ෆොන්සේකාගේ ප‍්‍රකාශයෙන් යුද හමුදාව කිපේ.. අවි ඔසවයි..

September 9, 2018 at 4:40 pm | lanka C news
ෆොන්සේකාගේ ප‍්‍රකාශයෙන් යුද හමුදාව කිපේ.. අවි ඔසවයි..

ශ‍්‍රී ලංකා යුද්ද හමුදාවේ හැකියාවන් ගත වූ කාලයේ තව තවත් වර්ධනය වී ඇති බව යුද හමුදාව පවසයි.

යුද හමුදා මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක මේ බව දැක්වෙයි.

අද වන විට මෙරට හමුදාවන්හි යුද ශක්තිය පහලටම ඇද වැටී ඇති බවට හිටපු හමුදාපති වත්මන් ඇමති සරත් ෆොන්සේකා මහතා විසින් කරන ලද ප‍්‍රකාධයෙන් දින දෙකකට පසු මෙම නිවේදනය නිකුත් කිරීම විශේෂත්වයකි.

අදාල සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුල වත්මන් ආරක්‍ෂක සූදානම පිළිබඳව යුද්ධ හමුදාවේ පැහැදිලි කිරීම

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වසර 30 කට ආසන්නව පැවති දරුණු යුද්ධය විජයග්‍රාහි ලෙස නිමාකර මේ වන විට වසර 09 ක් අවසන්ව ඇත. එම වසර 09 ක කාලසීමාව තුල අත්දැකීම් සහිත යුද්ධ හමුදාධිපතිවරුන් සිව්දෙනෙකු යුද්ධ හමුදාවට අණදීම සිදුකර ඇති අතර, ඔවුන් සියළුදෙනා විසින්ම යුද්ධ හමුදාවේ යුධමය සූදානම උසස් තත්වයක තබාගැනීම සඳහා විවිධ අන්දමේ පුහුණු වැඩසටහන් හා අභ්‍යාස ආරම්භ කර ඇති  අතර මේ වන විටද එම පුහුණු වැඩසටහන් හා අභ්‍යාස වඩා උසස් මට්ටමකට ගෙනඑමින් පවත්වාගෙන යනු ලැබේ. එමෙන්ම නව අභ්‍යාස සහ පුහුණු වැඩසටහන් හඳුන්වා දෙමින් යුද්ධයේදි ලත් අත්දැකීම් මෙන්ම නව තාක්‍ෂණික ක්‍රම භාවිතා කරමින් යුද්ධයකට මුහුණදීම සඳහා අවැසි සියළුම ආකාරයේ පුහුණු වැඩසටහන් හා ප්‍රායෝගික පුහුණු අභ්‍යාස සියළුම නිළධාරීන් හා සෙසුනිළයින් හට අඛණ්ඩව ලබාදීමටද කටයුතු කර ඇත. එමෙන්ම අනෙකුත් කාලසීමාවන් වලින් ඔබ්බට යමින් රාජ්‍ය අනුග්‍රහය ඇතිව නිළධාරීන් සහ සෙසුනිළයින් විශාල පිරිසකට විදේශ පුහුණුව ලබාදීමට අවැසි ක්‍රියාමාර්ග ගෙන ඇත. එමගින් ඔවුන්හට ජාත්‍යන්තර යුධ ශිල්පය පිළිබඳවද මනා දැනුමක් ලබාදීමට හැකිවී ඇත.

