16 කණ්ඩායම ශ‍්‍රිලනිප අයිතිය ඉල්ලයි.. මධ්‍යම කාරක සභාවේදී බලය පෙන්වන්න සූදානම්..

April 23, 2018 at 9:20 am | lanka C news
16 කණ්ඩායම ශ‍්‍රිලනිප අයිතිය ඉල්ලයි.. මධ්‍යම කාරක සභාවේදී බලය පෙන්වන්න සූදානම්..

ආණ්ඩුවේ දරන ලද ධුරයන්ගෙන් ඉල්ලා අස්වූ ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීන් 16 දෙනා විසින් පක්‍ෂයේ අයිතිය තම කණ්ඩායමට ලබා දෙන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

තිලංග සුමතිපාල මහතාගෙන් නිවසේ ගිය බදාදා පැවති හමුවකිදී ඔවුන් විසින් මෙම තීරණය ගෙන ඇත්තේ බි‍්‍රතාන්‍යයේ සිටි ජනාධිපතිවරයාද සමග මූලික අදහස් හුවමාරුවකින් පසුවයි.

සාකච්චාවෙන් පසුව ජනාධිපතිවරයා මුණ ගැසීම සදහා චන්දිම වීරක්කොඩි, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන අය වහාම ලන්ඩනය බලා පිටත්ව ගියහ.

තම කණ්ඩායම ගන්නා ලද තීන්දුව ගැන එහිදී ඔවුන් ජනාධිපතිවරයා දීර්ඝ ලෙස දැනුවත් කර ඇත.

ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාව හැකි ඉක්මනින් කැදවිය යුතු බවත් ශ‍්‍රීලනිප ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවත් ඔවුන් විසින් ජනාධිපතිවරයාට යෝජනා කර ඇත.

දුමින්ද දිසානායක සහ මහින්ද අමරවීර ඇමතිවරුන් වහාම ශ‍්‍රිලනිප හා සන්ධාන මහ ලේකම් තනතුරුවලින් ඉවත් කල යුතු යයිද එම පිරිස විසින් ජනාධිපතිවරයාට තව දුරටත් දන්වා ඇත.

16,146 Viewers

5 Comments to “16 කණ්ඩායම ශ‍්‍රිලනිප අයිතිය ඉල්ලයි.. මධ්‍යම කාරක සභාවේදී බලය පෙන්වන්න සූදානම්..”

  1. ගම් වැසියෝ says:

    මේකත් සිරිසේන විසින් අධ්‍යක්ෂණය කල ජවනීකාවේ තවත් කොටසක්, මේ සියල්ලම මහින්ද සහ බැසිල් මහත්වරු දුර්වල කරන්න ගෙන එන උපායමාර්ග, ඒත් මෙරටේ පොදු ජනතාව එතන නැහ.

  2. සීගිරි says:

    රෝමය ගිනි ගනිද්දී නීරෝලා එක්කෙනයි හිටියේ වීණා වයන්න….
    ලංකාව ගිනි ගනිද්දී නීරෝලා 225 plus ඉන්නවා !!!!!!

    • Helaya says:

      Our salute for understanding the NATION ‘s wish at least at the last moment. Though you all have had taken a wrong decision against the wishes of the patriotic people in this Country to support this government ,which was doing things which threaten the National Security,Sovereignty in addition to Great Central Bank Robbery, your contribution to the Nation prior to joining current
      government must be appreciated. All the patriotic people must rally round under one banner.

  3. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Mahindage pohottuwata mutti a
    llapan

  4. BARCARDI says:

    After the Febraury 10 SLFP has become a dummy political party . They are just dummies inside this government. What one can achieve by voting SLFP?

Main News