ජනවාරි 08 වූයේ චෞරාභිෂේකයක්.. රවී ගැන පමණක් නොවෙයි චෞර රැල ගැනම හෙළි කරනවා..

August 3, 2017 at 6:48 pm | lanka C news
ජනවාරි 08 වූයේ චෞරාභිෂේකයක්.. රවී ගැන පමණක් නොවෙයි චෞර රැල ගැනම හෙළි කරනවා..

2015 ජනවාරි 08 වැනිදා සිදු වූයේ යහපාලන අභිෂේකයක් නොව චෞරාභිෂේකයක් බවත් රවී කරුණානායක ඇමතිවරයා පමණක් නොව බැඳුම්කර වංචාවට සම්බන්ධ වූ සියලූ දෙනා කවරාකාරයේ චෞර රැලත් ද, වග නුදුරේදීම රට හමුවේ ඔප්පු කර පෙන්වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

‘2015 ජනවාරි 08 වැනිදා යහපාලන අභිෂේකය සිදු වුණා කියන මිථ්‍යාවට රැුවටුණු අයට, එය මිථ්‍යාවක් බව අප පෙන්වා දෙන විට එය පිළි නොගත් අයට, ඒ මිථ්‍යාව කරා මහජනතාව ගොනාට අන්දාගෙන ගෙන යන්න කඬේ ගිය අයට, අද දිට්ඨධම්මවේදනීය කර්මයට මුහුණ දීමට සිදුව තිබෙනවා. 2015 ජනවාරි 08 වැනිදා සිදු වුයේ යහපාලන අභිෂේකය නොවෙයි, චෞරාභිෂේකය කියලා අද හොඳටම ඔප්පු වෙලා තිබෙනවා.

තිබුණු ආණ්ඩුවේ නායකයන්ට හොරු කියලා ලේබල් ගහලා, අවමාන කරලා යහපාලන අභිෂේකයට කර ගහපු උදවිය, දැන් එළිපිට නිර්වස්ත‍්‍රව තමන්ගේ හොරකම්වල දිග, පළල මුළු ලෝකයටම පෙන්වන්න පටන් අරන් තිබෙනවා. හිටපු මුදල් ඇමති, වත්මන් විදේශ ඇමති රවී කරුණානායක ඊයේ (02) බැඳුම්කර කොමිසමට ගිහිල්ලා ඒ කොමිසමේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ප‍්‍රශ්න කිරීම් හමුවේ දී ඇති උත්තර දෙස බලපුවාම, ඔහුට අර්ජුන් ඇලෝසියස්ගෙන් ලැබී තිබෙන ලක්‍ෂ 1650ක සන්තෝසම් මුදල දෙස බලපුවාම, ඒ වගේම අර කෝප් කමිටුවේ හිටපු එක්සත් ජාතික පක්‍ෂයේ ‘ෆුට්නෝට් කල්ලියට’ ලබා දී ඇති ගෙවල් හා නිවාස දෙස බලපුවාම මේ ආණ්ඩුව අද අර්ජුන ඇලෝසියස්ලා හොරකම් කරපු මුදලින් නැටවෙන ආණ්ඩුවක් බවට පත් වී අවසන්.

‘නිදි ඇඳේදිවත් හමු වෙන්නේ නැද්ද’

හිටපු මුදල් ඇමතිවරයා දැන් සුදනා වගේ කියනවා ‘මම දන්නේ නැහැ. නෝනා තමයි මේක කරලා තියෙන්නේ. මම දන්නවා නම් ඒ ගෙදර පදිංචියට යන්නෙත් නැහැ’ කියලා. අඩු ගණනේ මේ නෝනයි, මහත්තයයි නිදි ඇඳේදිවත් හමු වෙන්නේ නැද්ද? ‘මම මේ ගෙදර මිලදී ගත්තා. මට ඇලෝසියස් උදව් කළා’ කියලවත් කිව්වේ නැද්ද? ඔය ‘බබා කතා’ පිළි ගන්න තරම් මේ රටේ මිනිස්සු මරි මෝඩයි කියලාද මේ ඇණ්ඩුව හිතාගෙන ඉන්නේ?

