‘හෝල්ඩ්’ නෙමෙයි ‘කෝල්’ කියලයි කිවුවේ.. ලිච්චවිලාගේ සරම ගැලවුනේ නෑ..- ඇමති සමරවීර කියයි..

November 9, 2017 at 5:30 pm | lanka C news
‘හෝල්ඩ්’ නෙමෙයි ‘කෝල්’ කියලයි කිවුවේ.. ලිච්චවිලාගේ සරම ගැලවුනේ නෑ..- ඇමති සමරවීර කියයි..

‘ඇමති සමරවීරගේ රහස් දුරකථන ඇමතුම පටිගත වේ. ලිච්ඡවීලාගේ සරම ගැලවේ”යන ප්‍රවෘත්තිය සත්‍ය නොවන බව ඇමති රවින්ද‍්‍ර සමරවීර මහතාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිවේදනය කරයි.

ඔහු සදහන් කරන්නේ ඇමතිවරයා විසින් සදහන් කරනු ලැබුවේ ටෙන්ඩරය ‘හෝල්ඩ්’ කිරීමක් නොව ‘කෝල්’ කිරීමක් බවයි.

මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

“ඇමති සමරවීරගේ රහස් දුරකථන ඇමතුම පටිගත වේ.ලිච්ඡවීලාගේ සරම ගැලවේ”යන ප්‍රවෘත්තිය සම්බන්ධවයි  . 

ඉහත ශීර්ෂය යටතේ ඔබ වෙබ් අඩවියේ පල වී ඇති ප්‍රවෘත්තිය  පිළිබඳව නිවැරදි තොරතුරු  පාඨකයා වෙත ලබා දීමට අවශ්‍ය වී ඇත .

එම දුරකථන ඇමතුමෙන් ගරු අමාත්‍යතුමා සඳහන් කර ඇත්තේ තමන්ගේ පාක්ෂිකයෙකු විසින් විදේශ රැකියා අමාත්‍යංශයට අයත් හාලිඇළ ප්‍රදේශයේ කාර්යාලයක භෝජනාගරයේ ටෙන්ඩරයක් සම්බන්ධවයි. එහිදී කිසි විටෙක එම ටෙන්ඩරය “හෝල්ඩ්” (නවතා දැමීමට)කිරීමක් සම්බන්ධව සඳහන් කර නොමැති අතර එතුමා සඳහන් කර ඇත්තේ “කෝල් ” (එම ටෙන්ඩරය දැන් ආරම්භ කර)ඇති බවයි.

ඒ අනුව දේශපාලන නියෝජිතයන් වශයෙන් තමන්ගේ පාක්ෂිකයෙකු විමසුවිට අදාළ අමාත්‍යංශයේ දේශපාලන අධිකාරියේ නියෝජිතයෙකු හමුවී අදාළ අවශ්‍යතාවය සපුරා ගන්නට උපදෙස් ලබා දීම සාමාන්‍ය ක්‍රමවේදයයි .

මෙහිදී කිසි විටෙක රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට කිසිදු අනිසි බලපෑමක් සිදු නොකර ඇති අතර ඇමතිතුමා විසින් ප්‍රකාශ කල “කෝල්” යන වචනය “හෝල්ඩ්” ලෙස සඳහන් කරමින් සත්‍ය තත්වය විකෘති වන අකාරයේ ප්‍රවෘත්ති නිර්මාණය කර ඇත.

එම නිසා එම ප්‍රවෘත්තිය මගින් අමාත්‍යතුමාට විශාල අපහාසයක් සිදුවන බැවින් වගකිවයුතු වෙබ් අඩවියක් ලෙස මෙම ප්‍රවෘත්තියක් නිවැරදි කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

රංජුල වීබද්දආරච්චි
(මාධ්‍ය ලේකම් )

17,991 Viewers

6 Comments to “‘හෝල්ඩ්’ නෙමෙයි ‘කෝල්’ කියලයි කිවුවේ.. ලිච්චවිලාගේ සරම ගැලවුනේ නෑ..- ඇමති සමරවීර කියයි..”

  1. Kuveni says:

    He may be thinking that listeners can be hoodwinked so easily.

    Anybody can replay the conversation and understand the difference between “hold” and “called”

    He used the word “hold”.

  2. Samarasekara says:

    Unp karayonta hora waidak wat hariyata karaganna bai. Ai ban mai wage deyak media issaraha thiyagena amuma amu gonek wage tender gaina kata karanne. Lol !

    • චේතියසේන says:

      මෝඩකමයි උද්දච්ච කමයි එකතු වුනාමඔහොම තමයි,

  3. Rohitha says:

    Hold kiyala thama matanam aehenne. eka prasnayak newei. hold kiwwath call kiwwath amathyawaraya kala waede ekai. tenderayata angili gaeheemak. eka waeradiy.

  4. Indika Daminda says:

    To be fair by the minister what he says seems to be true if you watch the video clip carefully. it’s the Sirasa TV which has misinterpreted the word by inserting the wrong word in the subtitles.

  5. Karu says:

    මෝඩ හරකා.අහපන් උඹම කියන එක.

Leave a Comment

Main News