අපි විධායක ජනාධිපති ධුරය අහෝසි කලා.. දැන් ජනාධිපති විධායක නෑ..- චම්පික පංචවිධ ක‍්‍රියාවලියෙන් සාධනය කර පෙන්වයි…

November 3, 2017 at 12:06 am | lanka C news
අපි විධායක ජනාධිපති ධුරය අහෝසි කලා.. දැන් ජනාධිපති විධායක නෑ..- චම්පික පංචවිධ ක‍්‍රියාවලියෙන් සාධනය කර පෙන්වයි…

ජාතික හෙළ උරුමය විසින් එම පක්‍ෂ මූලස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී පක්‍ෂ මහ ලේකම් ඇමති චම්පික රණවක මහතා මෙසේ අදහස් පල කලේය.

අවස්ථා තුනකදි ජාතික හෙළ උරුමය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට අපගේ අදහස ප‍්‍රකාශ කර තිබෙනවා. අවසානයට දැනට පාර්ලිමේන්තුවට වාර්තා 9 ක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ වාර්තා 9 ඇතුළේ ද ජාතික හෙළ උරුමයේ වාර්තාව තිබෙනවා. ඒකෙදි ප‍්‍රධාන මූලධර්ම ගැන කරුණු ගණනාවක් ප‍්‍රකාශ කර තිබෙනවා. එකක් තමයි මේ සම්බන්ධව මූලධර්මය විය යුත්තේ කියන එක. මූලධර්මය හැටියට හඳුන්වා දී තිබෙන්නේ  ඕනෑම ව්‍යවස්ථාවක්  පදනම් කර ගත යුත්තේ ස්ථාවරත්වයත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි.  ඕනැවට වඩා ස්ථාවරත්වය ඇති කර ගැනීම සඳහා බලතල කේන්ද්‍රගත කර ගන්න ගියොත් එතන ඒකාධිපතිවාදයක් ඇතිවෙනවා.  ඕනැවට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලිහිල් ආකෘති හදන්න ගියහම ස්ථාවරත්වය බිඳ වැටෙනවා. මේ දෙක අතර සමබරතාවයකින් යුතුව මේ කටයුත්ත කිරීම අපි යෝජනා කර තිබෙනවා. අපි ස්ථාවරත්වය යනුවෙන් හඳුන්වා තිබෙන්නේ දේශපාලන ස්ථාවරත්වය පමණක් නෙමෙයි, ආර්ථික ස්ථාවරත්වය, පරිසර තිරසර භාවය ඒ වගේම සමාජීයීය සංහිඳියාවෙන් ඇතිවන ස්ථාවරත්වය. එමගින් අප අදහස් කර තිබෙනවා.

ඒ වගේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය හැටියට අපි අදහස් කර තිබෙන්නේ ඡුන්ද අයිතිය ඒ වගේම මහජන නියොජිත ක‍්‍රමය, මිනිස් අයිතිය, යහපාලනය වගේ කරුණු. සමහරු හිතනවා ස්ථාවරත්වය යකාට ගියත් කමක් නැහැ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තවත් ශක්තිමත් කර ගත්තොත් කියලා. අනෙක් අය හිතනවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය යකාට ගියත් කමක් නැහැ ස්ථාවරත්වය වැඩිදියුණු කර ගැනීමයි සිදුවිය යුත්තේ, බලතල කේන්ද්‍ර කර ගැනීමයි කළ යුත්තේ කියලා. මෙහි සමබරතාවයක් රටට ඉතා අත්‍යාවශ්‍යයි කියා අපි හිතනවා. එතනදී විශේෂයෙන්ම අපි සඳහන් කළ යුතුයි ඒකීය භාවය පිළිබඳව ඇතිවී තිබෙන කතාව. මෙහිදී අපි දැක්කා සමහරු කියනවා ඒකීය භාවය ආණ්ඩුව පිළි අරන් තිබෙනවා නේද කියලා. මේ ව්‍යවස්ථාවට ඉදිරිපත් කර තිබෙන අයගෙන් දෙමළ සන්ධානය ඇරෙන්න අනෙක් හැමෝම ඒකීයභාවය කියන සිංහල වචනය පිළිඅරන් තිබෙනවා නේද කියලා අසන ප‍්‍රශ්නයක් තිබෙනවා. ඒකීයභාවය කියන්නේ මේ ඒකීයභාවය කියන වචනයට නෙමෙයි. ඒකීය භාවය කියන්නේ අපේ ව්‍යවස්ථාවේ 2 වෙනි වගන්තියෙන්, ඒ වගේම 4-5 වගන්තියෙන්, ඒ වගේම 76 වෙනි වගන්තියෙන් කියන වගන්ති 3 න්ම අර්ථ ගැන්වෙන දෙයක්. කොටින්ම රටේ මූලික නීතිය තැනීමේ අයිතිය තිබෙන්නේ එක ආයතනයකටයි කියන අදහස. එයයි ඒකීය භාවය කියන්නේ. තවත් ආයතන ගණනාවකටම නීති හැදීමේ බලය ව්‍යවස්ථාවෙන්ම ලබාදී නම ඒකීය වූ පමණින් වැඩක් නැහැ. ඒකීය භාවය කියන එක පදානුගත අර්ථයෙන්ම තිබිය යුතුයි.

