කතානායක විසින් පළාත් සභා පනත සම්මතය කල එැටි ගැන පාර්ලිමේන්තුවේ ඉහලම නිලධාරියාගෙන් විරෝධතා.. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සාධාරණය පතයි..

October 16, 2017 at 3:27 am | lanka C news
කතානායක විසින් පළාත් සභා පනත සම්මතය කල එැටි ගැන පාර්ලිමේන්තුවේ ඉහලම නිලධාරියාගෙන් විරෝධතා.. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සාධාරණය පතයි..

පසුගිය 20 වෙනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් “කාන්තා අපේක්ෂක නියෝජන පලාත් සභා මැතිවරණයේ දි 30% විය යුතුය” යන්න පලාත් සභා පනත සංශෝධනය කිරිම සම්බන්ධව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදී ගොනුකර ඇති මූලික විරෝධතා පෙත්සමට අදාළව ඉතා වැදගත් විග්‍රහයක් මෙරටේ සිටි කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකු මෙන්ම පාර්ලිමේන්තුව හිටපු මහා ලේකම්වරයෙකු වන නිහාල් සෙනෙවිරත්න මහතා ඉරිදා (15) සන්ඩේ ටෛම්ස් ඇතුළු ඉංග්‍රීසි පුවත්පතේ පලකොට ඇත.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව මගින් හදුන්වා දුන් අතර එම ව්‍යවස්ථාවම සංශෝධනයන් 19 ක් සහිතව අදටත් ක්‍රියාත්මක වේ, විධායක ජනාධිපති ක්‍රමය. සමානුපාතික ඡන්ද ක්‍රමය, පලාත් සභා ක්‍රමය වැනි මෙරටේ ආරම්භ කොට ක්‍රියාත්මක වූ කාලයේදී, එනම් 1981 සිට 1984 දක්වා ශ්‍රීලංකා පාර්ලිමේන්තුවේ මහා ලේකම් ධූරයේත්, වසර 34 ක් පාර්ලිමේන්තු තුලත් රාජකාරි කල නිහාල් සෙනෙවිරත්න මහතා. ශ්‍රීලංකා පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් මෙන්ම පාර්ලිමේන්තුවේ අණ පනත් සම්බන්ධව මෙන්ම කෙටූම් පත් සංශෝධනය කොට සම්මත කරගැනිම පිලිබඳව හසල අත් දැකිම් ඇති පරිපාලන නිලධාරියෙකි.

ඔහු පවසනුයේ ” පසුගිය සැප්තැම්බර් 20 වෙනිදා පාර්ලිමේන්තුවේ සම්මත කරගත් පලාත් සභා පනතට අදාළ සංශෝධන කෙටුම්පත සැප්තැම්බර් මස 22 වෙනිදා කථානායකවරයා විසින් සහතික කල ද, එම පනත අනුමත කිරීමේදි එයට අදාළ කෙටුම්පත් හා සංශෝධනයන් නිත්‍යානුකූලව හා විධිමත්ව ඇතුලත් කොට සංශෝධනයන් කළේද ද යන්න විශාල ආන්දෝලනයක් රටතුල මේ වනවිට නිර්මාණය වී ඇති බවයි”. ඒ අනුව ඔහුගේ විග්‍රහය වනුයේ:

1. ඉහත කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කලේ පසුගිය ජූලි මස 26 වෙනිදා වන අතර එහි පලමු කියවීම සැප්තැම්බර් 20 වෙනිදා සිදු වු බවයි. එමෙන්ම එහි දෙවන වර කියවිමෙන් පසුව පාර්ලිමේන්තුවේ ඡන්දය විමසීමක් සිදු කල අතර එයට පක්ෂව ඡන්දය 154 කුත් විපක්ෂව ඡන්ද 43 ක් ලැබිණි, කමිටු අවස්ථාවෙන් පසුව තෙවැනිවර කියවිම සිදු වු අතර මෙම කෙටුම්පත ඡන්ද 157 කින් සම්මත වු අතර විපක්ෂව ඡන්ද 37 කි. ඉන් දින දෙකකට පසුව එම කෙටුම්පත කථානායකවරයා විසින් සහතික කල පසු 2017 අංක 17 දරණ පනත බවට පත් විය.

