ෆේස්බුක් සාදයට පොලීසියෙන් පනී… ගංජා, මත්පෙති, මත්පැන් පිරී ඉතිරේ..

July 15, 2018 at 4:40 pm | lanka C news
ෆේස්බුක් සාදයට පොලීසියෙන් පනී… ගංජා, මත්පෙති, මත්පැන් පිරී ඉතිරේ..

අම්බලන්ගොඩ, ආදාදොල ප්‍රදේශයේ හෝටලයක් තුල මුහුණු පොත හරහා සම්බන්දවූවන් විසින් පවත්වන ලද සාදයකදී මත්පැන්, මත්දව්‍ය හා ගංජා පාවිච්චි කරන ලද තරුණයින් 19 දෙනෙකු ඊයේ (14) රාත්‍රී හා අද (15) අළුයම අම්බලන්ගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම තරුණයින් 19 දෙනා අද (14) සවස බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ඉසෙඩ් පී එම් ලියාකාත් මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

තරුණ පිරිසක් අම්බලන්ගොඩ, ආදාදොල පිහිටි හෝටලයක් තුල මත්පැන් හා මත්දව්‍ය භාවිතා කරමින් සාදයක් පවත්වන බවට අම්බලන්ගොඩ පොලිසියට ලද තොරතුරක් මත අම්බලන්ගොඩ පොලීසිය, ඊයේ (14) රාත්‍රියේ සිට අද (15) අළුයම දක්වා අදාල හෝටලය අසල රැකවල්ලා සිට මොවුන් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම සාදය පවත්වා ඇත්තේ අම්බලන්ගොඩ, ආදාදොල පිහිටි කඩොලාන ඉම නමින් හදුන්වන හෝටලය තුල බවත් එයට තරුණ තරුණියන් 250 ක පමණ පිරිසක් සහභාගි වී සිටිය බවට තොරතුරු ලැබුණ බවත් අම්බලන්ගොඩ පොලීසිය කියයි.

මෙම හෝටලය ‘කඉ’ නමින් තරුණ පිරිස් අතර ජනප්‍රිය හෝටලයක් බවද අම්බලන්ගොඩ පොලිසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. මේ සදහා සහභාගී වූවන්ගෙන් මත්පැන් හා මත් දව්‍ය වියදම් වලට අමතරව ප්‍රවේශ පත්‍රය සදහා පමණක් රුපියල් දෙදහසක (2,000/-) මුදලක් අයකර තිබෙන බවද පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි අම්බලන්ගොඩ පොලිසිය කියයි.

අත් අඩංගුවට ගන්නා ලද සියළු දෙනාම වරින් වර හෝටලය ඉදිරිපිට මාර්ගයට පැමිණි අය බවත් පොලීසිය හෝටලය ඇතුලට නොගිය බවත් අම්බලන්ගොඩ පොලිසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. පිටතට පැමිණ අත් අඩංගුවට ගන්නා ලද 19 දෙනා අතරින් 10 දෙනෙකු සතුව තිබී ගංජා සොයාගත් බවත් අනික් පිරිස අධික ලෙස මත්පැන් හා මත්දව්‍ය පාවිච්චි කර සිටි බවත් අම්බලන්ගොඩ පොලිසිය කියයි. අත් අඩංගුවට ගත් තරුණ පිරිස කොළඹ, පානදුරය, මොනරාගල, කළුතර, බඩල්කුඹුර ආදී ප්‍රදේශයන්ට අයත් පිරිසක් බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

හෝටලය අවට මාර්ගයේ තිබී ආදාදොල ප්‍රදේශයේ පදිංචි පොලිස් නිලධාරියෙකු මත්දව්‍ය පෙති කීපයක්ද සොයා ගෙන තිබෙන බවද දැන ගන්නට තිබේ. එයට අමතරව ප්‍රදේශවාසීන්ද ඊයේ (15) පෙරවරුවේ විවිධ වර්ගයේ මත්පැන්, මත්දව්‍ය හිස් භාජන කීපයක්ද සොයාගෙන ඇත.