ඒ වගේම එයට අරුතක් තිබෙනවා මේ ව්‍යවස්තාව ඇතුළේ, 1987-88 පළාත් සභා පිළිබඳ සංවාදයේදී ශ්‍රේෂ්ඨාකරණයේ බහුතර මතයේ අර්ථ දැක්වීම ඉදිරිපත් කළා. එය තමයි තිබෙන්නේ. පළාත් සභා ක‍්‍රමය නිසා ඒකීය භාවය පළුදු උනා. හැබැයි ඒකීය භාවය නැති උනේ නැහැ. ඒ නිසා මේ ඒකීය භාවය තවදුරටත් පවත්වාගෙන යා යුතුයි. ඒ නිසා දැනට තිබෙන ව්‍යවස්ථාවේ තිබෙන ප‍්‍රතිපාදන ඉවත් නොකළ යුතුයි කියන දැඩි ස්ථාවරයේ අපි ඉන්නවා. අපේ අතීතය තුළත් සෑම කෙනෙක්ම මේවා පාවාදෙන්න  දරපු උත්සාහයන් හිදී අපි ඒ මතයේ හිටියා. ඒ වගේම දෙවෙනි කාරණය දැනට මතුවෙලා තිබෙන බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දෙනවාද ආගමික නිදහස පිිළිබඳව තිබෙන කාරණය. 9 වෙනි වගන්තියෙන් බුද්ධාගම ගැන ප‍්‍රකාශයක් තිබෙනවා. බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දෙනවා. රජය බුද්ධ ශාසනය සුරක්‍ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමක් කියලා. ඒ වගේම 10 වෙනි වගන්තියෙන් සියළු ආගම්වලට සමානව සැලකීම පිළිබඳව ප‍්‍රකාශ කර තිබෙනවා. අනෙක් වගන්ති ගණනාවකින්, 14 වගන්තියෙන් එහෙම භාෂණයේ නිදහස සංවිධානය වීමේ නිදහස, ඇදහීමේ සහතික කර තිබෙනවා. මේ බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දෙනවාය කියන එකෙන් ආණ්ඩුව විශේෂයෙන් අයවැයෙන් බුද්ධාගමට මොකුත් වෙන් කරන්නේ නැහැ. සෑම ආගමකටම රජය සලකනවා. ඒ වගේම අපි විශ්වාස කරන්නේ නැහැ ජනතා විමුක්ති පෙරමුණ වගේම දෙමළ සන්ධානය වගේම තවත් වාමාංශික පක්ෂ කියන විදිහට රාජ්‍ය අනාගමික කළ යුතුයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ.

රජයේ කිසිම අනුග‍්‍රහයක් නොදී ඒ ආගම් පවතින්නට ඉඩ දිය යුතුයි කියන ස්ථාවරයේ අපි නැහැ. ආගමික අධ්‍යාපනය, අධ්‍යාපන පොතපතින් අයින් කළ යුතුයි කියන ස්ථාවරයේ අපි නැහැ. හැබැයි ලංකාව ප‍්‍රායෝගික වශයෙන් කිසිම ආගමකට රාජ්‍ය ආගමක තත්වය පිරිනමමපු රටක් නෙමෙයි. ඒ නිසා බුද්ධාගමට දීල තිබෙන දේ ප‍්‍රමාණවත් නැහැ අපේ මතයේ හැටියට. නමුත් මෙයත් කවුරු හරි කියනවා නම් අයින් කරන්න කියලා ඓතිහාසික ශිෂ්ඨාචාරයේ ආපු ගමන් මගේ, මේ රටේ සුවිශේෂී ලක්ෂණ දෙකක් තිබෙනවා අපේ ශිෂ්ඨාචාරයේ එය තමයි සිංහල භාෂාවත්, ථේරවාදී ධර්මයත්, ඒකට අපි නොසලකා හරින්න හොඳ නැහැ. ඒ වගේම අපි කිසිම ආගමකම ආගමික නායකයින් බෞද්ධ ආගමට හෝ ශාසනයට විරුද්ධයි කියා. මොකද අතීතයේ මේ සෑම ආගමකටම සුහදශීලිව සහනශීලිව බෞද්ධයින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා හැසිරිලා තිබෙනවා. මේ රටේ අද මුස්ලිම්වරු පවතින්නේ එදා අපේ බෞද්ධ රජවරු  පෘතුගීසින් මුස්ලිම්වරුන්ව සමූල ඝාතනය කිරීමට ගත් තීරණයේදී 1626 දී මුස්ලිම්වරුන්ගේ පැත්ත අරගෙන ඔවුන්ට ආරක්‍ෂාව දුන් නිසා. ඒ වගේම මෝගල්වරු දකුණු ඉන්දියාවේ හින්ද කෝවිල් වනසන කොට ඒ හින්දුවරුන් ඉඩ දුන් නිසා අපේ රජවරු. ඒ වගේම රෝමානු කතෝලිකයන්ට විරුද්ධව රෙපරමාදු අය නැගී සිටි වේලාවේ  ඕලන්ද යුගයේදී රෝමානු කතෝලිකයෝ රැුක්ක නිසා. ජෝසප් වාස් පියතුමාව රැුක්කේ රෝමයෙන් නෙමෙයි. අපේ රජතුමා. ඒ නිසා තමයි අද කතෝලික ආගමක තිබෙන්නේ. ඒ නිසා අපි කිසිම ආකාරයකට අසහනශීලි විිදිහට ලේ වැගිරීම් කරලා නැහැ බුද්ධාගම ව්‍යාප්ත කරන්න. ඒ වගේම අනෙක් අයව නෙරපා හරින්න හෝ  සමූල ඝාතනය කරන්න කි‍්‍රයා කරලා නැහැ.

