ළමා අපයෝජනයන් හා කාන්තා හිංසනයන්ට එරෙහිව වව්නියාවේ විරෝධතා….

August 31, 2018 at 2:14 am | lanka C news
ළමා අපයෝජනයන් හා කාන්තා හිංසනයන්ට එරෙහිව වව්නියාවේ විරෝධතා….

උතුරු පළාතේ කාන්තාවන්ට සිදුවන හිංසන අපචාරයන් මෙන්ම ළමා අපයෝජන වැඩි වී ඇති හෙයින් එය වළක්වා ගැනීමට වගකිවයුතු බලධාරීන් මැදිහත් වන ලෙස ඉල්ලමින් විරෝධතා පාගමනක් (30)  වවුනියාව නගරයේදී පැවැත්විණි.

වව්නියාව දිස්ත්‍රීක් කාන්තා සංගමය හා සිවිල් සංවිධාන කිහිපයක් විසින් වවුනියාව නගර සභාව ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා පාගමන වවුනියාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය දක්වා ගමන් කෙරිණි.

එහිදී විරෝධතාකරුවන් පවසා සිටියේ ළමා අපයෝජන හා කාන්තා හිංසනයන් උතුරු පලාත තුල දිනෙන් දින වැඩි වී අති බවටත්  වරදකරුවන් වෙත නීති සංශෝධනය කොට දැඩි දඬුවම් ලබාදිය යුතු බවත් සෙසු පළාත් වලට සාපේක්ෂව උතුරු පළාතේ අන්තර්ජාල ඔස්සේද කාන්තාවන් හා ළමයින් වෙත සිදුවන හිංසාකාරී සිද්ධීන් වැඩිවී ඇති බවත් එම හිංසන වැළැක්වීම සඳහා අදාල බලධාරීන් කටයුතු කරන ලෙසද ඉල්ලා සිටියහ.

එමෙන්ම මෙම හිංසන සඳහා උතුරේ පැතිරයන මත්ද්‍රව්‍ය ජාවාරම විශේෂයෙන් වගකිවයුතු බවත් මත්ද්‍රව්‍ය මැඩලීම මගින්ද ළමා අපයෝජනයන් හා කාන්තා හිංසනයන් වලක්වා ගත හැකි බැවින් ඉක්මන් පියවරක ගත යුතු බවටද විරෝධතා කරුවන් කියා සිටියහ.

විරෝධතාව අවසානයේදී විරෝධතා කරුවන් විසින් වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අනුර අබේවික‍්‍රම මහතා වෙත සංදේශයක්ද භාර දීමටද පියවර ගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

386 Viewers

One Comment to “ළමා අපයෝජනයන් හා කාන්තා හිංසනයන්ට එරෙහිව වව්නියාවේ විරෝධතා….”

  1. hgyh says:

    මස් නැතුව බුරියානි කන හැටි NGO කාරයෝ එක්ක එකතුවෙලා ඉගෙන ගත්තනේ ?

Main News