06 වැනිදාට හොරු එළිකරන්න බාධා නොකරන්නැයි ඉල්ලයි..

February 1, 2018 at 12:40 pm | lanka C news
06 වැනිදාට හොරු එළිකරන්න බාධා නොකරන්නැයි ඉල්ලයි..

06 වැනිදා දින පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන බැදුම්කර වංචාව පිළිබද විවාදයේදී කවුද හොරා යන්න පැහැදිලිව දැන ගැනීමට පාර්ලිමේන්තු කටයුතු වලට බාධා නොවන අයුරින් හැසිරෙන ලෙස මැති ඇමතිවරුන් දැනුවත් කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලයි.

එක්සත් ජාතික පක්‍ෂ හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්වරුන් වෙත එම සංවිධානය විසින් යොමු කර ඇති ලිපිය මෙසේය.

2018-02-06 වන දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන බැදුම්කර වංචාව පිළිබද විවාදය සම්බන්ධව

2018-02 06 වන දින පාර්ලිමේන්තුවේදී බැදුම්කර වංචාව පිළිබදව විවාදය පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව කතානායකවරයා විසින් ප‍්‍රකාශයට පත් කර ඇත. මීට පෙර බැදුම්කර සිදුවීම පිළිබදව සාකච්ඡ කිරීම සදහා පාර්ලිමේන්තුව රැස්කර අවස්ථාවේදී ඔබ පක්‍ෂ මන්තී‍්‍රවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ජනතාව කෙරෙහි ඇත්තේ කණගාටුවකි.

ජනතාවගේ මුදලින් නඩත්තුවන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්හට ජනතාවට සේවය කිරීමට සදාචාරාත්මක යුතුකමක් ඇත. විශේෂයෙන්ම ජනතාවට සෘජුව බලපාන කරුණකදී ජනතා නියෝජිතයින් ලෙස ඊට මැදිහත්වී කටයුතු කිරීම අත්‍යවශ්‍යය.

එහෙත් මීට පෙර පාර්ලිමේන්තුවේ කටයුතු පැවැත්වෙද්දී ඔබ සංධානයේ මන්ත‍්‍රීවරුන් කවුද හොරා යන්න අසමින් පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා කරන ආකාරය අපි නීරීක්ෂණය කළෙමු.

කවුද හොරා යන්න පක්ෂ දෙකේ මන්තී‍්‍රවරුන් විසින් එකිනෙකාගෙන් අසාගත් පමණින් හොරා හෙළිවන්නේ නැත. එම නිසා 2018-02-06 දින පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන බැදුම්කර වංචාව පිළිබද විවාදයේදී ජනතාවට අවශ්‍ය වන්නේ කවුද හොරා යන්න පැහැදිලිව දැන ගැනීමට වන හෙයින් එදින පාර්ලිමේන්තුවේ කටයුතු වලට බාධා නොවන අයුරින් හැසිරෙන ලෙස ඔබ සංධානයේ මන්ත‍්‍රීවරුන්ට අවවාද කරන ලෙස ඔබගෙන් අප සංවිධානය ඉල්ලා සිටින අතර 2018-2-10 දින පැවැත්වෙන මැතිවරණයේදී ජනතාවට තම ඡන්දය ප‍්‍රකාශ කිරීමට බැදුම්කර වංචාවට සම්බන්ධ පාර්ශව හදුනා ගැනීම ඉතා වැදගත් බවද තවදුරටක් මතක් කරමි.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

13,869 Viewers

2 Comments to “06 වැනිදාට හොරු එළිකරන්න බාධා නොකරන්නැයි ඉල්ලයි..”

  1. Hora says:

    හොඳ ඉල්ලීමක්. නැත්නම් මුන් බොරුවට දඟලල මේ විවාදය කඩාකප්පල් කරයි .

  2. kadiya says:

    පළමු බැඳුම්කර වංචාව පාර්ලිමේන්තුවට එළිවෙන්න නොදී පාර්ලිමේන්තුව විසුරුවා එම බැඳුම්කර හොරු ආරක්ෂා කලේ කව්ද? සහ එඅනුවම ඊළඟ බැඳුම්කර වංචාවට අවශ්‍ය බලය සහ පෙළඹවීම ලබාදුන්නේ කව්ද? කියන ප්‍රශ්න දෙකටම පාර්ලිමේන්තුවේදී උත්තර හොයාගත්තොත් තමයි හොඳ. නැත්නම් පලක් නැහැ.

Main News