අදවන විට යුරෝපයේ, මැදපෙරදිග ආදී තවත් රටවල් ගණනාවක මේ ආගම් මත පදනම් වෙලා සංහාර කරන ස්වරූපයක් තිබෙනවා. ඊජිප්තුවේ, සිරියාවේ, ලෙබනනයෙ, පකිස්ථානයේ, ඇෆ්ගනිස්ථානයේ, යුරෝපයේ ආදී රටවල්වල ආගම් ගැටළු පවතිනවා. මේවා මධ්‍ය මගින් වාර්තා කරන්නෙත් නැහැ. මේවා අපේ රටේ සිදුවෙන්නෙ නැහැ. ඊයේ මෑන් හැටන්වල ප‍්‍රහාරයක් සිද්ධ උනා. ඒ ගමන්ම ඇමරිකාවේ මුස්ලිම්වරුන්ට පාරවල්වල, කාර්යාලවලට යන්න පුලූවන් තත්වයක් නැහැ. මේ රටේ එහෙම සිද්ධි නැහැ. ඒක අනාගතයටත් ව්‍යවස්ථාවේ දැනට තිබෙන ඒ වගන්ති ඒ ලෙසම පැවතිය යුතුයයි අපි විශ්වාස කරනවා.

පළාත් සභා ක‍්‍රමය අපි හිතන්නේ නැහැ මේ පළාත් සභා ක‍්‍රමය සුදුසු එකක් ලෙස. නමුත් ව්‍යවස්ථාවේ එය තිබෙනවා. ව්‍යවස්ථාවේ තිබෙන ඒ පළාත් සභා ක‍්‍රමය ඇත්තටම සංශෝධනය විය යුතු දෙයක්. ඒ වගේම මේ පළාත් සභා ක‍්‍රමය මගින් දෙමළ ප‍්‍රශ්නය විසඳෙනවාය කියන එක අපි පිළි ගන්නේ නැහැ. දෙමළ මිනිිහට ගැටළුවක් තිබෙනවා නම් කොහොමද උතුරු පළාත් සභාවට බලය දීමෙන් එය විසඳෙන්නේ. ලංකාවේ ලංකික දෙමල කියන ජනගහනයෙන් 45% යි උතුරේ ඉන්නේ. උතුරට බලය දුන්නාහම ඉතුරු 55 ප‍්‍රශ්නේ විසඳෙන්නේ කොහොමද? ඒ වගේම ඉන්දියානු දෙමළ සම්භවයක් සහිත දෙමළ ජනතාවත් එකතු කලායින් පසුව උතුරේ ඉන්නේ මුළු දෙමළ ජනගහනය 32% කයි. එතකොට ඒ ඉතුරු 68% ප‍්‍රශ්නේ විසඳෙන්නේ කොහොමද උතුරට බලය දුන්නාහම. ඒ වගේම මේ ගොල්ලො දැන් අලූත් සංකල්පයක් ගොඩනගා ගත්තා 77 ඉඳන්. දෙමළ කතා කරන ජනතාව කියලා. ඒ කියන්නේ මුස්ලිම්වරුත් එක්ක. මුස්ලිම්වරුත් එක්ක එකතු කළහම උතුරේ ඉන්නේ දෙමළ කතා කරන අයගෙන් 20% යි. 80% ක් ම ඉන්නේ උතුරෙන් පිට. උතුරෙන් පිට 80% ක් ඉන්නකොට උතුරට බලය දුන්නහම දෙමළ කතා කරනවා කියන අයගේ ප‍්‍රශ්නය විසඳෙන්නේ කොහොමද. සමහරු කියනවා තමිල්නාඩුවට බලය දුන්නා කියලා. මුළු ඉන්දියාවේම ඉන්න දෙමළ කතා කරන ජනතාවගෙන් 94% ක් ඉන්නේ තමිල්නාඩුවේ. තමිල්නාඩුවට බලය දුන්නාහම ඉන්දියාවේ දෙමළ මිනිහට ප‍්‍රශ්නයක් තිබෙනවා නම් ඒක විසඳෙනවා. ලංකාවේ ඒ ප‍්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒක නිසා තමයි අපි අදහස් දෙකක් ඉදිරිපත් කළේ. එකක් තමයි කෙළින්ම  ප‍්‍රාදේශීය සභා වලට ශක්තිමත් බලයක් දෙන්න. එතකොට උතුරේ තිබෙන මුස්ලිම්, සිංහල ගම්මානවලට, ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත් පවතින්න පුළුවන්. ඒවගේ දකුණේ තිබෙන දෙමළ මුස්ලිම් ජනතාවටත් පවතින්න පුලූවන්. අපි ඒකට විරුද්ධත්වයක් නැහැ.

ඊ ළ`ගට මේ දෙමළ නායකයො ආණ්ඩුවට එකතු විය යුතුයි. ආණ්ඩුවට එකතුවෙලා මේ රාජ්‍ය බලය, අවශ්‍ය කරන දේවල් තමන්ගේ ජනතාවට ලබාදිය යුතුයි. 1947 දී එක්සත් ජාතික පක්ෂය පිහිටවපු වෙලාවේ මේ රටේ පැවැති සියළු මුස්ලිම් දේශපාලන පක්ෂ ඒ එක්සත් ජාතික පක්ෂයට එකතු වී ආණ්ඩුවට එකතු උනා. ඒ වගේම ඒකට එකතුවෙන්න බැරි බදියුදීන් මහමුද් වගේ අය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට පසුව එකතු උනා. ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකට එකතු උනා. එකතුවෙලා තමන්ගේ ජනතාවට සේවය කළා. එහෙමයි කියලා මේ රටේ මුස්ලිම් ජනතාවගේ අනන්‍යතාවය දියවෙලා ගිහිල්ලා තියනවද?  නැහැ මුස්ලිම් ජනතාව පසුගාමී වෙලා තිබෙනවා ද? නැහැ. 1947 දී මුස්ලිම් ජනතාව මේ රටේ ආණ්ඩුවට එකතුවෙන කොට මුස්ලිම් ජනතාව හිටපු තැනයි ඒ අවස්ථාවේදී ලංකා දෙමළ ජනතාව හිටපු තැනයි අරගෙන බැලූවහම අද කාටත් පේනවා වෙනම රාජ්‍යයකට සටන් කරන්න ගිහිල්ලා ලංකා දෙමළ ජනතාවට මොකද වෙලා තියෙන්නේ. එක රටක ඉන්න තීරණය කරලා ලංකාවේ මුස්ලිම් ජනතාවට මොකද වෙලා තිබෙන්නේ කියලා. එය 2022 ජනසංගනනයෙන් තවත් හොඳට පෙනෙයි.

