ළිඳකින් මළ සිරුරක් හමුවේයි…

December 7, 2018 at 2:08 am | lanka C news
ළිඳකින් මළ සිරුරක් හමුවේයි…

වව්නියාව, ඊච්චන්කුලම, තරණිකුලම ප්‍රදේශයේ ළිඳක තිබි පුද්ගල මළ සිරුරක් සොයාගත් බව වව්නියාව ඊච්චන්කුලම පොලීසිය පැවසීය.

මිය ගිය අයගේ ඥාතීන් විසින් පොලීසිය දැනුවත් කිරීමෙන් පසුව ඊච්චන්කුලම් පොලිස් නිලධාරීන් පැමිණ මළ සිරුර ළිඳෙන් ගොඩට ගැනීමට පියවර ගෙන ඇත.

පොලීසිය පැවසූවේ ඥාතීන් විසින් පුතා නිවසේ නොමැතිවීම හේතුවෙන් සොයා බැලීමේදී පුතාගේ මළ සිරුර ළිඳ තුළ තිබෙනු මියගිය පුද්ගලයාගේ මව දැක අනතුරුව පොලීසිය දැනුවත් කොට ඇති බවටයි.

වව්නියාව, තරණිකුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක් වු සෙල්වම් නමැති පුද්ග‍ලයෙකුගේ මළ සිරුර එලෙස ළිඳ තුළ තිබි ගොඩගත් බවද පොලීසිය පැවසීය.

මිය ගිය පුද්ගලයාගේ මරණය හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර පොලීසිය පැවසූවේ සිය දිවි හානි කරගනීමට ඇති බවට සැක කරන බවටත් සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් සිරුර වව්නියාව රෝහල මෘත ශරීරාගා‍රයේ තැන්පත් කොට ඇති බවට පරික්ෂණ සිදු කරන ඊච්චන්කුලම් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,186 Viewers

Leave a Comment