ෆේස්බුක් ගිණුම්වලට එරෙහිව රාජිතගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යංශයෙන් CIDයට පැමිණිල්ලක්..

May 7, 2017 at 12:40 pm | lanka C news
ෆේස්බුක් ගිණුම්වලට එරෙහිව රාජිතගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යංශයෙන් CIDයට පැමිණිල්ලක්..

රාත්‍රී කාලයේ රුධිරය ලබාගැනීමට පැමිණෙන නිලධාරීන්ගේ මුවාවෙන් යම් පිරිසක් එචි.අයි.වී ඒඩිස් ආසාදනය පතුරුවන බවට ඇතැම් සමාජ වෙබි අඩවි මගින් සාවද්‍ය තොරතුරු පැතිරවීම පිළිබදව කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙින්තුවෙන් ඉල්ලා සිටියේය. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත බරවා රෝග මර්දන වැඩසටහන විසින් මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙින්තුවට ඉදිරිපත් කර ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසන පරිදි මෙි වනවිට ශ්‍රී ලංකාවෙන් බරවා රෝගය අවම කර ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සහතික කරණය කර ඇත. නමුත් නිරෝගී පුද්ගලයෙකු දිර්ඝ කාලීන ආබාධිතභාවයට හා විරූපීභාවයට පත්කරවන බරවා රෝගය නැවත හිස එසවීම වැළැක්වීම සහ සහමුලින්ම තුරන් කිරීම අරමුණු කරගෙන බරවා මර්ධන ව්‍යාපාරයට අනුයුක්තව සේවය කරන මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරින් ඉතා දුෂ්කර තත්ත්ව යටතේ රාත්‍රී කාලයේ නිවෙස් වලට පැමිණ රධිර පටල ලබාගනු ඇත. එම පටල රසායනාගාරයේ දී පරීක්ෂා කර හදුනා ගන්නා රෝගීන්ට නිවසටම පැමිණ ප්‍රතිකාර ලබාදෙනු ඇත.

මෙම රුධිර පරික්ෂාව රාත්‍රි කාලයේ දීම සිදු කිරීමට අවශ්‍ය වනුයේ බරවා ක්ෂුද්‍ර පණුවා පර්යන්ත රුධිරයට රාත්‍රී කාලයේ දී පැමිණෙන බැවිනි. නිවැසියන්ගේ ආරක්ෂාව සදහා මෙම නිලධාරීන් සිය නිළ ඇදුමින් සැරසී හැදුනුම්පත පැළැද සිටියි.මෙි පිළිබදව යම් විමසීමක් සිදු කිරිමට අවශ්‍ය නම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් එම තොරතුරු විමසා ලබාගැනිමට හැකිය.

සයිබර් අපරාධ පිළිබද මධ්‍යස්ථානයට මෙි සාවද්‍ය තොරතුරු පිළිබදව පැමිණිලි කර ඇති අතර, මෙය සිතා මතා සිදු කරන කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව අපි සිතමු.

ඒ අනුව මෙි සාවද්‍ය තොරතුරු වලට නොරැවටි නිළ ඇදුමෙන් සැරසී පැමිණෙන මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන් නොමිලේ සැපයෙන සේවාව උපරිමයෙන් ලබාගැනීම සදහා ඔබගේ සහයෝගය සෞඛ්‍ය දෙපාර්තෙමින්තුව බලාපොරොත්තු වන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

5,847 Viewers

5 Comments to “ෆේස්බුක් ගිණුම්වලට එරෙහිව රාජිතගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යංශයෙන් CIDයට පැමිණිල්ලක්..”

  1. daham says:

    me isis kaarayo loke karana wadawala hatiyata unwa saka karana eka saadhaaranayi. parissam weema ithaa watina deyak.
    hama deyakma desapaalana konayen balana eka me aanduwe aththanta thiyena ledak wage. ekata nam health miistry eken beheth deela hariyane naha.

  2. Dickie Bird says:

    It appears CID has no work these days………….

  3. Waruna Kuamara says:

    මම දැක්කේ දවල්ට ලේ ගන්න කතාවක්. කොහොම උනත් මේකෙ සත්‍යතාවයක් තාම වාර්තා වෙලා නැහැනේ. කවුරුත් පොලීසියට දැනුම් දීලත් නැහැනේ. අහිංසක මිනිස්සුන්ට නොමිලේ ලේ පරීක්ෂා කරගන්න තිබුන අවස්ථා නැති කරනවා බොරු ප්‍රචාර වලින්. FB එකේ යන කට කතා ගැන දෙපාරක් හිතන්න කාලේ ඇවිත්. නිකන් කතා පතුරවල රටේ ප්‍රශ්ණ ඇති කරන උන්ගෙ cyber criminal වලට විරුද්ධව action ගන්නම ඕන.

    • ducky bird says:

      Gon katha.
      FB eke yanne niladharin kiyagena horuth enawa kiyal. Oba keseda ehema venne ne kiyanne ?

  4. Gayantha says:

    Gonno grama sewaka dainuwath karala. Minihat ekka oya niladarin giya nan prashnayak wenne nai ne. Gon kama thamai rajithayagei uge gon niladarin gai.

Main News