ඇස්බැස්ටස් තහනම ඉවත් කිරීමෙන් පෙනහලූ පිළිකා අවදානම ඉහලට..

December 25, 2017 at 3:50 pm | lanka C news
ඇස්බැස්ටස් තහනම ඉවත් කිරීමෙන් පෙනහලූ පිළිකා අවදානම ඉහලට..

ඇස්බැස්ටෝස් භාවිතය හේතුවෙන් රට තුල පෙනහලු පිලිකා වැඩිවීමේ අවදානමක් ඇතිව තිබෙන බව රජරට විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඇස්බැස්ටෝස්වලින් මුදා හැරෙන ශුද‍්‍ර තන්තු හේතුවෙන් පෙනහළු පිළිකා ෙසෙල වර්ධනය වන බවද ඔහු සදහන් කරයි.

මේ බව විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරැු වී ඇති බවද ඔහු පෙන්වා දෙයි.

2018 වසරේ සිට අස්බැස්ටෝස් තහනම් කිරීමට ගෙන තිබූ තීරණය අත්හිටුවීම ගැන අදහස් පල කරමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.

මේ අතර ඇස්බැස්ටස් තහනම ඉවත් කිරීම ගැන යලි සලකා බලන ලෙස පරිසර යුක්ති කේන්ද්‍රයද රජයෙන් ඉල්ලා සිටී.

3,967 Viewers

5 Comments to “ඇස්බැස්ටස් තහනම ඉවත් කිරීමෙන් පෙනහලූ පිළිකා අවදානම ඉහලට..”

  1. love nature says:

    ඇස්බැස්ටස් තහනමට හේතුවී ඇත්තේ 1900 මුල් භාගයේදී ඇස්බැස්ටස් පතල්වල සේවය කළ කම්කරුවන් බහුතරයක් පෙනහළු හා සම්බන්ධ රෝගවලින් මියාමය.

    ඇස්බැස්ටස්වල අඩංගු සමහර රසායන ද්‍රව්‍ය ආහ්වාසයෙන් පසු දිගු
    කාලයක් පෙනහළුවල තැන්පත්වීම නිසා ඒවා පිළිකාබවට පත්වන බවද වෛද්‍යමතය වී තිබේ.

  2. Saradiel says:

    ඇස්බැස්ටස් රටවල් 55ක තහනම්

  3. love nature says:

    ඇස්බැස්ටෝස් ආශ්‍රිතව කැපීම්, ඉදිකිරීම් ආදිය සිදු කරන්නේ නම්, ඒ පුද්ගලයාට සහ ඒ අවට සිටින්නවුන්ට මේ ඇස්බැස්ටෝස් ක්‍ෂුද්‍ර කෙඳි ආඝ්‍රාණය වීමේ හැකියාව ඉහළයි. විශේෂයෙන්ම මේ කෙඳි පියවි ඇසට නොපෙනෙන නිසා සහ වායුගෝලයේ ඉතා විශාල පරාසයක පැතිර යා හැකි නිසා මේ අවදානම අධිකයි. මෙන්න මේ නිසා බොහෝ රටවල් දැන් ඇස්බැස්ටෝස් තහනමකට ලක් කර තිබෙනවා. එසේම ඇස්බැස්ටෝස් ආශ්‍රිත ද්‍රව්‍ය වලින් තැනූ ගොඩනැගිලි පවා වසා දමා තිබෙනවා. ජර්මනියේ ලුඩ්විග්ෂ්හාෆන් නගරයේ වූ BASF ආයතනයේ සුවිසල් ගොඩනැඟිල්ල දැලකින් වසා දමා ඇත්තේ එහි ඇති ඇස්බැස්ටෝස් ප්‍රමාණය අධික වීම නිසා. එය කඩා බිඳ දැමුවහොත් මුළු නගරයම ඇස්බැස්ටෝස් දුමාරයෙන් දූෂිත වන නිසා ඉතා කුඩා සිදුරු ඇති දැලකින් එම ගොඩනැගිල්ල වසා දමා තිබෙනවා.

    රටවල් බොහොමයක් ඇස්බැස්ටෝස් තහනම් කළත් 2009 වසරේ දත්තයන්ට අනුව ලෝකයේ ඇස්බැස්ටෝස් නිශ්පාදනයෙන් 9% ක් සිදු කර ඇත්තේ කැනඩාවයි. නමුත් 2011 වනවිට කැනඩාව සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය නවතා දැමුවා. 2015 වනවිට ලොව පුරා ඇස්බැස්ටෝස් ටොන් මිලියන දෙකක නිෂ්පාදනයක් සිදු වූයේ 55% ක්ම රුසියාවෙන්,

  4. SWoRD says:

    ඇස්බෙස්ටස් යනු වහලට දාන ශීට් නොවේ. ඇස්බෙස්ටස් කෙඳි යොදාගෙන හදන බොහෝ දේ තිබේ. තාප පරිවරක​, බ්‍රේක්ලයිනර් ආදී දේවල් වලින් තමයි නිරතුරු වාතයට මේවා නිකුත් වෙන්නේ. වහලට දාන ශිට් වලින් ඔය කියන තරම් හනියක් නෑ. අපේ ගෙවල් වල වසර 60-70 තිස්සේ ඒව තමයි තියෙන්නෙ.
    ශීට් හදන තැන්වල කපන කොටන තැන් වල දිගු කලක් සේවය කරන අය ආරක්‍ෂා නොවුනොත් මේවාට ගොදුරු විය හැකියි.

  5. විජේවීර says:

    මේක මහා කුහක කතාවක්. ආසනික් කතාව නිසා තමයි මිනිස්සුන්ගේ ඇස් ඇරුනේ. එකෙන් මිනිස්සුන්ට කොච්චර ප්‍රයෝජනයක් උනාද? ඇස්බැස්ටෝස් කතාවේ වරදක් තියෙනවද? ඇයි රතන හාමුදුරුවන්ව නොමග යවන්න එයා තොත්ත බබෙක්ද? මේ කතා පිටිපස්සේ ඉන්නේ ග්ලිපොසෙට් තහනම නිසා කෙලවුණු වෙළෙන්දෝ ටික.

Main News