ෆේස්බුක් පිටු මකාදමන්න රජය සැරසෙයි..

March 17, 2018 at 2:10 pm | lanka C news
ෆේස්බුක් පිටු මකාදමන්න රජය සැරසෙයි..

ෆේස්බුක් සමා ජාලය ඔස්සේ ජාතිවාදී, ආගම්වාදී හෝ වෛරී හැගීම් ඇති කරන අදහස් පල කරන ගිණුම් ඉවත් කර දැමීම සදමා ෆේස්බුක් ආයතනය රජයට පොරොන්දු වී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ඉහල නිලධාරියෙක් කියා සිටියේය.

මෙම එකගත්වය පල කර ඇත්තේ රජයෙන් කල ඉල්ලීමක් අනුව යයිද නිලධාරියා කියා සිටියේය.

පසුගියදා මහනුවර ප‍්‍රදේශයේ ඇති වූ සිදුවීම් ගැන ෆේස්බුක් සමාගමට රජය විසින් කල දැනුම් දීම්වලදී ඔවුන් පවසා තිබුනේ තම සමාගමට මේ සම්බන්ධයෙන් කල හැකි දේ සීමිත බවයි.

කෙසේ වෙතත් දිගින් දිගටම කරන ලද සාකච්චාවලින් පසු සමාගම රජය හා ඉහත එකගතාවයට පැමිණ ඇති බවද සදහන්ය.

8,995 Viewers

6 Comments to “ෆේස්බුක් පිටු මකාදමන්න රජය සැරසෙයි..”

  1. Love nature says:

    ජේ ආර් නැවත ඉපදිලා

  2. බන්ඩා says:

    ෆේස් බුක් සමාජ ජාලා ලෝකෙ ප්‍රජාතන්ත්‍රවාදී හැම රටකම තියනවා. ෆේස් බුක් වල ලියන අයට බල පවත්වන නීතිත් ෆේස්බුක් සමාගම විසින්ම සම්පාදනය කරල තියනවා. ඉතින් අති දැවැන්ත සමාගමක් වන ෆේස් බුක් ලංකාව වගේ කුඩා අාර්තිකයක් තියන රටකට වෙනම නීති හදන්නෙ නැහැ. ෆේස් බුක් වගේ අන්තර්ජාතික සමාජ ජාලා නැතිව අපේ සංචාරක ව්‍යාපාරය අාර්තිකය ඉදිරියට ගිනි යන්න බැහැ. කොන්දොස්තර අමරය වගේ යහපාලක බූරැවන්ට හිටංලට ඒක තේරෙන්නෙ නැහැ. ඒකාබද්දය රනිල පන්නන කොට රටත් ඉවරය් රටේ අාර්තිකයත් ඉවරය්.

  3. Facebookman says:

    “ෆේස්බුක් පිටු මකාදමන්න රජය සැරසෙයි” – මෙය තෙරම් දුරට සාර්ථක වේ දැයි කිව නොහැක. එක පෙස් බුක් පිටුවක් වහන විට පිටු 10 ක් නැවත ආරම්භ වේ. දැනට ලංකාවේ ෆේස්බුක් සාමාජකයින් ලක්ෂ 6 සිටිතියි අනුමාන කෙරේ, මෙය දිනෙන් දින ඉහල යෑම හැර පහල යෑමක් සිදු නොවේ, ඉන් බහුතරය සිංහලය. පිටු මකා දැමු පමණින් බහුතරය සිය ජාතිය ගැන කථානොකර සිටිදැයි සිතීම මුලාවකි. අද සංසරණය වන ජාතිවාදි යැයි හඳුනා ගෙන ඇති පොස්ට් බොහෝමයක් ෆේස්බුක් පිටුවලින් ශෙයා කරන ඒවාට වඩා පුද්ගලිකව නිර්මාණය කරන ඒවා වේ. එමෙන්ම, පසු ගිය සිද්ධීන් සමග ඇති වු තත්වය මත අද වන විට පවතින දේශපාලන නායකත්වය නිර්දය ලෙස විවෙචනය කරමින් සහ සිංහල ජාතිය වෙනුවෙන් එකතු වෙන ලෙස ඉල්ලා ශෙයාවන පොස්ට් ඉහල ගොස් ඇත. ආණ්ඩුව තවමත් දුර දිග සිතා බලන තත්වයක් ද නැත. පරිනත මිනිසුන් රැලක තුල තිබිය යුතු කල්-කිරියාවක් ඔවුන් තුල නැත

  4. Tomy says:

    කාර් එකක් වතුරට වැටුනා කියලා ලංකාවේ වතුර තහනම් කරයිද දන්නේ නැහැ . මොකද සමහර අය ගොන් බූරුවොන්ටත් අන්තයි !!

  5. jayamal says:

    ෆේස් බුක් එකට අත තියලා යමපාලනය බෙල්ලට තොන්ඩුව දා ගත්තා. තව චුට්ටයි තද කරන්න තියෙන්නෙ. ඒ ටිකත් කරගනියි වගේ. තරුණ හිත් හුඟක් රිදිලා තියෙන්නෙ.

Main News