ෆුට් නෝට් දැම්මාට කෝප් සභාපති හදුන්නෙත්ති විරුද්ද වුනේ නෑ.. මහේන්ද‍්‍රන් වරදකරු කියා කෝප් වාර්තාවේ ලියා නෑ..- සුජීව-හදුන්නෙත්ති හිරු බලයේ ඇවිලෙති..[Video]

February 6, 2018 at 9:25 am | lanka C news
ෆුට් නෝට් දැම්මාට කෝප් සභාපති හදුන්නෙත්ති විරුද්ද වුනේ නෑ.. මහේන්ද‍්‍රන් වරදකරු කියා කෝප් වාර්තාවේ ලියා නෑ..- සුජීව-හදුන්නෙත්ති හිරු බලයේ ඇවිලෙති..[Video]

හිරු රූපවාහිනියේ ඊයේ රාත‍්‍රියේදී ‘බලය’ විශේෂ වැඩසටහනක් පැවැත්වින.

මහ බැංකුවේ බැදුම්කර අක‍්‍රමිකතාවයන් සම්බන්දයෙන් එහිදී වැඩි වශයෙන් සාකච්චාවට ලක් විය.

කෝප් කමිටු සභාපති ජවිපෙ මන්ත‍්‍රි සුනිල් හදුන්නෙත්ති සහ රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ අතර උණුසුම් විවාදයක් එක් අවස්ථාවක ඇති වූයේ බැදුම්කර කොප් කමිටු වාර්තාවට එජාප සාමාජිකයන් විසින් යොදන ලද පාද සටහන් සම්බන්ධයෙනි.

එහිදී රාජ්‍ය ඇමතිවරයා සෘජුවම චෝදනා කරන ලද්දේ එම වාර්තාවේ පාද සටහන් යොදනු ලැබුවේ සභාපති සුනිල් හදුන්නෙත්තිගේ අනුමැතිම මත බවත් ඔහු ඊට කිසිමු විරෝධයක් නොදැක්වූ බවත්ය.

එමෙන්ම අර්ජුන් මහේන්ද‍්‍රන් බැදුම්කර චෝදනාවට වරදකරුවෙක් යයි කෝප් කමිටු වාර්තාවේ කිසිදු තැනක සදහන්ව නැති බවද එසේ සදහන් කර ඇතිනම් පෙන්වන ලෙසද ඇමති සේනසිංහ ඉල්ලීය.

වීඩියෝව මෙතනින්

45,087 Viewers

17 Comments to “ෆුට් නෝට් දැම්මාට කෝප් සභාපති හදුන්නෙත්ති විරුද්ද වුනේ නෑ.. මහේන්ද‍්‍රන් වරදකරු කියා කෝප් වාර්තාවේ ලියා නෑ..- සුජීව-හදුන්නෙත්ති හිරු බලයේ ඇවිලෙති..[Video]”

  1. sasi says:

    අර්ජුන මහේන්ද්‍රන් පසුගිය 2002-2004 රනිල් වික්‍රමසිංහ අගමැති සමයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරය දරණ ලද අතර දෙදෙනාම කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවන් වේ.

    කරුණාකර 2002 – 2004 දක්වා උ අක්‍රමිකත සොයා බැලුවනම් හොනද්යි වගේ

    • Ane mage kata says:

      Agei, foot note daanna viruddha noveemath Maha Banku Mankolleta anubala deemak! Agei Agei. Foot Note damme nathnam Ali Baba vitharai neva arjun ekka savdiya puranne. Ithin dan foot note ranchai poth liyapu vandibattayoi aavadapu eheyyo okkom ekama damvalakin geta gahila inne yasa apuuruvata.

  2. Kings says:

    මම කියන්නෙ අර්ජුන් ඇලෝසියස් වැරදි කරුවෙක් නෙමෙයි. වැරදි කරුවන් වෙන්නේ මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුට අනුබල දුන් දේශපාලුවන් ටික. (අගමැති, මුදල් ඇමති සහ රාජ්‍ය බැංකු භාර ඇමති)
    හේතුව, අර්ජුන් ඇලෝසියස් ප්‍රාථමික ගැනුම් කරු. ඔහු ව්‍යාපාරිකයෙන් විදියට බලන්නෙ වැඩි පොලී අනුපාතයක් අරගෙන තමන්ගෙ ව්‍යාපාරය ලාභ ලබන්න. ඒ නිසා ඔහු වැඩි පොලී අනුපාතයක් සහ වැඩි මුදලක් බිට් කලා. ඒක අනුමත කරපු මහ බැංකු අධිපති සහ අනෙක් රාජ්‍ය බැංකු වලට බිට් කරන්න එපා කියපු අයයි මේකට වග කියන්න ඕනි. ඡන්දෙ තිබ්බට පස්සෙ මේ පර්පෙක්චුවල් ට්‍රෙශරීස් දෙදෙන ඔය තර්ක උඩ නිදහස් වෙයි මගෙ හිතේ. මේක කෙටි චිත්‍රපටියක්. පෙබ්. 10 දක්වා පමනයි.
    අනිත් කාරනය හිටපු රුසියානු තානාපති. එයා හරිනම් මේ වෙනකොට ලංකාවට ගෙනැත් තියෙන්න ඕනි. පොලීසිය භාර ඇමති කියනව ඔහුව ගේන හැටි සාකච්චාකරල ටීම් එකක් යවනවලු. එතකොට 10 වෙනිද පහු වෙයි. ඊට පස්සෙ මිනිස්සු කතා කරන්නෙ ඡන්දෙ ගැන. මේ සේරම පොඩි මිනිස්සු අන්දන්න කරන ඒව.

