ෆේස්බුක් වාරණය කලොත් අවුල ඩබල් වෙයි.. පරිඝණකය කාමරයට තහනම් කර ගෙදර සාලයට ගේන්න යෝජනා…

September 4, 2018 at 3:26 am | lanka C news
ෆේස්බුක් වාරණය කලොත් අවුල ඩබල් වෙයි.. පරිඝණකය කාමරයට තහනම් කර ගෙදර සාලයට ගේන්න යෝජනා…

රටේ සෑම අංශයක් ම ඇද වැටි යද්දී එයට විසදුම් නොදී සමාජ වෙබ් අඩවි වල ක්‍රියාකාරිත්වය නතර කිරීමට පාලකයන් මාන බලමින් සිටින බවත් එසේ වුවහොත් එය තවත් බරපතල අවුලකට පාර කැපීමක් වනු ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ලිමේන්තු කටුයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවසීය .

ඒ මහතා එසේ කිවේ විවිධ අංශ වලින් රටට සේවයක් කළ පිරිසකට උපහාර දැක්වීමට දෙනියාය මොරවක “කෙන්ටකි “පරිගණක පාසල අනුග්‍රහයෙන් මොරවක රිවර් බ්රීස් හෝටලයේ 2 වැනිදා පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි .

යුද හමුදාවට දරුවන් 8 දෙනෙක් බාර කළ කේ .කේ .සිමියොන් සහ එම මහත්මිය , ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්‍ෂ ඩොනල්ඩ් ජයන්ත ,චිත්‍ර කලාව වෙනුවෙන් චන්ද්‍රදාස ජාසිo අබේවර්ධන ,ප්‍රවීන නිවේදක ධනංජය ප්‍රේමජිත් යන මහත්ම මහත්මීහු මෙහිදී උපහාරයට බදුන් වූහ .

එහිදී හෙට්ටිගේ මහතා මෙසේද කීය .

පරිගණක පාසලකින් රටට දැයට වැඩ කරන අය ගැන සොයා බලා ඔවුන්ට උපහාර දැක්වීමට සිතක් පහළ වීම අගය කළ යුතුයි .එවැනි ක්‍රියාවන් පුද්ගලික අංශයේ අනෙක් ආයතන වලටත් ආදර්ශයක් .මෙය යුතුකම් දන්නා අය යුතුකම් ඉටු කළ අයට කරන යුතුකමක් .යුතුකම් ඉටුකරන සමාජයක් අපට අවශ්‍යයි .එවැනි සමාජයක් තමයි ලස්සන වෙන්නේ .

නුතන සන්නිවේදන ජාලයට සමහර අය බය වෙලා .එහෙම බය වෙලා අපට ඉදිරියට යන්න බෑ .නැව් තටාන්ගනයේ නැව් ,බෝට්ටු හදනවා .ඒවායෙන් ප්‍රයෝජන ගන්න මුහුද පාවිච්චි කරන්න වෙනවා .ඒක අභියෝගයක් තමයි .අභියෝග භාර ගන්න වෙනවා.

නවීන සන්නිවේදනය වේගයෙන් පුලුල් වෙලා .අදහස් හුවමාරුව වේගවත් වී තියෙන්නේ .එය හොද පැත්තකට යොමු කර ගැනීම තමයි අප කළ යුත්තේ .දහසක් මත ගැටීයන් -දහසක් මල් පිපීයන් කියා මාඕ සේතුං එදා කීවා.විවිධ මත මතු වෙන්න තියෙන බාධා ඉවත් කළ යුතු වෙනවා .මත අතර ඇති විවිධත්වය සමාජය විචිත්‍රවත් කරනවා .මතයක් පෙන්නා දුන්විට සමහරු ඒකට කිපෙනවා .ප්‍රශ්ණය තිබෙන්නේ එතනයි .යහපත් ලෙස හැදුනු වැඩුණු අය එහෙම නෑ.එවැනි අයගෙන් සමාජය පිරී යන්නේ නම් එහෙම වෙන්නේ නෑ .මානව දයාව සහිත මිනිසුන් හොද නරක අවබෝධයෙන් වැඩ කරනවා.

නව සන්නිවේදන තාක්ෂණය හරියට යොදා ගැනීමෙන් අපට වේගයෙන් ඉදිරියට යන්න පුලුවන් .දරු පර පුර නරක දෙයින් අරක්ෂා කර ගන්න රජයට,දෙමව්පියන්ට වගකීමක් තියෙනවා .ඒ වෙනුවට පාලකයන් උත්සාහ කරන්නේ සමාජ ජාලා තහනම් කිරීමේ වැනි මෝඩ තීරණ ගැනීමට උත්සාහ ගැනීමයි .එවැනි තීරණ ගතහොත් සමාජය තවත් අවුල් වෙනවා .අද හැම අංශයක්ම කඩා වැටිලා .රට ඉදිරියට යන්නේ නෑ.ජනතා විරෝධයක් මතුවෙලා.