තවද, යුද්ධ හමුදා සංස්ථා යථායෝග්‍ය ප්‍රමාණකරණය යටතේ අඩු භඨපිරිසකගෙන් යුත් බළඇණි සංඛ්‍යාත්මක වශයෙන් ශක්තිමත් කර ඇති අතර, එමගින් ඛණ්ඩ හා කණ්ඩායම් වශයෙන් නිසි ආකාරව සංවිධානය වී ඕනෑම තත්වයකට මුහුණදීමට සියළුම බළඇණි පෙර සූදානමකින් යුතුව තැබීමට අවැසි ක්‍රියාමාර්ග ගෙන ඇත. මෙය යුද විශ්ලේෂකයින් යැයි හඳුන්වාගත් ඇතැම් පුද්ගලයින් විසින් කඳවුරු වසාදැමීමක් බවට අර්ථකතනය කර ඇත. මේ වන විට ආරක්‍ෂක සේනා මූලස්ථානය (යාපනය) බල ප්‍රදේශයෙහි සියළුම ඒකක සංස්ථා යථායෝග්‍ය ප්‍රමාණකරණය යටතේ ප්‍රතිසංවිධානය කර ඇති හෙයින්, එහිදි වසා ඇති යුදමය වශයෙන් වැදගත්වන කඳවුරු මොනවාද යන්න පෙන්වා දෙන ලෙස උක්ත හඳුන්වාගත් යුද විශ්ලේෂකයින් හට යුද්ධ හමුදාව අභියෝග කර සිටී.

කෙසේ වුවද යුද්ධය නිමවන විට හා ඉන් අනතුරුව පැවති කඳවුරු යුද්ධය නිමවී වසර ගණනක් ගතවන විට ඒ ඒ අවස්ථාවන්හි ඇති ආරක්‍ෂක තත්වය විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ක්‍ෂේත්‍ර අණදෙන්නන්ගේද නිර්දේශ සැලකිල්ලට ගනිමින් වෙනස් කිරීමට කටයුතු කිරීම කිසිඳු අයුරකින් වරදක් නොවන අතර ඒ අනුව සිටි හමුදාධිපතිවරුන් විසින් සමහරක් කඳවුරු ස්ථාන වෙනස් කිරීමට අවැසි පියවර ගෙන ඇත. ඉදිරියේදී ද රටේ ඇතිවන ආරක්‍ෂක වාතාවරණයන්ට අනුකූලව අවැසි වුවහොත් එසේ තවදුරටත් ක්‍රියාකිරීමට සිදුවනු ඇත.

මෑතකදී ද ඇතැම් විශ්‍රාමික හමුදා නිළධාරීන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුදමය සූදානම පිළිබඳව ඔවුන් සෑහීමකට පත් නොවන බැව් ප්‍රකාශ කර ඇති අතර වසර ගණනාවකට පසුව විශ්‍රාම ගොස් පිටත සිට යුද්ධ හමුදාවේ යුධමය ශක්තිය පිළිබඳව සමාලෝචනය කිරීමට කිසිවෙකුට නොහැකි අතර සදාචාරාත්මක අයිතියක්ද ඔවුන් වෙත නොමැත. එමෙන්ම අවශ්‍ය අවස්ථාවන්හීදි හිටපු යුද්ධ හමුදාධිපතිවරුන් මෙන්ම, අත්දැකීම් සහිත විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සමග අදහස් හුවමාරු කර ගනිමින් යුද්ධ හමුදාවේ ශක්තිය තවදුරටත් වර්ධනය කිරීමට යුද්ධ හමුදාව සෑමවිටම ක්‍රියාකර ඇති අතර ඉදිරියටත් එසේ කටයුතු කිරීමට කිසිඳු අවස්ථාවක නොපසුබට වන බව තවදුරටත් දන්වා සිටිමි.

රජය, ආරක්‍ෂක අමාත්‍යාංශය හා යුද්ධ හමුදා නායකත්වය තමන්ගේ පුද්ගලික හා දේශපාලනික හේතූන් මත ජාතික ආරක්‍ෂාව ඈඳාගනිමින් විවේචනය කිරීම සමස්ථ යුද්ධ හමුදාවම තරයේ හෙලාදකින අතර රටේ බුද්ධිමත් ජනතාවගෙන් මෙවැනි අවස්ථාවාදීන්ට කන්නොදී, තම රට ආරක්‍ෂා කරදුන් සහ රට නැවත යුද්ධයකට ගෙනයාමට ඉඩනොදී වෘත්තියමය හමුදාවක් වශයෙන් කටයුතු කරන ඔබගේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කෙරෙහි තවදුරටත් තම විශ්වාසය තබාගන්නා ලෙස ඉල්ලා සිටින්නෙමු.

