ජාතිවාදී විග්නේශ්වරන්ට යාපනය විශ්වවිද්‍යාලය විනාශ කරන්න දෙන්න එපා..- NUTA ලියයි

May 23, 2018 at 5:30 pm | lanka C news
ජාතිවාදී විග්නේශ්වරන්ට යාපනය විශ්වවිද්‍යාලය විනාශ කරන්න දෙන්න එපා..- NUTA ලියයි

පසුගියදා පැවති කොටි සැමරුම් සඳහා යාපන විශ්විද්‍යාල සිසුන් සහභාගි වීම සහ යාපනය සාමාන්‍ය වැසියන් නිශ්ශබ්දව සිටියදී සරසවි සිසුන් ඒ සඳහා මූලිකත්වය ගැනීම ඉතා නරක පූර්වාදර්ශයක් බව ජාතිකවිශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ ලේකම් මහාචාර්ය චන්න ජයසුමන මහතා ලිපියක් මගින් යාපන විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රත්නම් විග්නේශ්වරන් මහතාට දන්වා යවා ඇත.

ජාතිවාදී උතුරේ මහඇමතිගේ බසට රැවටුණු විශ්වවිද්‍යාල සිසුන්ගේ මෙම ක්‍රියාකලාපය උතුරේ උගත් තරුණ පෙළ සහ යාපනය විශ්වවිද්‍යාලය පිලිබඳ දකුණේ සිංහල සහ මුස්ලිම් ජනතාව තුළ තිබූ යහපත් ආකල්පය විනාශ වීමට හේතු වූ බවද එහි දක්වා ඇත.

ත්‍රස්තවාදය අවසන්කළ දේශපාලන නායකත්වයට සහ හමුදාවට උතුරේ තරුණයන් සදා ණයගැති බව පෙන්වා දෙන ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය එසේ නොවන්නට අද විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන බොහෝ දෙනා බංකර් ඇතුලේ ලඟින බවද උපකුලපතිවරයාට පෙන්වා දී ඇත.

මේ පිලිබඳ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරු සමග සාකච්ජා කර යාපන සරසවි සිසුන්ට නිවැරදි මග පෙන්වීම ලබා දෙන මෙන්ද වැඩිදුරටත් ලිපියේ දක්වා ඇත.

මුලාශ්‍ර 01 02

10,196 Viewers

One Comment to “ජාතිවාදී විග්නේශ්වරන්ට යාපනය විශ්වවිද්‍යාලය විනාශ කරන්න දෙන්න එපා..- NUTA ලියයි”

  1. Sirisena Yatawara says:

    We want objective analysis of Tamil liberation claim land in Lanka an Island by TNA, LTTE and Tamil diasporas living in western cities. what is role of that intelligences of south of lanka?
    Exposed that Tamil anti-reconciliation movement carry forward which advocated by C.Wignasran man turn that who Judge turn into Tamil nationalist and political terrorist—-in North as CM?
    C.Wiganstran is born ideology of Tamil chauvinist who was installed by CIA and RAW. He is hardcore LTTE agent !

Main News