ඊ ළ`ගට වතු දෙමළ ජනතාව, තොණ්ඩමන් මහත්මයත් ගිහිල්ලා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට එකතු උනා. නමුත් ජයවර්ධන ජනාධිපතිතුමා ආරාධනා කළහම 1975 දී එයත් දේවනායගම් මහත්මයත් එක්සත් ජාතික පක්ෂයට එකතු උනා. දැන් ඒකෙන් වතු දෙමළ ජනතාවට වැරදිලා තිබෙනවා. ඒ වතු දෙමළ ජනතාවගේ අනන්‍යතාවය දියවෙලා තිබෙනවාද?. නැහැ. ඒ වතු දෙමළ ජනතාව දවසින් දවස සෑම පැත්තකින්ම දියුණුව කරා යනවා. අපි එය අගය කළ යුතුයි. ඒ වගේ වෙනම රාජ්‍ය සිහිනයක ඉන්නේ නැතිව දෙමළ නායකයෝ හැකියා පූර්ණ විශාල පිරිසක් ඉන්නවා, සිංගප්පූරු ආණ්ඩුවට ලොකුම සේවයක් ඒ රටේ දෙමල දේශපාලන නායකයින්ගෙන් සිදුවෙනවා. වෘත්තීය මට්ටමේ සේවයක් මේ රටටත් ඒ සේවය අවශ්‍යයි. ඒ දෙමළ ජනතාවටත් ඒ සේවය අවශ්‍යයි. ඒ නිසා ඔවුන් කළ යුත්තේ කෙළින්ම ආණ්ඩුවලට එකතු වෙලා තමන්ගේ හැකියාවෙන් කුසලතාවයෙන් රටටත් මෙහෙවරක් කරලා, ඒ වගේම තමන්ගේ ජනතාවටත් මෙහෙවර කරන එකයි. එහෙම නැතිව ඔවුන් මේකෙන් ඈත්වෙලා ඉන්න තරමට ප‍්‍රාදේශීය පාලන ඉල්ලන තරමට යාපනය හා දෙමළ ජනතාව තව තවත් ලෝක සිතියමෙත් ලංකා සිතියමෙත් කොන් වෙනවා හැරෙන්න ඔවුන්ට ඉදිරි ගමනක් නැහැ. ඒනිසා මම හිතනවා විප්ලවකාරී විදිහට මෙය කල්පනා කරලා බලලා ඉදිරියට ඇවිල්ලා කටයුතු කළහොත් බොහොම දීප්තිමත් අනාගතයක් එයි, ලක්‍ෂමන් කදිරගාමර් වැනි ලාංකික දෙමළ පිරිස් ඇමතිකම් අරගෙන ඒවා බබලවා පෙන්නුවා හොඳට අපට ඇමතිකම් කරන්න පුළුවන් කියලා. ඒක තමයි රටට අවශ්‍ය.

ඒක තමයි විධායක ජනාධිපතිධූරය. මේක ගැනත් වැරදි මත ගණනාවක් තිබෙනවා. අද ලංකාවේ විධායක ජනාධිපතිධූරයක් නැහැ. විධායක ජනාධිපතිධූර තිබෙනවා ඇමරිකා එක්සත් ජනපදයේ. එතකොට එයාට පුළුවන් ඇමතිවරු, නිලධාරී පත් කරන්න, සියලූ විධායක බලය තිබෙනවා. අපේ රටෙත් යම් අත්තනෝමතික ජනාධිපතිධූරයක් තිබෙනවා. ඒක පළාත් සභා ක‍්‍රමය නිසා 88දි ඒක වෙනස් උනා. ස්වාධින කොමිසන් සභා ඇතිකිරීම නිසා විටින් විට 2004 දී 2014 දි ඔය විදියට වෙනස් වෙලා අවසාන වශයෙන් 19 වන සංශෝධනයෙන් 2015  දින 100 යටතේ එය සම්පූර්ණයෙන් සංශෝධනය උනා. අද අත්තනෝමතික ජනාධිපති කෙනෙක් නැහැ. ජනාධිපති පාර්ලිමේන්තුවට වගකියන, කැබිනට් මණ්ඩලයට වග කියන, අධිකරණයට වග කියන පුද්ගලයෙක්. අධිකරණය ඒ වගේම මැතිවරණ ක‍්‍රම මේවා අද ස්වාධින ආයතන බවට පත්වෙලා තිබෙනවා. ඒනිසා මේ ඒකාධිපති විධායක ධූරය අහෝසි කිරීම වෙනුවෙන් කතා පැවැත්වීමෙන් තේරුමක් නැහැ. ජනාධිපතිධූරය තවදුරටත් ප‍්‍රජාතාන්ත‍්‍රික කරනවා නම් ඒක ඇත්තටම සාකච්ඡුා කරලා කළ යුතු දෙයක්. එහෙම නැතිව රට අස්ථාවර වන විදිහේ වැඩකළ යුතු නැහැ. ජනාධිපති ධූරය අහෝසි කරනවා නම් පැරණි මැතිවරණ ක‍්‍රමයට ගිහිල්ලා ස්ථාවර ආණ්ඩු ඇතිවන විදිහට අපි වැඩ කරන්න  ඕනේ. මොකද ආණ්ඩුවක් පිහිටුවා ගන්න බැරි උනොත් මේ මොනවා කළත් වැඩක් නැහැ. රටවල් අස්ථාවර වෙලා බිඳ වැටෙනවා.