ඒඑම්එස්බි අතපත්තු
බ්‍රිගේඩියර්
අධ්‍යක්‍ෂ ජනමාධ්‍ය

40,999 Viewers

25 Comments to “ෆොන්සේකාගේ ප‍්‍රකාශයෙන් යුද හමුදාව කිපේ.. අවි ඔසවයි..”

  1. Nim says:

    WEL WEDANE TA
    DAN
    SATHUTUDA ?

  2. Saman says:

    SF kive aththa…..

  3. විදානගෙ වීණාව says:

    වීණාවේ තතක් අනෙ කැඩුනාම
    නැත ස්වර දෙන්නෙ පෙර සේම
    සිහල බස කිව් වචන පෙර සේම
    ස්වර නැත යටහිත ලොප් සේම

  4. Ara Soysa says:

    Ara Soysa…Ponsekata Pol Muddak Gaha Gannama Deela. Well done SLArmy.

    • gayan says:

      මේ වගේ දේශද්‍රොහියෙක් රටේ ආරක්ශාව ගැන ෆොන්සේකා තරම් දන්න කෙනෙක් මේ රටේ නැහැ..උබලා වගේ ද්‍රොහියෝ නිසා තමා මේ රට විනාස වෙන්නේ

      • Ben says:

        Is that why SL Army Ran Back when the LTTE was attacking? Ponseka was in the army then…why did he Run for his Life?

  5. ලපය වගේමද…..කොලේ ලියල තියෙන එක විතරක් කියන්න කිවිවම….පල්පලුත් කියවනව……දෙන්න හාමු ටොක්කක්…එතකොට ලැවරිය පුතය වගේ කරබාගෙන ඉදියි.!

  6. විශ්‍රාම ගිය මාෂල් says:

    විශ්‍රාම ගියද තම රැකියාව මුදුනෙ තබා
    ආවඩ සැම ගරුව විශ්‍රාම පඩිය අත තබා
    මාෂල් හෑල්ලු කරන විදි අපෙ දෑසෙ තබා
    පෙන්වත් බිව් කිරි ගුනය විරුව බැඳ තබා

  7. Ranjit says:

    Here fonseka is very correct. He knows better than anybody the current situation in the forces. The heroes have become street cleaners, laborers etc. Current Army chief is a puppet in this government. No more respect for the armed forces by the public anymore because of the current behaviour of the armed forces. I salute Fonseka for his brave statement.

  8. අතුලසෞදි says:

    Sarath Fonseka is the first and to date ,only Sri Lankan officer to hold the Field marshal rank.don’t undermine his statement .

  9. LION says:

    මහින්ද කාලේ ආවා කල්ලි තිබුනේ නැහැ

  10. Dissanayaka says:

    ෆීල්ඩ් මාශල් ෆොන්සේකාගේ දේශපාලනය කෙසේ වෙතත් එතුමාගේ නායක්තවයෙන් තමා පාබල හමුදාව යුද්දේ දින්නේ…. ඒ ගෞරවය කිසිම වෙන හමුදාපති කෙනෙක්ට ලබා ගන්න බැහැ..ෆොන්සේකා කියන්නේ අවුරුදු 40 ක් ආරක්ශාව ගැන හොද අත් දැකීමක් තියනවා..ෆීල්ඩ් මාශල් ෆොන්සේකා කියන්නේ ඇත්ත…. ඔය කියන විදිහට හමුදා කදවුරු උතුරෙන් අයින් කලොත් මෙ රටේ ආරක්ශාවට දෙවියන්ගේ පිහිටයි..

