‘16 කණ්ඩායම’ බුදු වුනත් මට කමක් නෑ..- විමල්

June 8, 2018 at 10:52 pm | lanka C news
‘16 කණ්ඩායම’ බුදු වුනත් මට කමක් නෑ..- විමල්

ආණ්ඩුව සතු 2/3 බලය අහෝසි කිරීමේ ප‍්‍රධානතම අවිය ශ‍්‍රීලනිප 16 කණ්ඩායම බවත් එම 16 දෙනා හරියට වැලදගත්තොත් ඉතිරි තවත් 5-6ක් ගලවා ගත හැකි වනු ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ශ‍්‍රීලනිප 16 කණ්ඩායමට ගහන්න ගහන්න සිදුවන්නේ ආණ්ඩුවට 2/3 අහිමි කිරීම සදහා උවමනා කරන මන්ත‍්‍රී ආසන ප‍්‍රමාණය අහිමි කර ගැනීම යයිද ඔහු පෙන්වා දෙයි.

එපමණක් නොව පාර්ලිමේන්තුව තුල බහුතරයද පෙන්වා මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත් කර ජනාධිපතිවරණයක් කැදවා රටට මේ ඇතිව තිබෙන අස්ථාවරත්වය නැති කිරීමට කටයුතු කල යුතු යයිද ඒ මහතා පෙන්වා දෙයි.

රටට ඒ සුගතිය ඇති කර 16 කණ්ඩායම බුදු වුනත් තමනට ප‍්‍රශ්ණයක් නැති බවද ඔහු කියා සිටියේ කොළඹදී පැවති ‘රටට හතුරු 20 එපා’ විරෝධතා සමුළු මාලාවේ ආරම්භක සමුළුව අමතමිනි.

20,154 Viewers

18 Comments to “‘16 කණ්ඩායම’ බුදු වුනත් මට කමක් නෑ..- විමල්”

  1. SWoRD says:

    Great attitude !

    • Nalaka says:

      කිසිම ව්‍යවස්ථාවක් සදාකාලික නෑ…47,72,78…ව්‍යවස්තා වෙනස් වුණා….ද්‍රෝහීන්‍ එවන්නේ සුද්දන්ට අවශ්‍ය විදිහට රට නටවන ව්‍යවස්තා හදවන්නයි.විමල්ට සහ පවුලේ අයට සහ ඔහුගේ සමීපතමයන්ට නඩු පවරමින් කලු සුද්දන් කරන්නේ ඒ 16 හොර කල්ලියට විමල් ලවා සුජාත බව ලබා දීමට කටයුතු කරවීමයි. හොරා සහ ද්‍රෝහියා රට ආරක්ෂා කරන්නේ තවත් හොරකම් කිරීමට සහ රටට ද්‍රෝහීවීමට බව කාටත් තේරේ…

  2. Asoka Liyanage says:

    Mr. Wimal Weerawansha. You are a Great Son. We have to think only about our country at this moment. If not these Vultures ( Sira and Ranil Clan ) will sell the country to the world.

  3. චේතියසේන says:

    ඒ උනාට තීරනාත්මක මොහොතෙ මුං මොනව කරයිද කවුද දන්නෙ?
    වැඩි විස්වාස එපා!
    ප්ලෑන් බී , C , D එකකුත් තබාගැනීම හොඳයි!

  4. සින්දු says:

    අන්න එහෙමයි රටට ආදරේ මිනිස්සු වැඩකරන්නේ .විමල් මහතාණෙනි අපි ඔබ සමගයි

  5. indunil says:

    heta gana dakeema……

  6. PULATHISI says:

    රට රකින ජනපවුර සියලු ආකාරයෙන්ම සාර්ථක වන බවත්, 20 පරදා පාර්ලිමේන්තු මැතිවරණයක් හරහා සුභ අනාගතයක් උදාකිරීමට ජාතික නායක මහින්ද රාජපක්‍ෂ දැයේ විරුවාණන් ප්‍රමුඛ ඔබ සැමට ශක්තිය හා වාසනාව ලැබේවා. ගමන සුභයි ජය නියතයි.

  7. Champa Kumari says:

    me udara adahasatath backet karayo innawa, e basil ,paranna. unta one mahinda namayen un balaya allanna

  8. Manel says:

    Well said Wimal. Forget abouttheir pass deeds. We never condone them but at this hour we have to save the country.