2. ඉහත පනත ගැටලුකාරි තත්ත්වයකට මෙන්ම අභියෝගයකට ලක්වන්නේ විශාල සංශෝධනයන් සංඛ්‍යාවක් කමිටු අවස්ථාවේදි එම කෙටුම්පතට ඇතුලත් කිරිම හරහා ය, ප්‍රධාන වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම්කරු විසින් අභියෝගයට ලක් කොට ඇත්තේ මෙවෙනි විශාල සංශෝධන සංඛ්‍යාවක් මුලින්ම ජනතාවට දැනගැනිම සඳහා අගෝස්තු 3 වෙනි දින ගැසට් පත්‍රයේ ඇතුලත් නොකිරීම සම්බන්ධයෙනි. එමෙන්ම ඒ සංශෝධනයන් සම්බන්ධව දෙවෙනි වර කියවීමේදි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා ද එම සංශෝධනයන් ඉදිරිපත් නොකිරීම නිසා ඔහුනට නිසියාකාරව එම සංශෝධනයන් හා අන්තර්ගතය ගැඹුරින් හදරා අධ්‍යයන කිරිමට තිබු අවස්ථාවක් ද අහිමි කොට ඇති බවයි.

3.මේ සම්බන්ධව ගොඩනගන තර්කයක් තවදුරටත් සාධාරණය වන්නේ, ස්ථාවර නියෝග 37-40 මගින් ප්‍රතිපාදන සපයා ඇති ආකාරයෙන් ඕනම කෙටුම්පතක් කමිටු අවස්ථාවේදි යම් එකතු කිරිමක් සිදු කල හැකි වුවත්, එසේ එකතු කල හැකි සංශෝධනයන් කවරේද යන්න ස්ථාවර නියෝග 38 ඉතා පැහැදිලිව සඳහන් කොට ඇත. එමෙන්ම එවෙනි අවස්ථාවක එහි 3 වෙනි අනු ඡේදයේ 3 වෙනි කොටසේ සඳහන් කොට ඇත්තේ, එසේ ඇතුලත් කල හැකි කොටස් සම්බන්ධව නීතිපතිවරයාට යොමුකර ඒ නිශ්චිත සෑම ඇමුණුමක්ම සංශෝධනය කිරිමට යෝජිත කෙටුම්පතට අදාළවද යන්න හා එහි නිත්‍යානුකූලභාවය ගැන විධිමත්ව නිරීක්ෂණය කොට නීතිපතිවරයාගේ මතය ලබාගත හැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවේ 77 ව්‍යවස්ථාව මගින් ප්‍රතිපාදන සපයා ඇත. මෙය පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායක් වන අතර එසේ ක්‍රියාත්මක වීම ලෝකයේ ඕනම පාර්ලිමේන්තුවක් ක්‍රියාත්මක වන රටක සිදු වන්නකි.

4. ඒ අනුව අදාළ කෙටුම්පතට ඇමුණුම් එකතු කිරිමකින් පසුව ඒ සියලු ඇමුණුම් සහිතව යෝජිත කෙටුම්පත නිත්‍යානුකූලව සිදුව ඇති බැව් නිරීක්ෂණයකින් පසුව නිතීපතිවරයා විසින් කථානායකවරයා වෙත දන්වනුයේ පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයක් මගින් අදාළ කෙටුම්පත අනුමත කල යුතුය යන්න යි, කථානායකවරයා වෙත නිතිපතිවරයා දැන්වුවත් කමිටු අවස්ථාවකදි එසේ කල හැක්කේ 1988 අංක 2 දරන පලාත් සභා පනත සංශෝධනය කිරීමට අදාළව පසුගිය ජූලි මස 26 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අගෝස්තු 3 වෙනි දින ගැසට් පත්‍රයේ ඇතුලත් කොට පල මූලික කෙටුම්පතට අදාළව සංශෝධනය 2 කට අදාළ සංශෝධනයන් සඳහා පමණි. එනම් 1988 අංක 2 දරන පලාත් සභ පනතේ 13 කොටස සංශෝධනය කිරීමට යෝජනා කල පලාත් සභා මැතිවරණය සඳහා අපේක්ෂකයන් ලෙස කාන්තා නියෝජනය 30% දක්වා ඉහළ දැමීමට අදාළව යෝජිත මූලික කෙටුම්පතට අදාළව පමණි.