‘ශ‍්‍රී ලංකාවට අවමානයක්’

මේ වගේ හොරකමට චෝදනා ලබපු පුද්ගලයකු කොහොමද විදේශ අමාත්‍යවරයා ලෙස ලෝකය හමුවේ ශ‍්‍රී ලංකාව නියෝජනය කරන්නේ? එවිට ශ‍්‍රී ලංකාවට සිදු වන අවමානය කෙතරම් බරපතළද? රවී කරුණානායක පමණක් නෙවෙයි, රනිල් වික‍්‍රමසිංහලා, මලික් සමරවික‍්‍රමලා එකතු වෙලා තමයි මේ මහ බැංකු බැඳුම්කර මෙහෙයුම පණ ගැන්වූයේ. දැන් රවී කරුණානායක කියනවා ‘මිතුරන්ගෙන් පහර කෑමට සිදුවීමයි වේදනාව’ කියලා. කවුද රවීගේ මිතුරා? අගමැති රනිල් ද? එහෙම නැතිනම් රනිල්ගේ ගෝලයා මලික් සමරවික‍්‍රම ද? ඒ මිතුරන් දෙදෙනා හැර රවීට වෙනත් මිතුරන් සිටී ද? දැන් ඉතාමත් පැහැදිලියි මේ හොර රැල බැඳුම්කර ගනුදෙනුවෙන් හොරා කාපු බව. බැඳුම්කර ගනුදෙනුවකින් හොරා කනවා, කියන්නේ රටේ ආදායමෙන් හොරා කනවා කියන එකයි. වෙනත් ආණ්ඩුවල අයට ‘හොරා කෑවා’ කියා චෝදනා ආවා නම් ඒවා සංවර්ධන ව්‍යාපෘති වැනි රටේ වියදමෙන් හොරා කාපු බවට වූ චෝදනා. නමුත් මේ චෞර රැල හොරා කා ඇත්තේ රටේ ආදායමෙන්.

මේ මුස්පේන්තු ආණ්ඩුව බලයට පත් වූ දා සිට උතුරේ පොලිස් නිලධාරියකුට පාරේ බැහැලා යන්න බැහැ, වැව් දහස් ගණනක් හිඳිලා. නියගයෙන් පීඩාවට පත් වූ ජනතාව අතට මේ වනතෙක් කිසිඳු සහනාධාරයක් ලැබී නැහැ. මේ මොනවා නැතත් මේ තක්කඩි රැල හොරකම විතරක් කර ගෙන යනවා. අද හම්බන්තොට වරාය විකුණලා ගන්නවා සල්ලි, ඒවායිනුත් හොරා කනවා. හම්බන්තොට වරාය විකුණපු ඞීල් එකෙන් කාට ද කොමිෂන් ලැබුණේ? කියක් ද ලැබුණේ? යන කාරණා ඉදිරියේදී දැන ගැනීමට ලැබෙයි.

රටටම බොරු නිර්මාණය කරලා. අසත්‍ය අවලාදවලින් පැවැති ආණ්ඩුවට පහර දීලා 2015 ජනවාරියේ බලය ගත්තු මේ කල්ලිය 2015 පෙබරවාරි වන විට බිලියන ගණනක හොරකම කළා. ඒ නිසා බැංකුවල පොලී අනුපාතික ඉහළ ගියා. අහිංසක මිනිසුන්ට බැංකුවකින් පොඩි ණයක් අරගෙන පොඩි ව්‍යාපාරයක් කර ගන්න තිබුණු අවස්ථාව අහිමි වුණා. අද ව්‍යාපාර කඩා වැටිලා. ආර්ථිකයේ ඉදිරි ගමනක් නැහැ. වලපල්ලටයි යන්නේ. අද මේ රටේ රාජ්‍ය දේපළ චෞර රැුලක් විසින් අත්පත් කර ගෙන. අද මොවුන්ගේ හොරා කෑම විතරයි රට තුළ සිදු වෙන්නේ.

‘පාපතර ආණ්ඩුව එළවන්න පාරට බහින්න’

රතු අලි පැටවුන්ගේ, පා.ච. රණවකලාගේ ‘බොරු කතා අහලා රැවටුණු, සෝභිත හාමුදුරුවන්ගේ බණ අහලා ඒවාට රැවටුණු මේ චෞරාභිෂේකයට කර ගහපු මිනිස්සුන්ට අපි කියනවා, ‘තවදුරටත් නිහඩව බලා ඉන්න එපාෟ ඔබ විසින් බලයට ගෙන එන ලද චෞරයන් රැල මහ බැංකුව පමණක් නොවෙයි මුළු රටම සුද්ධ කරමින් ඉන්නවා. රට විපතෙන් විපතට, අරාජිකත්වයෙන්, අරාජිකත්වයට ඇදගෙන යනවා. ඔබ කළ පාපයෙන් ගැලවෙන්න නම් මේ පාපතර ආණ්ඩුව එළවන්න පාරට බහින්න’ කියා.