මෙට හොඳ උදාහරණයක් ඇති වුණා මේ මෑතදී දියුණු රටවල් දෙකක තියපු මැතිවරණ වලින්. එකක් ජර්මනියේ. අනුපාත ඡුන්ද ක‍්‍රමය තිබෙන්නේ. අනික ජපානයේ ඒකේ අනුපාත ඡුන්ද ක‍්‍රමය තිබෙන්නේ. නමුත් වැඩිහරිය තිබෙන්නේ කොට්ඨාශ ක‍්‍රමය. ජර්මනියේ පාලක ඇන්ජලා මර්කල් මැතිණිය හොඳ පාලනයක් ගෙන ගියා. නමුත් 33% යි හම්බ උනේ. ඡුන්දය තිබුනේ සැප්තැම්බර් 24 වෙනිදා නමුත් අද වෙනකන් ආණ්ඩුවක් පිහිටවා ගන්න බැහැ. ජනවාරි මාසය වෙනකලූත් ආණ්ඩුවක් පිහිටවා ගන්න බැහැ. බහුතරය නැහැ අනුපාතය නිසා. ඒ වගේම ජපානයේ මැතිවරණයේදී ෂින්  ඕ ඇබේ මහත්තයාගේ පක්ෂයට හම්බ උනේ 32.8 % යි. හැබැයි ආසනවලින් 2/3 ක් හම්බ උනා. එතුමා පහුවෙනිදාම ස්ථාවර ආණ්ඩුවක් පිහිටෙව්වා. ඒ රට ස්ථාවරයි. ජර්මනිය අස්ථාවරයි. ජර්මනියටනම් ශක්තිමත් ආර්ථිකයක් තිබෙන නිසා කවුරු පාලනය කළත් එහි ගැටළුවක් නැහැ. නමුත් අපේ රටටත් මේ අස්ථාවර පාලනයක් ගෙන්න තමයි තිබෙන්නේ. විශේෂයෙන්ම මේ වාමාංශික අදහස් දරණ ඒගොල්ලො වැඩිහිටි වාමාංශික අදහස් දරනවා. ඒකට අපි කියන්නේ මහළු වාමාංශික ළදරු වලිප්පුව කියලා. මේ ආණ්ඩු පුළුවන් තරම් දියාරු කරන්න දරණ උත්සාහය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියමින් දියාරු ආණ්ඩු හැදීම තුළින් තව තවත් මේක දියාරු වෙන එක තමයි වෙන්නේ. සමහර පක්ෂ කරන ඒවා අපට තේරෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කියනවා අපට විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න කියලා.ඒක අපට තේරෙනවා. මොකද ජනතා විමුක්ති පෙරමුණට ලංකාවේ කවදාවත් ජනාධිපතිවරයෙක් බිහි කරන්න බැහැ. ඉතිං ඒක අහෝසි කළහම ඒ ගොල්ලන්ට හොඳයි. ඒවගේ පක්ෂ කියන එක අපට තේරෙනවා. නමුත් මේ සමහර අය කියන ඒවා අපට තේරෙන්නේ නැහැ.

මේ ජනතාවට බොරු වංචා කරන්න   ඕනේ නැහැ. මේ අත්තනෝමතික ජනාධිපතිධූරය දැන් අහෝසි කර තිබෙනවා. ඒ වෙනුවට ප‍්‍රජාතාන්ත‍්‍රික ජනාධිපතිධූරයක් දැන් ඇවිත් තිබෙනවා. මේකත් අහෝසි කරනවා නම් අනිවාර්යයෙන්ම මැතිවරණ ක‍්‍රමය කොට්ඨාශ ක‍්‍රමයට පවත්වලා ස්ථාවර   ආණ්ඩු පිහිටුවන්න කටයුතු කරන්න  ඕනේ. ඒ ඇරෙන්න අනවශ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාදාමයන් අනුගමනය කරන්න ගිහිල්ලා රට අරාජික වෙන එක විතරයි සිදුවෙන්නේ. ඒක අපි බොහොම පැහැදිලව කියනාව රට බෙදන්න උත්සාහ කරන රටතුළ පරණ බෝල් ෂෙවික් විප්ලව කරන්න උත්සාහ කරන පිරිස්වලට අවශ්‍ය ආකාරයට මේක සකස් කළ යුතු නැහැ. මේක රට ස්ථාවර වෙන විදිහට සිදු කළ යුතුයි. අපි යෝජනා කරන්නේ නැහැ ජයවර්ධන ජනාධිපතිතුමා කළා වගේ සියළු බලතල ඒකාධිපති වෙච්ච කෙනෙක්. මේ ප‍්‍රජාතාන්ත‍්‍රික ආණ්ඩු ක‍්‍රමය තවත් ශක්තිමත් වන විදිහේ වැඩපිළිවෙලක් තමයි අපි යෝජනා කරන්නේ. මුලික කාරණාත් සමග අවසාන කාරණය මැතිවරණ ක‍්‍රමය. ඒ ගැන අපි පැහැදිලි අදහස් ප‍්‍රකාශ කර තිබෙනවා. අපි කියන්නේ කොට්ඨාශ ක‍්‍රමය හා අනුපා ක‍්‍රමයේ සම්මිශ‍්‍රනයක් තිබිය යුතුයි. හැබැයි ජයග‍්‍රාහී පක්ෂයට ආණ්ඩු කරන්න පුළුවන් තත්වයක් ඇතිකළ යුතුයි.