    • සිරිබිරිස් says:

      එතකොට ඇලෝසියස් UNP ලොක්කන්ට කොටහක් දෙන්න ඔය වැඩේ කොරපු එකෙන් ඌ නිර්දෝෂියි ද?

    • මෙහි තිබන්නේ එම සමාගම අධිලාභ ඉපයීම.මහ බැංකූවේ තොරතූරැ සැපයීම වෙනුවෙන් එනම්‍ රහස්‍යතාවය කඩ කිරීමට මහ බැංකූවේ සේවකයින් පමණක් හිරේ යෑමේ‍ ප්‍රවනතාවය වැඩියි.රජයට වූ පාඩුව සම්‍බන්ධයෙන් සාක්කි දී මේදී විගණකාධිපතිට එම කරැනු ඔප්පු කරගන්න බැරිවුනා.පාඩුව ඔප්පු කරන ක්‍රම වේදයක් නැහැ.මට පෙනුන විදිහට අැලෝසියස් ලා කොමිෂම සැහැල්ලුවෙන් සැලකූවේ.

  3. HUNA says:

    JEPPO Andabalayowe

  4. gama says:

    Mr. Handunnetti… we salute Sir…. for the first time . thanks Hiru TV and lanakacnews …

    • NAK says:

      Redda thamai handuneththi karanneth rangapemak ma thamai.

    • Pal says:

      Dear gama ,

      JVP Is not a genuine political party anymore..

      They understood the value of property development sometimes back and now they engage doing that to the maximum. They sell their votes to Yahapalana government on demand.
      I was ones a member of JVP during my university career.

  5. බන්ඩා says:

    හදුනෙත්ති අනිත් අයට අැගිල්ල දික්කොරන්නෙ කතා කොරන්නෙ සීනුවට චන්දෙ ඉල්ලන්නෙ හරියට එයාල සුදෝ සුදු කිරි කැටියො වගෙය්. නමුත් අපට නම් මතකය් ජෙපි කාඩරයො ට්‍රාන්ස්ෆෝමර් කඩල, බස් ගිනි තියල, චිට් බෙදල, ෆැක්ටරි සහ කඩ වහල, මිනී මරපු හැටි, සල්ලි හොයන්න බැංකු බිදපු හැටි. ඉතින් අනුන්ට අැගිලි දික් නොකර ඉස්සරහට රට හදන හැටි කිව්වොත් හොද බවය් මගේ අදහස.

    • Veerasena says:

      SLFP karayo ,UNP jarayo , MAhinda, premadasa , lokuge vage ayage marakam Horakam gangath hoyala balapalla

  6. සීනුව පස්සේ ගියපු අහිංසක මෝඩ තරුන තරුනියෝ 50000කට අඩික බටලනදෙන් කෙලවර උනා. වල් අලි ඇවිත් රටම නොකවුට් වෙන්න මහබැංකුට පාර දුන්නා. ආප්ප කාලා මයි3 පිහි ඇනුමකින් බලයට ඇවිත් මුලු රටටම කෙලව්වා.තව මොනවද අපිට ඕන සහ අපිට නැත්තේ…………බටලන්දේ රනියගෙන් වයිපයි විතරයි.

  7. duminda says:

    dooshanaya paradana jawaya………. nonimi inima

  8. ccc says:

    මේක දැම්මෙ හඳුන්නෙත්තිගෙ කතාව ප්‍රමෝට් කරන්න නෙමෙයිද? මේ වෙබ් සයිට් එක එඩිත් කරන එකත් මෛත්‍රීපාලගෙ පැත්තට පැනල කියලයි මට හිතෙන්නෙ.

  9. kapila says:

    Jeppo suddawanthayo nemei. unta balaya labunama korana rage penei. Munge Anthar Samagam Sewaka Sangamaye Wasantha Samarasingheya loku company walin padi gannawa strike nokara inna. Rocell payroll eketh moo innawa. mun amuthuma jaathiye horu

  10. Mare says:

    JVP is the most currpted party.
    Without involvement they earn lot of money for different political contract…

    They always have an hidden agenda and do not believe this gang…

  11. Open mind says:

    මා විශ්වාස කරනවා ඔබ පක්ෂ පාට පැත්තකින් තබා බලය වැඩ සටහන බලන්න ඇති කියල

Main News