ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන එන තීරණාත්මක පැයේ රටම පෙළගැස්විය හැකි නායකයා දින 70ක් හිරේ..

March 20, 2017 at 5:30 pm | lanka C news | ලංකා සී නිවුස්
ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන එන තීරණාත්මක පැයේ රටම පෙළගැස්විය හැකි නායකයා දින 70ක් හිරේ..

රට කඩන ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒමට ආණ්ඩුව සූදානම් වන මේ තීරණාත්මක පැයේ ඊට එරෙහිව රටම පෙළගැස්විය හැකි ජාතික නායකයා දින 70ක් තිස්සේ සිරගතකොට ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයශාන්ත ගුණසේකර මහතා පෙන්වා දෙයි.

අද(20) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ විමල් වීරවංශ මහතා යළි දින 14කට රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව මාධ්‍ය අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

“අදට(20) විමල් වීරවංශ කියන ජාතික නායකයා සිරගත කරලා දින 70ක් වෙනවා. අද ලබා දුන් මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දුව සමඟ ඔහුට අප්‍රේල් 03 වැනිදා දක්වා තව දින 14ක් සිරබත් කෑමට සිදුව තිබෙනවා.

ඒකීය ව්‍යවස්ථාව වෙනස් කරලා ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒමට මේ ආණ්ඩුව සූදානම් වෙලා ඉන්න වෙලාවේ තමයි ඊට එරෙහිව රටම පෙළගැස්විය හැකි මේ ජාතික නායකයා ත්‍ක්‍ෂෘය ලවා අභූත චෝදනා නගලා සිරගත කරන්නේ. රටේ ආර්ථිකය බිඳ වට්ටද්දී, ජාතික සම්පත් විකුණද්දී ඊට එරෙහිව රටම පෙළගැස්විය හැකි නායකයා තමයි මේ විදියට අද සිරබත් කන්නේ.

පසුගියදා එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හා ප්‍රවාහන රාජ්‍ය ඇමති අශෝක අබේසිංහ පාර්ලිමේන්තුවේදි කිව්වා මේ ආණ්ඩුව යන්න හදන ගමන ගැන. ‘මහින්ද රාජපක්‍ෂලාගේ, විමල් වීරවංශලාගේ ප්‍රජා අයිතිය අවුරුදු 07කට අහෝසි කරනවා. එමගින් ඔවුන්ට ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීමේ අවස්ථාව අහිමි වෙනවා. අපි ඊට පසුවයි මහ මැතිවරණයකට යන්නේ. ජනාධිපතිවරණයකට යන්නේ ’ කියලයි අශෝක අබේසිංහ එදා කීවේ. මේ ඒකාධිපති ගමන අප නතර කරන්න ඕනේ.

මාධ්‍ය මර්දනය කරලා, සැබෑ විපක්‍ෂය වන ඒකාබද්ධ විපක්‍ෂය මර්දනය කරලා මේ යන ගමනට වැඩි ආයුෂ නැහැ. තව පෝය කිහිපයකින් මේ ඒකාධිපති ගමනට නිසි පිළිතුරු ලැබේවි. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා හෙට දිනයේදී මහාධිකරණයෙන් විමල් වීරවංශ මහතාගේ ඇප ප්‍රතිශෝධන පෙත්සමට සාධාරණ තීන්දුවක් ලැබේවි, කියලා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

15,354 Viewers

9 Comments to “ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන එන තීරණාත්මක පැයේ රටම පෙළගැස්විය හැකි නායකයා දින 70ක් හිරේ..”

  1. JUDGE LANKA BAGALAWATHI says:

    This AMANDI grown with money looted from poor pations money giving color water as medisine. So, what else you hope from this leady

  2. Yasantha says:

    අපේ රටේ මිනිස්සු මේ මර නිනදෙන් ඇහැරෙන්නේ කවදාද? ගවපාලනයට මේ විදියට පිස්සු කෙලින්න තව දුරටත් ඉඩදෙනවාද?
    කෙසේ නමුත් මුග්ද ගවපාලකයින් ඔවුන්ගේ සුවච කීකරැ විනිසුරැවන් ලවා මේ කරමින් සිටින්නේ විමල් වීරවංශමැතිතුමාගේ දේශපාලන ගිණුමට බලහත්කාරයෙන් ස්ථිර තැන්පතු එක්කිරීමක් ලෙස මම දකිමි.

  3. kamalsiri kuruwita says:

    අධිකරණයේ ස්වාධීනත්වයක් ඇති නැති බව දැනගැනීමට ජනතාව හෙට දිනයේ අධිකරණයට ගෙන එන ඇප ප්‍රතිසොධන පෙත්සමට දෙන තීන්දුව දෙස ඉතා විමසිල්ලෙන් බලා සිටි.