මේ  අවසාන මොහොතේ පාර්ලිමේන්තු පනත් සම්මත කර ගන්න ගිහිල්ලා නොයෙක් දෙනාගේ    කේවල් කිරීම් ඉදිරියේ ඇති කර ගන්න මේ ඡුන්ද ක‍්‍රම වලින් අනාගතයේ බොහොම විෂම ප‍්‍රතිඵල එන්න පුළුවන්. අපිත් මේ ආණ්ඩු සහ සමාජය වෙනස් කර ගන්න  ඕනේ නිසා ඒවාට ඡුන්දය දුන්නට බොහො පැහැදිලිව කියනවා මේ පළාත් පාලන මැතිවරණයත් පවත්වලා ඒකෙන් පළාත් පාලන ආයතන පිහිටුවන්න පුලූවන්ද කියන එක පිළිබඳ අවබෝධයකට ඇවිල්ලා අවශ්‍ය වෙනස්කම් ඊට පස්සේ කරන්න සියළු දෙනාම එකතු විය යුතුයි. එමගින් ලබාගන්න පාඩම් වලින් තමයි පළාත් සභා මැතිවරණ කරන්න  ඕනේ. තවදුරටත් සංශෝධණය කළ යුතුයි කියා අපි හිතනවා. මේ තිබෙන ඡුන්ද ක‍්‍රමය යටතේ ප‍්‍රාදේශීය සභාවල කාටවත් පාලනයන් නම් සිදු කරන්න ලැබෙන්නේ නැහැ. කටවත් බලයක් ලැබන්නේ නැහැ. ඒ නිසා මේ සම්බන්ධයෙන් බොහොම බුද්ධිමත්ව ප‍්‍රායෝගිකව වැඩ කළ යුතුයි අහස් මාලිගා හදන්නේ නැතිව. ඒ ගැනත් අපේ අවධානය යොමු කරමින් අපේ ස්ථාවරය ඒකයි.

ඊ ළගට මේ ඇතැම් දේශපේ‍්‍රමී පිරිස් යැයි කියා ගන්න අය, එක්බද්ධ විපක්ෂයේ කියන අය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අය දැන් මේ ව්‍යවස්ථා සම්පාදක කි‍්‍රයාවලිය වැරදියි, මේකට බොම්බ ගහන්  ඕනේ, පාර්ලිමේන්තුව ගිනි තැබිය යුතුයි ආදී වශයෙන් ලොකු කතා කියනවා. මේ මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරණය ඉදිරිපත් වූ අවස්ථාවේ මහින්ද චින්තන ලොව දිනන මග කියලා එකක් ඉදිරිපත් කළා. මහින්ද ච්න්තනය ලොව දිනනවා. මොකද්ද මේ කියලා තිබෙන්නේ. එතුමා කියනවා, ශ‍්‍රී ලංකාවේ ජාතික ප‍්‍රශ්නය විසඳීම පිළිබඳව ඒකීය රටක් තුළ  සියළු ජාතීන්ගේ අයිතීන් තහවුරු කරන සාධාරණ දේශපාලන විසඳුමක් ලබාදීමේ අරමුණින් 13න් වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට නොඑන පළාත් සභා හා පලාත් පාලන ආයතන ශක්තිමත් කරන වැඩපිළිවෙලක් වෙත යොමුවී අපගේ අරමුණයි.’ ඒ සඳහා පළාත් සභා හා පාර්ලිමේන්තු නියෝජිතයින් ජාතික තලයේ දේශපාල පක්ෂ ඇතුළු සියළු පාර්ශවයන් සමග රජය පත්වී මාසයක් ඇතුළත සාකච්ඡුා ආරම්භ කරන අතර මාස 6 ක් ඇතුළත විසඳුමක් යෝජනා කිරීමට අපි සහතික වෙමු. ඊට අමතරව  ජනතා අපේක්‍ෂාවන් හඳුනාගෙන නව ව්‍යාවස්ථාව නිර්මාණය කිරීම සඳහා සියළුම දේශපාලන පකෂවලට අයත් මහජන නියෝජිතයන්ගෙන් සමන්විත සමස්ථ පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාධක මණ්ඩලයක් බවට පත් කරනවා. ඒකනෙ දැන් මේ කරලා තිබෙන්නේ. ඒකට විරුද්ධවන දැන එළියට ගිහින් බොම්බ ගහන්න කතා කරන්නේ. මේකට අත උස්සපු,  ඡුන්දෙ දන්න කියලා රටපුරා රැුස්වීම් තියපු අය තමයි දැන් බොම්බ ගහන්න කතා කරන්නේ. කවුද මුලින් ම කිව්වේ රනිල්ද නැහැ මහින්ද කියලා තිබෙන්නේ.