  11. monarawilas@gmail.com says:

    ෆීල්ඩ් මාශල් තුමා දේශපාලනව මොන මතයක හිටියත් එතුමා ආරක්ශාව සම්බන්දව හිටියේ හැමදාම එකම මතයක… ඉඩම් දුන්නට ඒ කදවුරු වෙන තැනකට ගෙනියන්න ඕනේ…මෑතකදි රිවිරේ තිස්ස රවින්ද්‍ර පෙරේරා දැන් ඉන්න හමුදාපති මහේශ් සේනානායක කරපු විශාල පවා දීමක් හෙලි කරපු නිසා සී අයි ඩි එකට පවා ගෙනිච්චා

  12. Dineth says:

    හරිම ලැජ්ජයි හමුදාව ගැන නම්..ප්‍රශනයක් තියනවා නම් ෆීල්ඩ් මාශල් ෆොන්සේකා සමග සාකච්චා කර මේ ගැන නිවැරදි පනිවිඩයක් රට ට දෙන්න ඕනේ…මෙහෙමද හමුදාවේ හිටපු හමුදාපති කෙනෙක්ට ගෞරවය කරන්නේ දේශපාලනය නෙමෙයි මේ කතා කරන්නේ …කවුරු මොනවා කිව්වත් එතුමාගේ නායකත්වය යටතේ තමා යුද්දේ දින්නේ ඒ ගෞරවය වෙන කිසිම හමුදාපති කෙනෙක්ට ගන්න බැහැ..අඩුම ගානේ යුද ඉතිහාසය ලියන එකට ඇයි ෆීල්ඩ් මාශල් ෆොන්සේකාව සම්බන්ද නොකරන්නේ ….ආරක්ශක ඇමති අර කුහක මෛත්‍රී නිසාද… හමුදාවේ නිලදාරින්ගේ විනය මේකද..එහෙම නැත්නම් දෙමල ඩයස්පෝරාව සතුටු කරන්නද බොරු ඉතිහාසයක් ලියලා…අපි නම් ඉන්නේ ෆීල්ඩ් මාශල් ෆොන්සේකා ඉන්න මතයේ..වෙන කාටවත් වඩා ආරක්ශාව ගැන කතා කරන්න ෆීල්ඩ් මාශල් ෆොන්සේකට අයිතියක් තියනවා..ඒ හිටපු හමුදාපති විදහට ඒ වගේ ම මෛත්‍රි ඉස්සර දේශපාලන වේදිකාවේ ආරක්ශාව ගැන කත කලේ ෆිල්ඩ් මාශල් ෆොන්සේකාව ඇප කරලා

  13. Dissanayaka says:

    ෆොන්සේකාගේ ප්‍රකාශට ප්‍රතිචාර දක්වන මෛත්‍රිගේ හමුදාව විජේකලාගේ ප්‍රකාශයට මුනිවත් රැක්කේ ඇයි

  14. david milibanda says:

    His Field Marshal status is a donation by Yahapalanaya to bark on their behalf when asked to do so.
    Apart from that, Gota’s judgement was right about SF as they have worked together.

    Mahes senanayake is from the Engineers.

    He is not coversant with field formations and so was previous Commander too. To weaken the military Yahapalanaya appointed Commanders to lead the Army from the Engineers.

    So, we are saddled with the present commander who releases lands like no other business without evaluvating the importance of locations and troop strengths.
    This is aimless commanding.

  15. වයසක මුත්තලා තෙල් ගගා කොල්ලෝ කාලේ කොටපු කඹුරු හදන්න හදනවා. තුහ්... says:

    වයසක මුත්තලා තෙල් ගගා කොල්ලෝ කාලේ කොටපු කඹුරු හදන්න හදනවා. තුහ්..