අප පරිගණකය ඇතුලු නවීන සන්නිවේදන ජාලය එක්ක ඉදිරියට යන්න ඕනෑ .අපේ රටේ සාක්ෂරතා හැකියාව සියයට 95.7 යි .2012 ජන හා නිවාස සංගණනය අනුව අවු .5-17 අතර දරුවන් පිරිස 43,79333.මෙය සමස්ත ජනගහනයෙන් සියයට 23.5 අවුරුදු 10 ට වැඩි අයගේ පරිගණක භාවිත කිරීමේ හැකියාව සියයට 24 .2 යි .අවු 15-24 අතර අය වැඩිම පරිගණක භාවිතයෙන් යුක්තයි .ප්‍රතිශතය සියයට 48යි .අවු .30 ට වැඩි අය පරිගණක භාවිතය සියයට 14 යි .2018 වන විට පරිගණක සාක්ෂරතාවය සියයට 28 .3යි .

නව පරපුර පරිගණක දැනුමෙන් පෙරට ඇවිත් .දරුවන්ට දැනුම් තේරුම් ඇති වන තෙක් පරිගණකය ගෙදර සාලයේ තබා පාවිච්ච් කරන්න දෙන්නේනම් වඩා හොදයි .සමාජය වැඩියෙන් දැනුවත් කිරීම් කළ යුතු වෙනවා .

ප්‍රවීන රංගන ශීල්පී ඉසුරු ලොකු හෙට්ටිආරච්චි මහතා -: මාර්ග පද්ධතියේ එදා ඇති වූ දියුණුව නිසා කලා කරුවන් වන අපටත් සිද්ධ වුනේ හොදක් .කොළබ සිට දිවෙන අධි වේගී මාර්ගය හැම දෙනාටම කාලය ඉතිරි කර ගන්න පුලුවන් වෙලා .කලා කරුවන් ඇගයීමට , උපහාර දැක්වීමට ඉදිරිපත් වන අය කලාවේ දියුණුවට කරන්නේ ලොකු ශක්තියක් දීමක් .අප ඒ අයට කෘතවේදීත්වය පළ කරනවා .

මෙහිදී කෙන්ටකි පරිගණක පාසලේ විදුහල්පති සුනෙත් චමින්ද ,ප්‍රවීන නිවේදක ධනංජය ප්‍රේමජිත් ඇතුලු කීප දෙනෙක් කතා කළහ .

15,020 Viewers

4 Comments to “ෆේස්බුක් වාරණය කලොත් අවුල ඩබල් වෙයි.. පරිඝණකය කාමරයට තහනම් කර ගෙදර සාලයට ගේන්න යෝජනා…”

  1. Agasthi says:

    Pariganaka saalayata genenta awashya nehe. Pariganakayen lamayek ho wedihitiyek monawada karanne. monawada balanne kiyala yanthraya himi kenata balaganta puluwan

  2. මෙම අවස්තාවේදී මෙතුමා පැහැදිලි කිරීමට උත්සහ දැරුවේ දරුවන් දෙමවුපියන් සමග එකතුව පරිගණකය භාවිත කිරීම තුලින්. හුදෙක් පරිගණය අධ්‍යාපනය සඳහා භාවිත කර හැකිබවත් හා එමගින් දරුවන් නොමග නොයන බවත්ය. සැබවින්ම සිදුවිය යුත්තේද එයවේ.

  3. දරුවන් තාක්ෂණයට යොමුවිය යුතු අතර එය නිවැරදි මග පෙන්වීමක් යටතේ සිදුවිය යුතු බව මමද පිළිගනිමි ඔබතුමාගේ අදහස ගොඩක් වැදගත් දරුවන් සිටින දෙමවුපියන්ට

  4. මහින්ද මහත්තය නැණසල ඇති කරල දුෂ්කර ගමි වලට පරිගණක තාක්ෂණය ලබා දුන්න, ගමෙි ඉස්කෝලේත් පරිගණක විද්‍යාගාර ඉදිකරල දැනුමෙන් පරිපුර්ණ පාසලු සිසුන් බිහිකලා,වර්තමාන ආන්ඩුව පාසල් සිසුන් පවා රැවැටිටුව ටැබි දෙනව කියල,වෙනස මාරයි

Main News