අලූත් ව්‍යවස්ථාවට පුරවැසි අදහස් හා යෝජනා ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය නොකරණ, දේශපාලන පක්ෂ, යොවුන් පාර්ලිමේන්තුවේ නියොජිතයින් ආණ්ඩුක‍්‍රම විශාරදයින්, විද්වතුන් හා වෘත්තීයවේදීන්ගෙන් සමන්විත පුරවැසි උපදේශක සභාවක් පත් කරමි. ඒක මේ ආණ්ඩුව පත් කළහම ඒක එන්ජී. ඕ. මහින්ද මත්මයා යෝජනා කළහම හරි. ඊ ළ`ගට ව්‍යවස්ථා කෙටුම්පත පවතින අවස්ථාවේ විධි විධානවලට අනුව සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමි. දෙවනුව මෙම කෙටම්පත ඔබගේ අනුමැතිය සඳහා ජනමත විචාරනයට ඉදිරිපත් කරමි. දැන් ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙනවයි කියලා තියෙන්නේ. මේක මේ ආණ්ඩුව ගේන කොට පාර්ලිමේන්තුවට ගිනි තියන්න  ඕනේ, බෝම්බ ගහන්න  ඕනේ. මහින්ද මහත්මයා කියන කොට හරි. මොකද්ද මේ වංචනික දේශපාලනය.

ඊ ළගට කියන්න  ඕනේ මහින්ද රාජපක්ෂ මහත්මයා 2005 සර්ව පාක්ෂික සමුළුවක් කැඳෙව්වා. ඊටපසසේ එහි නියෝජිතයන් එකතු වෙලා හැදුවා මේ දෙමළ ප‍්‍රශ්නය විසඳීම සඳහා කියලා කමිටුවක්. ඒ කමිටුවේ අපිත් හිටියා. ඒ කමිටුවේ අද ඔබ බෙරිහන් දෙන ඒකීය භාවය ගැන ගිරි යටින් කැගහන, බෞද්ධ භික්ෂූන් වහන්සේල ඉදිරියේ තියාගෙන පපුවට ගහ ගන්න අය ඔක්කොමත් හිටියා. මහින්ද මහත්මයා අවසානයේ සිදු කළේ මොකක්ද තිස්සවිතාරණ උන්නැහෙගේ මූලිකත්වයෙන් නිළධාරී කමිටුවක් පත් කරලා තිස්ස විතාරණ යෝජනා කියලා එකක් ගෙනාවා. ඒ යෝජනාවලින් මොකක්ද යොජනා කළේ රටේ  ඒකීය භාවය අයින් කරන්න පැහැදිලිව යොජනා කළා. රට අනාගමික රාජ්‍යයක් කරන්න පැහැදිලිව යෝජනා කළා. පළාත් සභා ක‍්‍රමය සම්පූර්ණයෙන්ම ශක්තිමත් කරන්න යෝජනා කළා. අද පපුවට වෙඩි තියා ගන්න කතා කරන දේශද්‍රෝහින්ට වෙඩි තියන්න කතා කරන අය බොම්බ ගහන්න කතා කරන කිසි කෙනෙකුට තිස්ස විතාරණගේ යෝජනා විවේචනය කරන්න කොන්ද තිබුනේ නැහැ. අපි විතරයි එයට විරුද්ධ උනේ.

ඊ  ළගට මහින්ද මහත්තයා පත් කළා සංහිඳියාව සඳහා සත්‍ය ගවේෂණ කොමිසම කියලා එකක් එල්.එල්. ආර්.සී. කියලා එකක් සී.ආර්.ඞී. සිල්වාගේ මූලිකත්වයෙන්. මොකද්ද ඒකේ කිව්වේ ඒකේ අවසාන නිගමනය ඒ සී.ආර්.ඩි. සිල්වාගේ කොමිසමේ ත‍්‍රස්තවාදය ඇති වුනේ කොහොමද කියලා හොයන්න. හැබැයි දේශපාලන විසඳුම දෙන්න  ඕනේ. පළාත් සභාවලට වැඩියෙන් බලය දෙන්න  ඕනේ. ඒකීය භාවය රටේ ප‍්‍රශ්නයක් කියලා ඒකේ කිව්වා. එතකොට ඒකට විරුද්ධව අද ඔය කතා කරන කවුරුවත් කතා කළාද. පාර්ලිමේන්තුවේ බෙරිහන් දෙන කවුරුවත් කතා කළාද? කතා කරලා තිබෙනවා නම් පෙන්වන්න හෙළ උරුමය ඇරෙන්න වෙන කවුරුවත් එක්ක කතා කළේ නැහැ. ඊ ළගට උතුරේ පළාත් සභාව පිහිටුවන්න  ඕනේ කියලා තීරණයකට ආවා. ඒකට අවේ 2009 දී මහින්ද මහත්මයා දයාන් ජයතිලකට කිව්වා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ යෝජනාවක් සම්මත කර ගන්න කියලා ලංකාවට පක්ෂව.  මොකද්ද ඒ යෝජනාවේ කිව්වේ ලංකාවේ පළාත් සභා ක‍්‍රමය ශක්තිමත් කරන්න  ඕනේ කියලා. යුධ අපරාද වෙනවා නම් හොයන්න  ඕනේ කියලා. යොජනාව සම්මත කර ගත්තා. කවුද අද ඒකා බද්ධවිපක්ෂයේ ප‍්‍රධාන න්‍යායචාර්යවරයෙක් වන දයාන් ජයතිලක මහත්මයා හරහා කළේ. ඒකට මහින්ද මහත්මයාගේ නියෝජිතයා. ඒකට කවුරුවත් විරුද්ධව කතා කළාද අපි විතරයි ඒකට විරුද්ධව කතා කළේ.