  16. Nandasoma says:

    ෆොන්සේකාට දැන් නෙ රටේ ආරක්ෂාව මතක් වෙලා තියෙන්නෙ…!
    මෙතෙක් කල් මහිනදටයි, ගෝටාභයටයි බැන බැන හිටිය මිසක් හමුදාව දුර්වල කරනව පෙනුනෙ නැහැනෙ!!

    උතුරෙ හමුදාව අයින් කරනව නම්, ආයුද ගබඩා විනාශ වෙනව නම්, දෙමෙල්ලු හමුදා කඳවුරු ඉවත් කර ගන්න කියල උද්ඝෝෂණය කලත් කිසිම ප්‍රතිචාරයක් නැතිව කඳවුරු වලට වෙලා ඉන්නව නම්, රජය විසින් එම කඳවුරු ඉවත් කරද්දි හමුදාව කිසිම විරුද්ද වීමක් නැතිව ඉන්නව නම්, හමුදාවෙ නිළධාරීන්ව සහ හිටපු නිළධාරීන්ව හිරේ දානව නම්, යුද්ධය කරපු වරදට රණවිරුවන් එල්ලුම් ගස් යවනව නම්, කොටින්ව නිදහස් කරනව නම්,………මොකක්ද හමුදාවෙ ගෞරවයට, අභිමානයට වෙන්නෙ? මොකක්ද හමුදාව රට වෙනුවෙන් කරන්නෙ??

    රජය කියන හැම දෙයක්ම කිසිම හිරිකිතයක් නැතිව පිළිපදින හමුදාපතිට මොකක්ද රටේ ආරක්ෂාව ගැන කථා කරන්න තියෙන අයිතිය….?
    කොටින්ම හමුදාව දැනට තනිකරම කිසිම වැඩකට නැති ප්‍රදර්ශණ ආයතනයක් විතරයි නෙ….!!!

    • Janathawa says:

      The people can remember that then Chandrika’s government period, when such unwise changes to the army were being done(to please the LTTE and Tamil diaspora and western countries etc.),Field Marshal,Sarath Fonseka had guts and spine to oppose to them forseeing their adverse effects.The people wonder whether the present Commander in chief has guts to oppose to them ,if they cause to very serious problems in the future.Have they studied thoroughly the situation?

  17. Nuwan says:

    ෆොන්සේකා මේ සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඇහුවනම් මේ නිව්ස් එකයි ෆොන්සේකාගේ අදහසුයි අතර පරස්පරයක් නෑ. මම නම් හිතන්නේ මේ උත්තර දීල තියෙන්නේ ඊනියා යුධ විශ්ලේෂකයන්ට.

    • Janathawa says:

      If something which threatens the National defense and Sovereignity of the Country cropped up, we have to go from A to Z,just as what previous UNP governments had done during Brutal LTTE period,without nipping the bud,because of they were eyeing at minority votes.The ultimate result was thousands and thousands of people had to sacrifice their life to defeat it.

  18. Vanni Bandara says:

    Fonseka umba ivarai !

  19. Kalawedda says:

    Dear Army chief and the team ??

    Why are you reacting this old rotten persons comment ????. Whole world knows he is barking for under cover reason…..Either its money or power…may be both….

    Do not pay attention to this maniac…. he is one of worst person ever born in SL… ( of course he got this title after entering the politics….)
    He cannot take 5000 votes island wide….Thinking of becoming president….understand the mentality of our loving WEL WIDANE….

  20. chandana says:

    යපාලන පිම්පියන්ට කඩේ යන උමල වගේ එවුන් තමට බ්‍රිගේඩියර් ද්‍රෝහියෝ. බඩගොස්තරයට කත අදින උඹ ඇතුළු යුධ හමුදාපටියට සාපවෙවා. පොන්නයෝ තොපි මේ ඇත ඇරලා දානේ අපේ සිංහල කොල්ලනේ රුදිරය බව මතක තියාගනින්

  21. Ajith says:

    A professional army will not write statement s like the.

    Wording are cheap. Just like a politicians one

Main News