පොහොට්ටු කාර්යාලයේ මහ කලබල.. නාම යෝජනා ඉල්ලා විරෝධතා.. පොලිස් ආරක්‍ෂාව යොදන්න වෙයි..

December 12, 2017 at 1:20 pm | lanka C news
පොහොට්ටු කාර්යාලයේ මහ කලබල.. නාම යෝජනා ඉල්ලා විරෝධතා.. පොලිස් ආරක්‍ෂාව යොදන්න වෙයි..

බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ මූලස්ථානයේ මේ දිනවල දැඩි උණුසුම් තත්වයක් පවතින බව එහි ප‍්‍රකාශකයෙක් පැවසීය.

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සදහා අපේක්‍ෂකත්වයන් සම්බන්ධයෙන් මෙම අර්බුදකාරී තත්වය මතුව ඇති බවත සදහන්ය.

රට පුරා එක් පක්‍ෂයකට ලබා දිය හැකි නාම යොජනා මෙන් සිවු ගුණයක් පමණ පොහොට්ටුවෙන් තරග වැදීමට අපේක්‍ෂකත්වයන් බලාපොරොත්තු වෙමීන් සිටින බවත් ඔහු සදහන් කලේය.

මේ තත්වය වලකා දීම සදහා නාම යෝජනා සම්මුක පරීක්‍ෂණ දිස්ත‍්‍රික් මට්ටමට යොමු කර ඇතත් ඉන් සුදුසුකම් නොලැබූ පිරිස් විසින් නෙලූම් මාවත මූලස්ථානයට පැමිණ මෙසේ සිය කණගාටුව පල කරන බවද වාර්තා වෙයි.

මේ තත්වය මත ඉදිරියේදී පක්‍ෂ කාර්යාලයට පොලිස් ආරක්‍ෂාය යෙදමීයට සිදුවනු ඇති බවද ප‍්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කලේය.

38,191 Viewers

11 Comments to “පොහොට්ටු කාර්යාලයේ මහ කලබල.. නාම යෝජනා ඉල්ලා විරෝධතා.. පොලිස් ආරක්‍ෂාව යොදන්න වෙයි..”

  1. අනුර කුමාර says:

    ඔවි ඔහොමවත් කියාපල්ල.ඒකාබද්දෙ කටිටියක් මෛත්‍රීපාලට සෙටි වෙනවා.අතීසාරෙට අමුඩ ගැහුව වගේ නවත්තන්න බැහැ.මම දැනුත් බත්තරමුල්ලේ පොටහාටිටු කාර්යාලය ලගින් ආවෙ. කසිප්පු ගහපු 25-30 ක් නමි හිටිය.

    • MENDIS says:

      I saw Vijitha Herath also there.

    • SWoRD says:

      බොරුවෙන්ම උපන් UNP ගොබ්බයෝ .

    • Amda says:

      ඒක ලඟින් යනව කියන්නෙ මොකද මහපාරක තියෙන එකක්ද….ඒක තියෙන්නෙ පුද්ගලික නිවෙස් වලට යන පාරක.

  2. Saman says:

    ඕකේ අපේක්ශකත්වය ගන්නේ කම්බ හොරු නිසා පොලිසිය දැම්මොත් අලි බබා සහ හොරු හතලියම අල්ලා ගත හැකි.

  3. බන්ඩා says:

    හැමෝටම අපේක්ෂත්වය දෙන්න බැරි බව මේ මිනිස්සුන්ට තෙරෙන්න නැද්ද

    • Devaka Jayasuriya says:

      තේරෙන්නෙ කොහෙද බන් වැස්සකටවත් ඉස්කෝලෙ නොගිය එවුන්ට.

  4. NIMAL MADAWALA says:

    monavata pora kanavada

  5. Hemasiri abeywardana says:

    රාජපක්ස හැත්ත බුරැත්තම රටම කැ එකේ මහ බැංකුව කැම අලගු තියන්නවත් මදි

Main News