ඊ ළ`ගට උතුරේ පළාත් සභා මැතිවරණය තියන්න අපි කාගෙන්වත් අහන්නේ නැතිව බැසිල් මහත්තයා තීරණය කළා. තීරණය කරලා ඉන්දියාවට දැනුම් දුන්නා. 2013 අපේ්‍්‍රල් මාසේ. අපි විරුද්ධ උනා. විරුද්ධ වෙලා යෝජනා 5ක් ගෙනාවා මැතිවරණය පවත්වනවා නම් පළාත් සභා ක‍්‍රමය වෙනස් කරන්න  ඕනේ කියලා. මහින්ද මහත්මය මොකද කළේ කල් ගන්න පාර්ලිමේන්තුවේ කොමිටියක් පත් කළා. නිමල් සිරිපාල ඇමතිතුමාගේ මූලිකත්වයෙන්. ඒකට අපි අදහස් පළ කරන්න ගියහම වාසුදේව මහත්මයා දාලා හැමදාම බාධා කළා. ඒ වගේම මට මතකයි ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන්ගේ පන්සලට එන්න කියලා ඔය අද බෙරිහන් දෙන අයටයි අපි ඔක්කොටම එන්න කිව්ව වෙලාවේ මම කිව්වා මහින්ද මහත්මය කරන්නේ නැහැ අපි මේකෙන් අස්වෙනවා කියලා. හැමෝම පොරොන්දු උනා. හැබැයි අස් උනේ මම විතරයි.  ඕක තමයි අතීතය. මහින්ද මහත්මයා බෙදන්න යනකොට වචනයක්වත් නැහැ. අනෙක් අයට කතා කරනවා. මේක දේශපේ‍්‍රමය නෙමෙයි පක්ෂ පේ‍්‍රමය විතරයි.

ඒ වගේම මේ වර්තමානයේ බැසිල් මහත්මයා උතුරට ගිහිල්ල පක්ෂය හදන්න යනවා. පක්ෂෙ හදනකොට උතුරේ යුධ අපරාධ උනයි කියනවා දෙමළ ජනයාට බලය දෙන්න  ඕනෙයි කියනවා. හැබැයි රාජපක්ෂලාට විරුද්ධව කතා කරන්න කොන්ද නැහැ එකෙකුටවත්. අනෙක් අය කවුරු හරි කතා කළා නම් නිවේදන දාන්න රැුස්වීම් දාන්න, පෙලපාළි යන්න හුගාක් දෙනෙක් ඉදිරිපත් වෙනවා. ඒ නිසා මේ ඇත්ත දේශපේ‍්‍රමීන් කවුද? රාජපක්ෂවාදීන් කවුද කියන එක තේරුම් ගන්න  ඕනේ. ඊයේ පවත්වපු කතාවල අන්තිම වාක්‍ය ටික කියවන්න. ඒ හැම වාක්‍යකම කියවුනේ මොකද්ද බලය තව බෙදන්න  ඕනේ. අපි මේ සාකච්ඡුා කි‍්‍රයාදාමයේ ඉන්නවා. හැබැයි සාමාන්‍ය ජනයා ඉස්සරහා කියන්නේ මොකද්ද මේවා ඉරන්න  ඕනේ, ගිනි තියන්න  ඕනේ, පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න  ඕනේ, වගේ කතා. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියනවා මහා සම්මුතියෙන් මිසක කිසිම ව්‍යවස්ථාවක් සම්මත විය  යුතු නැහැ. ඒ ව්‍යවස්ථාවට සිංහල බහුතරයේ බහුතරයක් ලැබිය යුතුයි. දෙමළ සුළුතරයේ බහුතරයත් ලැබිය යුතුයි. හැම කෙනාගේම එක`ගතාවය එයට ලැබිය යුතුයි එහෙම නැති ව්‍යවස්ථාවක් මේ රටේ සම්මත වෙන්නෙත් නැහැ. සම්මත කළත් අර්බුදයට ලක්වෙන එක විතරයි වෙන්නේ. ඒ නිසා ඒකට අපි ඉඩ තබන්නේ නැහැ. මේ රට පෙඩරල් වීම වැලැක්වූවේ අපි මිසක් ඔය කතා කරන අය නෙමෙයි. ඇයි අපි එහෙම කරන්නේ මේ රට ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා. ඒ ස්ථාවරත්වය නැතිව අපට මේ රට ආර්ථික, සමාජීයීය, දේශපාලන අතින් ඉහළට ඔසවා තබන්න බැහැ යැයි පැවසීය.

මෙම මාධ්‍ය හමුවට ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභික පූජ්‍ය පස්සරමුල්ලේ දයාවංස හිමි, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා හා ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය ලේකම් කථිකාචාර්ය අනුරුද්ධ ප‍්‍රදීප් මහතා සහභාගි විය.

– ජාතික හෙළ උරුමය මාධ්‍ය ඒකකය

7,129 Viewers

2 Comments to “අපි විධායක ජනාධිපති ධුරය අහෝසි කලා.. දැන් ජනාධිපති විධායක නෑ..- චම්පික පංචවිධ ක‍්‍රියාවලියෙන් සාධනය කර පෙන්වයි…”

  1. Dinusha Fernando says:

    ඈ බොල පචයෝ, උඹ දෙපාරක් අගමැති කළ රනිල් වගේ රට බෙදන ව්‍යවස්ථාවක් මහින්ද හැදුවා ද? පරණ පත්තර බලලා මතක් කර ගනින්. උඹේ පච ගැන උඹටම ලැජ්ජා හිතේවි

  2. සිංහල බන්ඩා says:

    පච රණවකගෙ විලම්බීත පච දේසනා අහන බූරැවො ඉන්නෙ එජාපෙය්.

Main News