ෆේස්බුක් තහනම-හදිසි නීතිය ඉක්මනින් ඉවත් කරනවා..

March 13, 2018 at 8:40 am | lanka C news
ෆේස්බුක් තහනම-හදිසි නීතිය ඉක්මනින් ඉවත් කරනවා..

ප‍්‍රදේශ කිහිපයක හටගත් නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් පැනවීමට සිදු වූ හදිසි නීති තත්ත්වය හැකි ඉක්මනින් ඉවත් කිරීමට රජය කටයුතු කරන බව ප‍්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ පවසයි.

විශ්ව විද්‍යාල සහ කර්මාන්තකරුවන් අතර අන්තර් සබඳතා ගොඩ නැංවීම වෙනුවෙන් අද තම අමාත්‍යංශයේ පැවති වැඩමුළුවක් අතරවාරයේ මාධ්‍යවේදීන් ඉදිරිපත් කළ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු ඒ බව කීය.

එමෙන්ම, සමාජ මාධ්‍ය ජාලවලට පනවා ඇති වාරණය ද ඉක්මනින් ඉවත් කරන බව ඇමතිවරයා එහිදී පැවසීය.

තවත් ප‍්‍රශ්නයකට පිළිතුරු ලෙසින් ඔහු කියා සිටියේ, පසුගියදා සිදු කළ කැබිනට් සංශෝධනයෙන් අපේක්ෂිත වෙනස සිදු නොවූ බවයි.

ඉදිරි වසර දෙකේදී රට සංවර්ධනය කිරීමට නම් ශක්තිමත් තීරණ ගත හැකි හැකියාවෙන් යුක්ත දක්ෂයින් තෝරාගෙන ඔවුන්ට වැඩි වගකීම් භාර දිය යුතු බව ගමගේ මහතා අවධාරණය කළේය.

– ජෝර්ජ් ද සිල්වා

7,071 Viewers

9 Comments to “ෆේස්බුක් තහනම-හදිසි නීතිය ඉක්මනින් ඉවත් කරනවා..”

  1. rambanda says:

    දැක්ක නේද අර ඇමෙරිකන් තානාපති ඉන්දියන් කාරය තර්ජනය කලා විතරයි මුන් අකුල ගත්ත. හනේ අපේ අභිමානය බල්ලට ගහිං. හිටං.

    • Amda says:

      මෙයා කෑගැහුවට වැඩක් නෑනෙ…පත්තරේ බල බල හිටපු අය FB එකේ කමෙන්ට්ස් බලන්න ගත්තට පස්සෙ තමයි මේ තීරණ අරගෙන ඇත්තෙ 😀

  2. Sujatha Senaratne says:

    මුන් ෆේස් බුකියටත් යටත් වෙලා ඉන්නෙ. අපට රාජපක්ශ නැවත ඕනෑ

  3. තුෂාර says:

    වම් අත නොදනී දකුණු අත කරන දේ… ඒ අතර දකුණු අත බරටම වැඩ…
    කරුණාකර යහපාලනය දකුණු අත ඔතනින් ඉවත් කර සංවර කරගන්න…

  4. ranjith fernando says:

    කරයි සංවර්ධනේ ඉදිරි වසර දෙකේදි. නිකම් බැරි දේවල් නොකිය හිට හන් බූරුවො

  5. susa says:

    me awrudu tunata karaganna baride dan koranna puluwanda olamottalayoo

  6. Raawanaa says:

    E thanam iwath karala,Gammiris aanayanay thahanam karanawada? me rate gowiyo wala palle.

  7. තුෂාර says:

    වම් අත නොදනී දකුණු අත කරන දේ… ඒ අතර දකුණු අත බරටම වැඩ…
    කරුණාකර යහපාලනය දකුණු අත ඔතනින් ඉවත් කර සංවර කරගන්න…

Main News