ව්‍යවස්ථාවට විරුද්ද වූ අස්ගිරි පාර්ශවයෙන් පලිගන්න දඹුලු ලෙන් විහාරය වසා දමන්න ආණ්ඩුව කුමන්ත්‍රණයක..

July 13, 2017 at 10:15 pm | lanka C news
ව්‍යවස්ථාවට විරුද්ද වූ අස්ගිරි පාර්ශවයෙන් පලිගන්න දඹුලු ලෙන් විහාරය වසා දමන්න ආණ්ඩුව කුමන්ත්‍රණයක..

ගැටඹේ පන්සලට කටුකම්බි ගහපු එක්සත් ජාතික පක්ෂය රට, ජාතිය ආගම සම්බන්ධයෙන් විශේෂ කැක්කුමක් ඇතැයි මේ රටේ ජනතාව කිසිසේත් විශ්වාස නොකරන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා මෙසේ ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට කොළඹ එන්. එම්. පෙරේරා මධයස්ථානයේ දී ඊයේ (13) සහභාගී වෙමිනි.මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ආකාරයට ජනතා අයිතීන් උල්ලංගණය කරන වැඩපිළිවෙළක නිරත වෙනවා. පළාත් පාලන මැතිවරණය වසර දෙකකට වඩා වැඩි කාලයක් කල් දමමින් ආණ්ඩුව නොයෙකුත් නිදහස කරුණු ඉදිරිපත් කරනවා. මේ වෙන කොට ජනාධිපතිතුමා පළාත් පාලන කොට්ඨාස පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කර අවසානයි.

පළාත් පාලන ආයතන තුළ කාන්තා නියෝජනය සම්බන්ධ ගැසට් නිවේදනයත් නිකුත් කර තිබෙනවා. මේ ගැසට් නිවේදන ජූලි පළමුවැනි දා සිට ක්‍රියාත්මක වීමට තිබුණා. එහෙම වුණාම මැතිවරණ කොමිසමට තියෙන්නේ මැතිවරණයට අදාළ කටයුතු කරන්න පමණයි. නමුත් ජූනි මස 29 වැනි දා ආණ්ඩුව හදිසියේම ඔක්තෝබර් පළමුවැනි දා දක්වා කල් දැමුවා.

අපිට ලැබෙන තොරතුරු අනුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට මැතිවරණයකට යන්න සිදුවෙනවා. ඒකට අකමැති නිසා තමයි ආණ්ඩුව ඔක්තෝබර් පළමුවැනි දා දක්වා කල් දාන්න කටයුතු කළේ. ස්වාධීන මැතිවරණ කොමිසම ගැන රටේ ජනතාවට සැකයක් තිබෙනවා. කොමිසමට යුතුකමක් තිබෙනවා ජනතාවගේ අයිතිය රැක දෙන්න.

මැතිවරණය කඩිමුඩියේ කල්දාන්නේ නැතුව මැතිවරණය තියන්න ඕනේ. මැතිවරණය නොතිබීමේ භයානක ගැටලු දැන් රට හමුවේ දකින්නට තිබෙනවා. අද මුළු රටම කුණු වෙලා තියෙනවා. 2015 ජනවාරි 08 වෙනිදට ඉස්සර මේ ආණ්ඩු වේ නායකයෝ කිව්වා මහින්ද රාජපක්ෂ හමුදාව දාලා කුණු අදිනවා කිව්වා.

දැන් මේ ආණ්ඩුවත් කරන්න ඒකමයි. හැබැයි වෙනස තමයි එදා හමුදාව දාලා ඩෙංගු වගේ භයානක උවදුරුවලින් රට බේරා ගත්තා. මේ ආණ්ඩුව කුණු ප්‍රශ්නය උග්‍ර වුණාම තමයි හමුදාව යෙදා ගන්නේ. ආණ්ඩුවට වෙලා තියෙන්නෙත් ගලේ පැහැරූ බළලාට වෙච්ච දේමයි. කුණු ප්‍රශ්නයට විසඳුමක් දෙන්න බැරුව ඩෙංගු හැදිලා මිනිස්සු මැරුණම තමයි ආණ්ඩුවට හමුදාව මතක් වුණේ.

අපේ කාලයේ අපි ජාතික උවදුරු ඇති නොවෙන්න වගබලා ගත්තා. අතීසාරයට අමුඩ ගහනවා වගේ තමයි ආණ්ඩුව ප්‍රශ්නවලට පිළිතුරු හොයන්නේ. ඩෙංගු ගැන තිබෙන සංඛ්‍යාලේඛන බොරු. වෛද්‍ය සංගමය කියනවා ඩෙංගු ගැන සංඛ්‍යාලේඛන නිවැරැදිව ලැබෙන්නේ නැහැ, ආණ්ඩුව වුවමනාවෙන් මඟහරිනවා කියලා.

පසුගිය අවුරුදුවලත් ඩෙංගු රෝගීන් පනස්දාහ හැටදාහ හිටියා. හැබැයි මෙහෙම තදබදයක් තිබුණේ නැහැ. එහෙනම් දහගුණයකටත් වඩා රෝගීන් වැඩිවෙලා තිබෙන්න ඕනේ. අපට ලැබුණ තොරතුරු අනුව ඩෙංගු ‍රෝගීන් ලක්ෂ හතරකට වඩා ඉන්නවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන පාසල් තුනක විතරක් තුන්සියයට වැඩි සිසුන්ට ඩෙංගු හැදිලා.

