16 කණ්ඩායම සමග තවත් ශ‍්‍රීලනිප තොගයක් එක්වේ.. විපක්‍ෂයේ අසුන් ගන්නා පිරිස ඉහලට…

April 17, 2018 at 10:00 am | lanka C news
16 කණ්ඩායම සමග තවත් ශ‍්‍රීලනිප තොගයක් එක්වේ.. විපක්‍ෂයේ අසුන් ගන්නා පිරිස ඉහලට…

ජාතික ආණ්ඩුවේ ඇමැති ධුර අතහරින ලද 16 දෙනා මීලග පාර්ලිමේන්තු සැසියේදී විපක්‍ෂයට එක්වීමත් සමග දැනට ඇමති ධුර දරන තවත් ශ්‍රීලනිප පිරිසක් විපක්‍ෂයට එක්ව බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් යාපා අබේවර්ධන පවසයි.

මැයි 08 වැනිදා පාර්ලිමේන්තුවේ මීලග සැසිය ඇරඹෙන දිනයේදීම තමන් ඇතුළු 16 දෙනාමත් විපක්‍ෂයේ අසුන් ගන්නා බව ඔහු සදහන් කරයි.

විශ්වාසභංග යෝජනවේදී ඡන්දය නොදුන් ශ‍්‍රීලනිප මැති ඇමැති පිරිසක්‌ද තම කණ්ඩායම හා එක්‌වන බැවින් විපක්‍ෂයේ හිඳගන්නා පිරිස වැඩි පිරිසක් වනු ඇතැයිද ඔහු කියයි.

ජනාධිපතිවරයා හෙරට පැමිණි පසු ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්‌වන බවත් ආණ්‌ඩුවෙන් ඉවත් වීමට එහිදී අනුමැතිය ලැබෙනු ඇති බවත් ඔහු වැඩි දුරටත් කීවේය.

21,239 Viewers

7 Comments to “16 කණ්ඩායම සමග තවත් ශ‍්‍රීලනිප තොගයක් එක්වේ.. විපක්‍ෂයේ අසුන් ගන්නා පිරිස ඉහලට…”

  1. Sanjay g says:

    hope enough seats 😳

  2. Nim says:

    POHOTTUWA PRAVESAM WANNA
    APE DESAPALANA HELTH EKA
    RAKAGANNA API BALA GANNA
    ONA
    OYA ANA KATU LEWA KAPU
    VUN TA RAVATENNA APO….APO…APO..

  3. polonnaruve wije says:

    වෙලාව එනකන් බලාඉදල ඇන්න නේද බොක්කටම. හිතා ඉන්නෙ ජනතාව ඇන්දෙයි කියල…බලා හිටු පිං නාම්බො.

    • Samuvel says:

      මූ අවසාන මොහොත දක්වා හොර තක්කඩි රවී ආරක්ශා කලා.

  4. Upali says:

    මේ දුර්ජන ද්‍රෝහියන්ට තමන්ගේ පැවෙත්ම සඳහ හෝ අන්සබාගෙ හැදී වැටෙන්න යන එස් එල් එෆ් එකට යලි ඔක්සිජන් දෙන්න හෝ කවුරු හෝ රට කන එජාපෙන් හරි රටේ සතුරු කවුරුන්ගෙන් හෝ උපදෙස් ලැබී ඇත. පොහොට්ටුව පරිස්සම් වෙන්න

  5. Aurora says:

    විපක්ෂයේ නොව කොහේ අසුන් ගත්තත් බොරුකාර පාවාදෙන්නා ඔබගේ නායකයා ලෙස පිලිගන්නේනම් 16 දෙනාට පමණක් නොවේ එන්න ඉන්න අයටත් අබ සරණයි. මතක තියාගන්න මේ රටේ දේශ ප්‍රේමී මිනිස්සු බොරුකාර පාවාදෙන්නා ඔබගේ නායකයා නම් ඔබටත් ඔහුට දක්වන පිළිකුල් සහගත ප්‍රතිචාරය දක්වන්න පසුබට නොවන බව. මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වත් මේ රටේ දේශ ප්‍රේමී මිනිස්සු බොරුකාර පාවාදෙන්නා නැවත පිළිගන්නේ නැත.

  6. Siritunga says:

    දැන් ඒ ගොල්ලො තමයි වීරයො…

Main News