මෙම සාධය සංවිධානය කර ඇත්තේ කඩොලාන ඉම හෝටලයේ කළමණාකරු ලෙස සේවය කරන අයෙකු විසින් බවද දැන ගන්නට තිබේ. ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායමක් නියෝජනය කරමින් බළපිටිය ප්‍රාදේශිය සභාවට තරග කරන ලද අයෙකු බවද කියති. මෙම ස්වධීන කණ්ඩායම නියෝජනය කරන ලද සියල්ලන්ම පාහේ තරුණ පිරිස් වූ අතර ඔවුන්  විශාල වශයෙන්  අන්තර්ජාලය හරහා සිය ප්‍රචාරක කටයුතු සිදු කරන ලද අයද වෙති. එම කණ්ඩායමට ජාතික ලැයිස්තුව හරහා බළපිටිය ප්‍රාදේශීය සභාවේ සභික ධූර 02 ක් ද හිමිව ඇත. මුහුණු පොත හරහා සම්බන්ධවූවන්ගේ මෙම සාදය සංවිධානය කිරීමේදී පෙරකී ස්වාධීන කණ්ඩායමේ සම්බන්ධයක් තිබෙද යන්න තව දුරටත් පරීක්ෂණ පවත්වන බවද අම්බලන්ගොඩ පොලිසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

අම්බලන්ගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බස්නායක, උප පොලිස් පරීක්ෂක අසේල, පොලිස් කොස්තාපල් තරංග යන නිලධාරීන් ඇතුළු පිරිසක් පරීක්ෂණ පවත්වයි.

– ජයකාන්ත ලියනගේ

19,459 Viewers

8 Comments to “ෆේස්බුක් සාදයට පොලීසියෙන් පනී… ගංජා, මත්පෙති, මත්පැන් පිරී ඉතිරේ..”

  1. peedithaya says:

    yako party berida> bonnath berida> emathila kudu wikunana rate balu weda karana rate me mokada???? ane tax gahala salli ganilla umbalata sepa windinna

  2. සිංහල කොන්ග්‍රස් says:

    රටට අවශ්‍ය ම‌ෛත්‍රි යුගයක් හිටං ග‌ොය්ය හිතන්න‌ෙ මත් ද්‍රව්‍ය ජාවාරම් කාරයකේ එල්ලුවහම ම‌ිි‌ෙ වග‌ෙ සාද සහ තිප්ප‌ොලවල් ඔක්ක‌ොම වැහිල යනව රට හරි යනව කියලය්. අම්මපා ම‌ෙ‌හ‌ෙමත් ග‌ොතය‌ෙක්. දුන්න න‌ෙ මිනිස්සුු මඋට චන්ද‌ෙ

    • Manoj says:

      “” මත් ද්‍රව්‍ය ජාවාරම් කාරයකේ එල්ලුවහම ම‌ිි‌ෙ වග‌ෙ සාද සහ තිප්ප‌ොලවල් ඔක්ක‌ොම වැහිල යනව රට හරි යනව කියලය්. අම්මපා ම‌ෙ‌හ‌ෙමත් ග‌ොතය‌ෙක්””

      Ane BUUURU සිංහල කොන්ග්‍රස් HARAKOOO,
      dan thiyena mey WAL BUUURU nidhahsa pavichchi karala karana mewage weda, dethun denek ELLUWA nam nikkamma navathinawa. Dan neethiya hetiyatath Heroin 1g k thibunoth MARANA DADUWAMA.

      Inthin moawada ube GOBBA KATHA ??? Ubath me wage KUDDU SJJA walata yana ekek wenn athi.

  3. Dp says:

    Please enlighten me.
    Can you arrest a person for consuming liquor?. Unless the police do their usual …putting ganja or some drug in one’s pocket and arresting

    • මරණ දඩුවම says:

      දුෂණයෙන්, අල්ලසින් පිරුණු පොලිසිය සහ මරණ දඩුවම

  4. HORA vs POLICE says:

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමනි,ඔබ ළඟ මේ වීඩියෝවත් තිබෙනවාද​?

  5. අනතෝල් ප්‍රාන්ස් says:

    ගංජා එල් එස් ඩී වගේ දේවල් පාවිච්චි කළාට අවුලක් නැහැ – හෙරොයින් කොකේන් වගේ දේවල් තමයි අවුල් – බීලා පාටි දැම්මට මක් වෙනවද

  6. Anil Priyantha says:

    Ai ape balapiye unta egema karanna baida? Mama yasamitha ganak dunna meka danna kiyala dan sapaida.kollo

Main News