නරුම පියෙක් සිය දහතුන් හැවිරිදි දියණිය දරුවන් තිදෙනෙක් ඉදිරිපිටම දුෂණය කරයි..

September 12, 2017 at 12:00 pm | lanka C news
නරුම පියෙක් සිය දහතුන් හැවිරිදි දියණිය දරුවන් තිදෙනෙක් ඉදිරිපිටම දුෂණය කරයි..

නාඋල – හපුගස්යාය ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු දහතුනක(13) පාසල් දැරියක් බරපතල ලිංගික අපයෝජනයට ලක්කල නරුම පියෙකු  අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි.

වැලිගොඩ දැමීමේ නිරත සිය පියා බීමතින් පැමිණ සිය මව හා වැඩිමහල් සොහොයුරා නිවසින් පන්නා තමන්ගේ කුඩා සොයුරු සොයුරියන් තිදෙනෙකු ඉදිරිපිට රාත‍්‍රි දහයට පමණ දුෂණයට ලක් කළ බව දැරිය නාඋල පොලිසියට පැමිණිලි කර ඇත.

සිදුකළ පැමිණිල්ලට අනුව සැකකාර පියා අත්අඩංගුවට ගෙන නාඋල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසු මේ මස 18 වෙනිදා දක්වා රක්ෂිත බණ්ධනාගාර ගතකිරීමට නාඋල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සුරංග මුණසිංහ මහතා නියෝග කර තිබේ.

පවුලේ පස් දෙනෙක් වු දරුවන් සිටින මෙම දරු පවුලේ අගහිගකම් පිළිබ`ද මාධ්‍ය මගින් සිදුකළ ප‍්‍රචාරයන්ට අනුව සමාජයේ දෙස් විදෙස් පුද්ගලයින් රැසක් ඔවුන් ආධාර උපකාර ද සිදුකර තිබේ.

ඒ අතර දැරිය ඇතුළු පවුලේ සෙසු දරුවන් සදහා විදෙස් ගත පුද්ගලයින් කිහිපදෙනෙක් එක්ව ශිෂ්‍යත්ව කිහිපයක් ද ලබා දී තිබිනි.

ප‍්‍රදේශයේ යාබද පාසලක අධ්‍යාපනය ලබන දැරිය අධ්‍යාපනයේ දක්ෂකම් දක්වන්නියකි.

සිද්ධිය සමබන්ධයෙන් පරික්ෂණ මෙහෙයවන නාඋල පොලිසියේ කාන්තා කාර්්‍යංශයේ ස්ථානාධිපතිනි ඒ.ජී.එන්. කුමාරි මොරගොල්ල මහත්මිය ස`දහන් කළේ සිද්ධියෙන් පසු දැරිය මාතලේ විශේෂ අධිකරණ වෛද්‍යවරයා හමුවට යොමුකළ බවයි.

පරික්ෂණ වාර්තාව ලැබෙන තෙන් දැරිය ඇගේ මව වෙත භාරදී තිබේ.

– ඉන්දික අරුණ කුමාර

19,684 Viewers

3 Comments to “නරුම පියෙක් සිය දහතුන් හැවිරිදි දියණිය දරුවන් තිදෙනෙක් ඉදිරිපිටම දුෂණය කරයි..”

  1. David Milli-Banda says:

    Yahapalanaya Act ?????????????

  2. Saman Kula says:

    I couldn’t even read this properly. Please DO NOT PUBLISH this kind of disgusting NEWS.

  3. සරණ says:

    ඔය මිනිහා එලියට නම් දාන්න එපා …

Leave a Comment

Main News