5. එහෙත් ජූලි මස 26 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අගෝස්තු 3 වෙනි දින ගැසට් පත්‍රය මගින් ජනතාවට දැන ගැනිමට පල මූලික කෙටුම්පතට අදාළව සංශෝධනය 2 කට අමතරව විශාල සංශෝධනයන් ප්‍රමාණයක් කමිටු අවස්ථාවේදි සිදු කරන ලදි. එනම් සිමා නිර්නය කිරිමේ කමිටු පිහිටුවා ඒ සඳහා සමාජිකයින් 5 දෙනෙකු පත්කිරිමේ බලය ජනාධිපතිවරයාට පැවරිම, මූලික කෙටුම්පතට අදාළ නොමැති දේශපාලන පක්ෂ හා එහි නායකයින් කමිටු සඳහා පත්කිරිම, පලාත් සභාවේ මන්ත්‍රීවරු කොට්ඨාස ක්‍රමයට තොරා ගැනිම, පලාත් සභා මැතිවරණ ක්‍රමය වෙනස් කිරිම් ද ඇතුලත් මැතිවරණයන් පවත්වා ඡන්දය පාවිච්චි කිරිමේ දිනයන් ද වෙනස් කරන සංශෝධනයන් යෝජිත කෙටුම්පතට එකතු කිරිමක් සිදු කොට ඇත.

ඉහත පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සම්බන්ධව ආණ්ඩුක්‍රම විශාරදයකු වන ආර්ක්ශයින් මේ Erksine May විසින් P 496 අනු මාතෘකා යටතේ සඳහන් කොට ඇත්තේ ( P 496 under the sub heading “object of an amendment is effective debate” 🙂

“කෙටුම්පත් සංශෝධනයකදි ඇමුණුමක් එකතු කිරිමේ පරමාර්ථය වනුයේ එම කෙටුම්පත් තව දුරට ශක්තිමත් කිරිම හෝ කෙටුම්පත සම්බන්ධව පාර්ලිමේන්තුව තුල වැඩි අගයයන් සහිතව මූලික කෙටුම්පතට පිලිගැනිම වැඩි කිරිමට යොදන වෙනත් විකල්පයක් වශයෙනනි”.”The object of an amendment may be either to modify a question in such a way as to increase its acceptability or to present to the House a different proposition as an alternative to the original question” යන්න ය.

6. එමෙන්ම අමතක නොකළ යුතු වැදගත් කරුණක් වනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80(3) ව්‍යවස්ථාව අනුව පැහැදිලි සඳහන් වනුයේ: “කථානායකවරයා හෝ ජනාධිපතිවරයා විසින් සහතිකය නිකුත් කල පසුව කෙටුම්පතක් නීතියක් බවට පත්වන බවයි. එමෙන්ම ඒම සහතිකය නිකුත් කල පසුව අදාළ පනත සම්බන්ධව කිසිම අධිකරණයකට හෝ විනිශ්චයකට භාජනය කිරිම ඒ සම්බන්ධව විමර්ශනය කිරිමට හෝ ඊට අදාළව ප්‍රශ්න කිරිමට නොහැකි මෙන්ම එසේ කිරීමේ වලංගු භාවයක් ද නොමැති බවයි,