එදා ත්‍රස්තවාදයට වගේ අද ඩෙංගුවලට බයවෙලා තියෙනවා. ආණ්ඩුව මේවා ගණන් ගන්නේ නැහැ. මාධ්‍ය ඉස්සරහා කතාව පමණයි ප්‍රායෝගික වැඩපිළිවෙළක් නැහැ.

දඹුලු ලෙන් විහාරය වසා දැමීමට ආණ්ඩුව කුමන්ත්‍රණය කරමින් ඉන්නවා. මේක පැහැදිලිවම රට බෙදන ව්‍යවස්ථාව සහ අනෙකුත් කාරණා ගැන අස්ගිරි පාර්ශ්වය කතා කළාට පසුව ඇති වූ තත්ත්වයක්. මේක එක්සත් ජාතික පක්ෂයට අලුත් දෙයක් නොවෙයි. ඉතිහාසයේ අපි දැක්කා ගැටඹේ පන්සලට කටු කම්බි ගැහුවා. ගම්පහ දරමිටිපොළ හාමුදුරුවන්ගේ පන්සලට ගල් ගැහුවා.

ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා සංඝ භේදයක් ඇති කරන්න එපා. සංරක්ෂණය කරන්න ඕනේ නම් හාමුදුරුවෝ එක්ක කතා කරලා සාකච්ඡා මාර්ගයෙන් මේක විසඳ ගන්න කියලා ඉල්ලා සිටිනවා.

– ප‍්‍රදීප් අනුර කුමාර

5,723 Viewers

4 Comments to “ව්‍යවස්ථාවට විරුද්ද වූ අස්ගිරි පාර්ශවයෙන් පලිගන්න දඹුලු ලෙන් විහාරය වසා දමන්න ආණ්ඩුව කුමන්ත්‍රණයක..”

  1. LION says:

    රටම හූරාකාපු සුද්දාවත් පංසලේ පිං කැටේට අත තිබ්බෙ නෑ.. මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භයයි!

    • Amda says:

      කියල වැඩක් නෑ. මුන් කරන්නේ සුද්දාවත් නොකරපු හතුරුකම්.
      සාන්ඝික දේපලට අත තියපු එකම තමයි මුන්ගේ අවසානයේ ආරම්භය.

  2. LION says:

    බ්‍රිතාන්‍යය ආණ්ඩුකාර ටොරින්ටන් විසින් 1848 අගෝස්තු 26වැනිදා කුඩාපොල හිමි සිවුරු පිටින් වෙඩිතබා ඝාතනය කල අතර එය පසුව ප්‍රතිවිපාක ගෙන දුන් ප්‍රබල සිද්ධියක් විය. මුද්‍රණ කම්කරුවන්ගේ 1893 වැඩ වර්ජනයට සහ දුම්රිය කම්කරුවන් 1912දී කල වර්ජනයට වෘත්තීය සමිති නායකයෝ වැඩකළේ පන්සලේ ක්‍රියාකාරි සහාය මතය. ලංකාවේ නිදහස් සටනේ පෙරමුණගත් අභීත යතිවරයකු වූයේ 1902 ජනවාරි 07 කුරුණෑගල උඩකැන්දවල ග්‍රාමයේදී උපන් උඩකැන්දවල සරණංකර හිමියන්ය. ලංකා කොමියුනිස්ට් පක්ෂය 1943දී පිහිටුවාගත් අවස්ථාවේදී එහි ආරම්භක සභාපතිවරයා වූයේද උන්වහන්සේය. නරාවිලි ධර්මරතන සහ දුම්බර පාලිත යන හිමිවරුන් ගොවි ජනතාව වෙනුවෙන් දේශපාලන වැඩකළේ පන්සලෙනි.

    භික්ෂූන් සහ පන්සල දේශපාලනයට සම්බන්ධවීමට විරුද්ධව එකළද එජාපයේ දේශපාලනඥයින් වූ ඩී.එස්. සේනානායක සහ ආර්.ජී. සේනානායක සිය වාග් ප්‍රහාරයන් අද මෙන්ම එල්ල කළෝය. විද්‍යාලංකාර පිරිවෙනේ භික්ෂූන් වෙනුවෙන් කිරිවත්තුඩුවේ පඤ්ඤාසාර හිමි එයට පිළිතුරු දුන්නේ භික්ෂූන් සහ දේශපාලනය යන මැයෙන් 1946පෙබරවාරි මස නිකුත් කල ප්‍රකාශයෙනි. එහි මෙසේද සඳහන් විය. “….මනුෂයින්ගේ යහපත සදහා කරන සෑම වැඩසටහනක්ම දේශපාලනයට අයත්ය. රටවැසියන්ගේ යහපතට හේතුවන යම් වැඩපිළිවෙලක් වේනම් එහි නම දේශපාලනය හෝ කුමක් හෝ වේවා එහි යෙදීම භික්ෂූන්ට සුදුසුමය. එපමනක් නොව රටවැසියන්ගේ දියුණුවට බාධා කරන කරුණුවලට විරුද්ධව ක්‍රියාත්මකවීමද භික්ෂූන්ට අයත්ය….”

  3. sarath says:

    The Rangiri Dambulla temple is a den of thieves. No monks there, only crooked businessmen in yellow robes.

Leave a Comment

Main News