    • Alapaluwa says:

      අපිට මේක දැනුණා කොහොමටත් විමල් සහෝදරයව මේ ගෙන එන්න බලාපොරොත්තු වන ෆෙඩරල් වියවස්තාව ඉවරවනතෙක් විමල් සහොදරයට කෙසේවත් ඇප නොලෙබෙන බව.මොකද හිටිය කටහඩ අවදිකර ශක්ති සම්පන්න පෙරමුණක් කාරා ගෙනයන්න තිබුන මුදුන් පුරුක හිරකර තැබුවිට මුන්ට අවශ්‍ය කරුණු කාරණා මැනවින් හිටුකරගන්න හැකිවන වනබැවින්.අනෙක මටනම් තඹ සතයකටවත් විස්වාස කරන්න බැ මේ පඹයන්ව මොකද මහා පුදුම චරිතයක් නිසා කියන්නේ එකක් කරන්නේ තව එකක්.භික්ෂුන් වහාන්සේලට අතතබන්න ඉඩ දෙන්නේ නැ කියනවා හමුදාවේ බුද්ධි අංශය පාවා දෙන්නේ නැ කියනවා අන්තිමට මොකද වෙලා තිබෙන්නේ පසුදාම එකියපු කරණා දෙකම සැබැවින්ම සිටුවෙලා. ඉතින් අපිට නම් හිතෙන්නේ කොන්දක් නැති අංශ පණනැති අස්වැන්න නෙලන්න තිබෙන කුඹුරක හිටවපු පඹයෙක් වගේ කියලා තමයි මේ හිටං ගොයියා.

  4. LION says:

    කොටි භාණ්‌ඩාගාරයේ ඩොලර් බිලියන දෙකක්‌

    කොටි භාණ්‌ඩාගාරයේ ඩොලර් බිලියන දෙකක්‌
    කොටි ජාත්‍යන්තර ජාලයට සම්බන්ධ භාණ්‌ඩාගාරයේ වත්කම ඩොලර් බිලියන දෙකක්‌ හෙවත් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් බිලියන 280 කි. මේ බව හෙළි කරන්නේ කැනඩා ආරක්‍ෂක බුද්ධි සේවාවයි. 2009 මැයි මස 19 දා කොටි සංවිධානය පරාජය වුවත් ජාත්‍යන්තර ජාලයට අයත් වත්කම අනාවරණය වූයේ නැත….

  5. Yasarathna ayya says:

    “ගුවන් හමුදා යානාවක්‌ විනාශ කළැයි චෝදනා ලත් හිටපු කොටියා නිදහස්‌…: සමුර්ධිමත් ලංකාවක අසිරිය,

  6. "මව්බකල" says:

    රට කඩන “ෆෙඩරල් ව්‍යවස්ථාව|” කාටවත් වැලැක්විය නොහැක!!!

    ලංකාවේ අනාගතය මෙසේ ඉදිරියේදී දැකිය හැක..

    “උතුර” දෙමළ ප්‍රාන්තයයි ෴ ලංකාවේ ආර්ථිකව දියුණුම සමඟිම ප්‍රාන්තය !
    කථා කරන භාෂාව— “දෙමළ බස” පමණි! ඇඳුම–පාරම්පරික දෙමළ ඇඳුම පමණි!

    “නැගෙනහිර” මුස්ලිම් ප්‍රාන්තයයි ෴ ලංකාවේ රටටම වින්නැහි කරන ප්‍රාන්තය !
    කථා කරන භාෂාව— “දෙමළ බස” පමණි! ඇඳුම–පාරම්පරික මුස්ලිම් ඇඳුම පමණි!

    “දකුණ” සිංහල ප්‍රාන්තයයි ෴ලංකාවේ රටටම පක්‍ෂ භේද වින්නැහියෙන් හිඟාකන ප්‍රාන්තය !
    කථා කරන භාෂාව— “ඉංග්‍රීසි බස” පමණි! නොදැනුවත්ව සිංහළ බස මියැදේ!
    ඇඳුම–පාරම්පරික සිංහළ ඇඳුම මියයයි.. සාරිය ඔසරිය හිර ඩෙනිමට හැරේ කෙල්ලන්ගෙ හෙළුව එළි දකී !

    “දෙමළ මව්බස”

  7. harsha says:

    මහින්‍ද රාජපක්‍ෂට බැරිද?

    • කුකුළා says:

      බෝලයි බැංකු හොරාටනේ බං බැරි. මහින්ද මහත්තයාට තාම පුළුවන්.

Leave a Comment

Main News