ඉහත සියලු කරුණු සම්බන්ධව විග්‍රහයක් කරමින් පාර්ලිමේන්තුව හිටපු මහා ලේකම්වරයා හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධව අපගේ අවධානය යොමු කරවමින් පවසනුයේ, ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කොට ඇත්තේ කථානායකවරයා විසින් ඉදිරිපත් කල සහතිකයයි. පසුගිය ජූලි මස 26 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අගෝස්තු 3 වෙනි දින ගැසට් පත්‍රයේ පල කල මූලික කෙටුම්පතට සම්පූර්ණ පටහැනි විශාල සංශෝධනයන් සංඛ්‍යාවක් එකතු කොට ඇත, එමෙන්ම එම සංශෝධනයන් සම්බන්ධව දෙවෙනි වර කියවීමේදි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ඒ සඳහා නිසියාකාරව එම සංශෝධනයන් හා අන්තර්ගතය ගැඹුරින් හදරා අධ්‍යයන කිරිමට තිබු අවස්ථාවක් ද අහිමි කොට, විධිමත් නොවන ආකාරයෙන් සම්මත කරගත් කෙටුම්පතක්, සඳහා කථානායකවරයා විසින් සහතිකයක් ඉදිරිපත් කිරිම අභියෝගයට ලක් කරමිනි.

හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා ඉදිරිපත් කල පෙත්සම නිවැරැදි බව පවසන පාර්ලිමේන්තුව හිටපු මහා ලේකම්වරයා මෙම කරුණ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදී විභාග වීමට නියමිතව ඇති බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉතාම නිවැරැදි තීරණයක් මේ සම්බන්ධව ලබාදෙනු ඇතයි බලාපොරොත්තුව සිටින බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

සන්ඩේ අයිලන්ඩ් ඉංග්‍රීසි පුවත් පතේ මෙය පල කොට තිබුනි. Link

23,596 Viewers

8 Comments to “කතානායක විසින් පළාත් සභා පනත සම්මතය කල එැටි ගැන පාර්ලිමේන්තුවේ ඉහලම නිලධාරියාගෙන් විරෝධතා.. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සාධාරණය පතයි..”

  1. Sirisena Yatawara says:

    In my view that MP of TNA Sumanthrain of TNA anti-Establishment political party has as a lawyer no knowledge of reading the history of law had been grown and developed in England?
    Look at and read 1628 Petition of Right by an act of Parliament petition of common consent of against King of England. Has same right been rise by ex-Chief Justice in Supreme Court recently?
    MP TNA is read books of Guns not that Rule of Law that has not in a study in his book of Law?
    Petition of Right is a fundamental pillar of Democracy of Justice?

  2. ඇත්ත says:

    පළාත් සභා මැතිවරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව් 4 (ඉ) ව්‍යවස්ථාවට ඇතුළු කර ජනතා පරමාධිපත්‍ය පළාත් සභා වලට ලබා දීමේ අර්ධ ෆෙඩරල් වාදීන්ගේ උත්සාහය පරාජය කළ යුතුය.

  3. ඇත්ත says:

    ඔය විදිහට පනත සම්මත කිරීම සදාචාරමය වරදක් මිස නීතිමය වරදක් නො වන බව මේ ගොබිලන්ට තේරෙන්නෙ නැද්ද?

  4. Nandasoma says:

    මෙය නීත්‍යානුකූල නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ අධිකරණයක් රටට අවශ්‍ය නැත…

  5. Chan says:

    Rataka vyvastha virodeeva katayutu kireemat neeti virodee vadaka thama

  6. බබා උක්කුන් says:

    දැන් වැඩේ වැරදුනු බව දන්නා හින්ද තමයි චන්දෙ ජනවාරි, මාර්තු කියල තප්පුලන්නේ.
    ඒත් ඕකට මොකක් හරි දහන් ගැටයක් දා ගන්න පුළුවන් වුනොත් චන්ද සුම්මා.

  7. k.n.Andrahennedi says:

    Jayampathi wikramarathna and Sumandiran are just layers not experts in constitutional law.they think they know it as well as RW.

    • Tax officer says:

      This bugger Jayampathi Wikramarathna failed Chemistry test held at the Uni of Peradheniya
      and kicked out of it and then became a lawyer as his last option. Without any qualifications,
      he himself called him a constitutional expert. What a joker?

Main News