‘එදා රාජපක්‍ෂලා එතැන මෙතැන ගෙවල් අරන්’ කියමින් තමයි බලයට ආවේ. අද කවුද ගෙවල් අරන් තියෙන්නේ? මේ ගෙවල් සුළු පටු ගෙවල් ද? ඒ විතරක් නොවෙයි ඔය ඇමතිවරයා 2015 ජනවාරි 08 වැනිදාට කලින් ලක්‍ෂ 10 බැගින් අත්තිකාරම් ගෙවා ඔය නිවාස සංකීර්ණයෙන් නිවාස 03ක් අරන් තිබුණා. සෑහෙන්න කාලයක් ඉතිරි මුදල් නොගෙවා හිටියා. එවිට ඒ සමාගම කීවා ‘අපි ඔබට මේ ලක්‍ෂ 30 නැවත ලබා දෙන්නම්. අපට මේ නිවාස තුන වෙන කාටහරි විකුණන්න ඕනෙ’ කියලා. මෙයා ඒකට එක`ග වුණේ නැහැ. නමුත් 2015 ජනවාරි 08 දිනලා මුදල් ඇමති වෙලා මාස දෙකක් ගියේ නැහැ අර ‘කරුංකා ජාවාරම්කාරයා’ ඉහත කී දේපළ සමාගමට ඇවිත් ඉතිරි මුදල් ලක්‍ෂ එක්දහස් ගණන මුළුමනින්ම ගෙව්වා.

රවී කරුණානායක පමණක් නොවෙයි මේකට සම්බන්ධ අනෙක් අයත් ‘මොන වගේ චෞරයන් රැලක් ද?’ කියා අපි ඉදිරියේදී ඔප්පු කරලා පෙන්වනවා. ඒ වගේම ඊයේ(02) රාත‍්‍රීයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වුණු ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයෝ තීරණය කළා, චෞරාභිෂේකයට එරෙහි පළමු පියවර හැටියට රෙදි වස්ත‍්‍ර උනා දමා හොරකමේ යෙදුණු රවී කරුණානායක ඇමතිවරයාට විරුද්ධව විශ්වාසභංග’ යෝජනාවක් ගෙන එන්න. දැන් මොහොතකට කලින් ඒ විශ්වාසභංගය කථානායකවරයාට භාර දුන්නා. ‘මේ චෞරාභිෂේකයේ පළමු නියෝජිතයාගේ හොරකම රට හමුවේ හෙළි කරලා ඔහුව අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ අවස්ථාව ඉක්මනින් උදා කරලා දෙන්න ඔනෙ. ඒ සඳහා කඩිනමින් දිනයක් ලබා දෙන්න කියා අපි කථානායකවරයාගෙන් ඉල්ලනවා’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

15,552 Viewers

9 Comments to “ජනවාරි 08 වූයේ චෞරාභිෂේකයක්.. රවී ගැන පමණක් නොවෙයි චෞර රැල ගැනම හෙළි කරනවා..”

  1. සකුන්තලා says:

    මොනෑක්‌ …..මොනෑක්‌ …..මොනෑක්‌ ….කොලඹ කුකුල්ලු අඩන හැටි. මං දන්නේ නැතෝ…අම්මයි දූයි මට නොකිය කරලා මන් දන්නේ නැහැ. මොනෑක්‌ …කොක් ජෝකි ..මොනෑක්‌ …

    • Amda says:

      අන්තිමට තමුන්ගෙ බිරිඳවත් පාවලා දුන්නා තමුන්ගෙ ගැලවීමට

  2. sam says:

    Ballo buruwata kadu pathwenna nane

  3. බබා උක්කුන් says:

    විමල් මහත්තයෝ නිදි ඇදේදී මුණගැහිලා තියෙන්නේ ඇලෝසියස්

    • සමීර says:

      ඒ කියන්නෙ මූත් මොන්ලගෙ ජාතියෙ සමනලයෙක්ද?

  4. Hon Wimal Weerawansa WELL SAID as always……..jaya wewaaaaaaaaaaaaaaaaaaaaaa!!!

  5. සකල බුජං says:

    විමල් මහත්මයා අහනව, ” අඩු ගණනේ මේ නෝනයි, මහත්තයයි නිදි ඇඳේදිවත් හමු වෙන්නේ නැද්ද? ” කියල.

    නෑ! නෑ!! නෑ!!! මෙහෙමනෙ වුනේ! රවියට වැඩ වැඩියි, ගෙදර එන්නෙ හුඟක් රෑවෙලා, එනකොට පවුල නිදි. පවුල කවුද කියල මතකත් නෑ. ඉතින් නිදාගන තියෙන්නෙ කුස්සි අම්ම මේරිත් එක්ක.
    එතකොට කොහොමද ඔය ගනුදෙනු ගැන කථා කරන්ඩ වේලාවක් හම්බ වෙන්නෙ? 

Main News