16 කණ්ඩායමත් සමග දකුණු සභාවත් කැළඹෙයි.. බල පෙරලියක්..

April 23, 2018 at 3:27 am | lanka C news
16 කණ්ඩායමත් සමග දකුණු සභාවත් කැළඹෙයි.. බල පෙරලියක්..

ඊයේ පෙරේදා විපක්ෂයට ආපු ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දහසයදෙනා ආදර්ශයට ගෙන දකුණු පළාත් සභාවේ ඇමතිවරු සෙට් එකත් මහින්ද රාජපක්ෂ මහත්තයගේ කරේ එල්ලිලා මීලග පාරත් පළාත් සභා ජන්දෙන් ගොඩ යන්න සූදානම් වෙනවා. අපි ඒවට මෙදා සැරේ ඉඩ තියන්නෙ නැහැ. ඒ අය ඇමතිකම් දරන අන්තිම සිංහල අවුරුද්දත් පසු වුණා යැයි දකුණු පළාත් සභා මන්ත්‍රී චන්න ශ්‍රී සාලිය මැන්දිස් මහතා කොස්ගොඩදී ප්‍රකාශ කළේය.

කොස්ගොඩ පිහිටි ඒ මහතාගේ නිවසේදී පැවති මාධ්‍ය හමුවකදී චන්න මෙන්ඩිස් මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ චන්න ශ්‍රී සාලිය මෙන්ඩිස් මහතා මෙසේද කීය.

මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරණයෙන් පරාජය වුණාට පස්සේ දකුණු පළාත් සභාවේ ප්‍රධාන ඇමතිවරයා ඇතුඵ ඇමති සෙට් එකම මහින්ද මහත්තයට නොයෙකුත් අපහාස උපහාස කළා. ඒ අය කොහේ ගියත් මහින්ද මහත්තයටයි බැන්නේ. ඔවුන් හිතුවෙ නැහැ, මහින්ද මහත්තයට රටේ ජනතාව මේ තරම් ආදරෙයි කියල. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඒ බව දැක්කමයි, ඊලග පාර දිනන්නේ කොහොමද කියල මතක් වුණේ.

ආණ්ඩුවේ ඇමතිකම් අරගෙන කටු සූප්පු කරන විට හිතුවේ ජනතාව ඒව අනුමත කරාවි කියල. මහ ඇමතිවරයයි, ගාල්ලේ එක ඇමතිවරයෙකුයි මහින්ද මහත්තයට හරියට බැන්නා. මේ අය මහින්ද මහත්තයා ගාවට ආයේ කිට්ටු වෙන්නේ කිසිම ලැජ්ජාවක් නැතුවයි. ගියවර පළාත් පාලන මැතිවරණයේදී සියල්ලම පහර පිට පහර ගැව්වෙ මහින්ද මහත්තයටයි. එජාපයත් මහින්ද මහත්තයට බණිනවා. ජවිපෙයි දෙමල සන්ධානයයි බණින්නෙත් මහින්ද මහත්තයට. මුස්ලිම් අයත් මහින්ද මහත්තයට බණිනවා. 1951 ඉදන් ශ්‍රිලනිපයේ ප්‍රධාන විරුද්ධවාදියා වුණේ එජාපයයි. නමුත් 2015 සිට ශ්‍රිලනිපයේ ප්‍රධාන විරුද්ධවාදියා මහින්ද මහත්තයයි. මහින්ද මහත්තයා මේ රට බේරාදුන්න නිසා රටේ ජනතාව ආදරය කරන බව තේරුම් ගන්න තරම් මොළයක් පාලකයින්ට තිබුණෙ නැහැ.

මේ ආණ්ඩුව ගතවූ අවුරුදු තුන හමාරක කාලය තුළදී කරපු සේවයක් නැහැ. දැන් ප්‍රාදේශීය සභාවලටත් සල්ලි දෙන්නෙ නැහැ කියනවා. මේ පාලකයින් තුළ රටට වැඩ කරන්න වුවමනාවක් නැහැ. ඔවුන් ක්‍රෝරෝධයෙන් වෛරයෙන් පලිගන්නයි තවමත් කටයුතු කරමින් ඉන්නේ. අපේ මන්ත්‍රීවරුන් හිරේ දැමීම තවමත් නතර කරල නැහැ. රට බේරා ගත් රණවිරුවන්ට සලකන අන්දමනම් බොහොම කනගාටුදායකයි. ඊළග මැතිවරණයේදී ජනතාව මේ වට නිසි පිළිතුර ලබාදෙන බව නම් විශ්වාසයි. ඡන්දය කිට්ටු වුණාම කොයි පැත්තට පැනල තරග කලත් අවස්ථාවාදියා තෝරාගෙන මනාපය ලකුණු කරන්න ජනතාව දන්නා බවද ඒ මහතා සදහන් කළේය.

– ජයකාන්ත ලියනගේ

21,505 Viewers

3 Comments to “16 කණ්ඩායමත් සමග දකුණු සභාවත් කැළඹෙයි.. බල පෙරලියක්..”

  1. Janathawa says:

    Well said. You seem to have understood the wishes of the patriotic people in this Country.Those oppotunistic politicians,who put their personal gains than the Country first are fully exposed now.

  2. Suba Anagathayak says:

    Right thing said at the right time! We salute you sir!! Why others in the Joint Opposition do not say this openly?

  3. Suba Anagathayak says:

    ඉතාම නිවැරදි ස්ථාවරය එළිපිටම ප්‍රකාශ කළාට ප්‍රණාමය !! එකාබද්ධයේ හැම කෙනාම මෙහෙම කෙලින් කතා කරනවානම් කොච්චර හොඳද?

Main News