ඇති බවටත් අදාල ජාවාරමේ සුල මුල සෙවීමටද මේ වන විට විශෞෂ පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද කියා සිටියේය

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,475 Viewers
Main News