  9. Nandasoma Suriyaarachchi says:

    16 දෙනා වැළද ගැනීමට පෙර ඔවුන් ගේ අරමුණු සහ ප්‍රතිපත්ති පිළිබඳව දැඩි විමසිල්ලක් සිදු කළ යුතුය යන්න මාගේ හැඟීමයි….

    ඔවුන් 2020 දී මෛත්‍රීපාලව ජනාධිපති කිරීමේ අරමුණින් සිටින්නේ නම් ඔවුන් ලං කර ගැනීමට හැකිද?

    එය ජනතා අපේක්ෂාවලට පටහැනිය….. එසේ වුවහොත් ජනතා සහයෝගය විපක්ෂයට නැති වනු ඇත….
    එබැවින්, 2/3 අහිමි කිරීමේ අරමුණින් කවුරුන් හෝ එක් විය යුතු නම්, යූ ඇන් පී මන්ත්‍රීවරුන් හෝ රනිල් ජනපති කිරීමේ අරමුණ තබාගෙන පැමිණිය හොත් ඔවුන්වද වැළඳ ගැනීමට සූදානම් විය යුතුද?

    2/3 නැති කිරීම පමණක් අරමුණු කොට ගෙන ඕනෑම කෙනෙකු වැළඳ ගැනීමට යාමෙන් පක්ෂයේ විනාශය ලංවීම සිදු විය හැකිය…..විශේෂයෙන්ම, ජනතාවගේ විශ්වාසය පලුදු වනු ඇත….

    එබැවින්, කවුරුන් හෝ ලං කර ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුය…..නැතහොත් ඔවුන්ද සමග පක්ෂයද දියවී යාමේ ඉඩක් ඇත….

    2/3 නැති කිරීමට අවශ්‍ය විටෙක ඒ සඳහා ක්‍රියාත්මක විය හැකිය… දේශද්‍රෝහී, ජනතා විරෝධී අණපනත් වලදී ඒවාට විරුද්ධ වීමට පක්ෂ භේදයෙන් තොරව ක්‍රියාත්මක වීම ජනතා නියෝජිතයන්ගේ වගකීමකි…. එය ගැටලු සහගත නම්, 2/ 3 අහිමි කිරීම පමණක් සුවිශේෂී නම්, පක්ෂය ගැන හෝ වෙනත් අරමුණු නොසලකා ඒ සඳහා ක්‍රියාකිරීමට හැකිය… එවන් අවස්ථාද ඇති විය හැකිය….

    ඒ සඳහා අවස්ථානුකූලව ක්‍රියාත්මක වීම මිස, ප්‍රසිද්ධියේ මෙවන් ප්‍රකාශ කිරීම ප්‍රඥාගෝචර නොවිය හැකිය…..?
    ඔවුන් ලංකර ගැනීම අවස්ථානුකූලව සිදු විය යුතු අතර පසුව ඔවුන් පිළිබඳව ජනතාව විසින් නිසි වෙලාවට නිසි පියවර ගනු ඇත….

  10. LION voice says:

    Deshapremi janathawa always with you Hon: Wimal Weerawansa jayama wewaaaaaa!!

  11. Open mind says:

    ස්තුතියි…..බුදු බව ලැබීමට කෙටි මගක්….?

  12. Pixa says:

    Very correct
    Way forward

  13. Kamal says:

    දෙව්දත් 16 දෙනා අපායෙන් ගොඩ ගැනීම විමල්ගේ උත්සාහයට ජය. නමුත් උන් 16 දෙනා නිවන් දකීවිද?

  14. polonnaruve wije says:

    16 ද්‍රොහීන් රජකරවන්න හැදුවට අර්ජුන් මහේන්ද්‍රන්වයි, අර්ජුන් ඇලෝසියස් වයි මහණකර ගන්නවත් එපා ලොක්කා…

  15. sithmal says:

    පිස්සෙක්.. ආණ්ඩුවට 3න් දෙකක් තියෙනවලු. රට අස්තාවරලු.

  16. Palitha says:

    පිස්සෙක්…..!!!

  17. Palitha says:

    අංක එකේ ජනාධිපති සමග ඩබල්දාල කරත්තෙ අදින්න පුලුවං පිස්සෙක් …..!!!

Main News