හොර සල්ලි අච්චු ගැසූ සැමියයි බිරිඳයි අත්අඩංගුවට ගනී…

November 7, 2017 at 8:02 am | lanka C news
හොර සල්ලි අච්චු ගැසූ සැමියයි බිරිඳයි අත්අඩංගුවට ගනී…

යාපනය මණියන්තොට්ටම් ප්‍රදේශයේදී රුපියල් 21 ලක්ෂ හැටඅටදහසක ව්‍යාජ මුදල් මුද්‍රණය කළ දෙදෙනෙකු ඊයේ (06) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය කියා සිටියේය.

මණියන්තොට්ටම් ප්‍රදේශයේ පිහිටි නිවසක් තුලදී අදාල ව්‍යාජ මුදල් තොගයක් ඇති බවට යාපනය පොලීසිය ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අදාල ප්‍රදේශයට ගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර ව්‍යාජ මුදල් මුද්‍රණය කල බවට සැකකෙරෙන විවාහක යුවලක්ද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ව්‍යාජ මුදල් අතර රුපියල් 5000 නොට්ටු 400 ක් රුපියල් දහසේ නෝට්ටු 168 ක් නිවස තුල තිබියදී සොයාගෙන ඇති අතර ඊට අමතරව ව්‍යාජ මුදල් මුද්‍රණය සඳහා යොදාගත් ලැප්ටොප් දෙකක්, ස්කෑනර් දෙකක්, ඩොන්ගල් එකක් හා ජංගම දුරකතන දෙකක් අදාල නිවස තුල තිබියදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් වූවේ යාපනය අලවෙඩ්ඩි දකුණ ප්‍රදේශයේ 26 හැවිරිදි සැමියා වූ රාජසේකරන් ඩබේසන් හා යාපනය මණියන්තොට්ටම්හි 19 හැවිරදි බිරිඳ වූ ඩබේෂන් ක්‍රිෂාණි යන අයයි.

අත්අඩංගුවට ගත් ව්‍යාජ මුදල් නොට්ටු සම්බන්ධයෙන් මේ වන විට යාපනය පොලීසිය විශේෂ පරික්ෂණයක් සිදු කරන අතර අදාල ව්‍යාජ මුදල් කොතරම් ප්‍රමාණයක් ඔවුන් භාවිත කොට ඇත්ද යන්න පිළිබවද පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද යාපනය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,678 Viewers
Main News