16 දෙනා ගියත් අපි ආණ්ඩුවෙන් යන්නේ නෑ.. – අමරවීර

April 10, 2018 at 10:34 pm | lanka C news
16 දෙනා ගියත් අපි ආණ්ඩුවෙන් යන්නේ නෑ.. – අමරවීර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරුන් මේ සතියේ කැබිනට් රැස්වීමට සහභාගි නොවීමට තීන්දු කළත් ඉදිරි කැබිනට් රැස්වීම්වලට සහභාගි වීම හෝ නොවීම සාකච්ඡා මගින් තීන්දු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් ධීවර සහ ජලජ සම්පත් භාර ඇමති මහින්ද අමරවීර පවසයි.

බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට සහභාගී වූ ඇමතිවරයා තමන් “මෙම අඟහරුවාදා (අප්‍රියෙල් 10) කැබිනට් රැස්වීමට සහභාගී නොවී සිටීමට තීන්දු කරන ලද්දේ කණ්ඩායමක් වශයෙන් කටයුතු කළ යුතුව ඇති හෙයින්,”යයි සඳහන් කළේය.

“අපි අවසාන නිගමනයකට ආවා – මේ සතියේ කැබිනට් සාකච්ඡාවට කිසිවකු සම්බන්ධ නොවීමට. ඒ අතරවාරයේ තවදුරටත් සාකච්ඡා කරල තමයි, ඉදිරි කැබිනට් රැස්වීම්වලට සහභාගී වීම හෝ නොවීම තීරණය කරන්නේ,” එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් මහින්ද අමරවීර ඇමතිවරයා පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් ඔවුන් දරන පදවිවලින් ඉවත්ව විපක්ෂයේ අසුන් ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහින්ද අමරවීර ඇමතිවරයා, රැඳී සිටීම හෝ ඉවත්ව යාම ඔවුන් සතු අයිතියක් බව කියා සිටියේය.

එහෙත් එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් කොටස් “විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් සමග ඉඳ ගැනීමට නොහැකි” බවට කරන ප්‍රකාශන සමඟ එකඟ විය නොහැක යන්න මහින්ද අමරවීර ඇමතිවරයාගේ ස්ථාවරය වී තිබේ.

“ඡන්දය දුන් කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වුනොත් ඒක වෙනම ප්‍රශ්නයක්. ඒක අපට ගැටළුවක් නොවෙයි. ඒක ඒ අයගේ අයිතියක්. අවශ්‍ය නම් මට වුනත් ඉවත්වීමේ හැකියාව තියෙනවා. නමුත් ඔවුන් ‘යවන්න’ ගෙනෙන යෝජනා සහ වැඩ පිළිවෙළකට අපේ සහයෝගයක් නැහැ,” ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

මේ සතියේ කැබිනට් රැස්වීමට සහභාගී නොවීමට සියලුදෙනා තීන්දු කරන ලද්දේ එම පසුබිම තුළ බවත් ඇමතිවරයා පවසයි.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේ දී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි කණ්ඩායමට එහිදී ඡන්දය දුන් දහසය දෙනා මුහුණ දී ඇති ගැටළු බලපාන්නේ නැද්දැයි බීබීසිය ප්‍රශ්නයක් යොමුකළ විට ඊට පිළිතුරු දුන් මහින්ද අමරවීර ඇමතිවරයා “එවැනි ප්‍රශ්නයක් නැතැයි” සඳහන් කළේය.

“නැහැ! අපට කිසිම ප්‍රශ්නයක් ඇති කරලා නැහැ. අපට එන්න කියල තමයි ආරාධනා කරන්නේ. නමුත් අපි උත්සාහ කරන්නේ අපේ අනිත් කණ්ඩායමත් එළියට යවන්න නොවෙයි. අපේ එක ණ්ඩායමත් ආණ්ඩුව ඇතුළේ තියා ගන්නයි අපි උත්සාහ කරන්නේ. තනතුරු නොගත්තත් අපේ කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තියා ගන්නයි, අපේ වෑයම. අපි අද (10) කැබිනට් රැස්වීමට නොගියෙත් ඒ තත්වය ඇතිකර ගන්නයි.”

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් ආණ්ඩුව තුළ රැඳී සිටීම හෝ නොසිටීම ඔවුන් විසින්ම තීන්දු කළ යුතු අතර ඒ පිළිබඳ තීන්දුවක් ගත යුත්තේ එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් නොවන බව මහින්ද අමරවීර ඇමතිවරයාගේ අදහස වෙයි.

කෙසේවුවද, විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත්ව ගියත් ඡන්දය නොදුන් කණ්ඩායම දිගටම ආණ්ඩුව තුළ රැඳී සිටින බව ඇමතිවරයා කියා සිටියේය.

ආණ්ඩුව තුළ නියෝජනය වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් හතළිස් එක් දෙනාම දිගටම එක කණ්ඩායමක් ලෙස තබා ගැනීම තම කණ්ඩායමේ උවමනාව බවත් ඇමතිවරයා පවසයි.

දහනව වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව අගමැතිවරයකු පදවියෙන් ඉවත් කරනු ලැබීම සඳහා ඇති වැඩ පිළිවෙල අපැහැදිලි බවත් මහින්ද අමරවීර ඇමතිවරයා මෙම සාකච්ඡාවේ දී සඳහන් කළේය.

“ඒ කමිටුවල අපේ කණ්ඩායමුත් සිටියා. සියලු කණ්ඩායම් සිටියා. ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමකුත් සිටියා. ජනාධිපති ඉවත් කරන වැඩ පිළිවෙළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වල තියෙනවා. ඒත් අගමැති ඉවත් කෙරෙන වැඩ පිළිවෙළ පැහැදිලි නැහැ. මේ වතාවේ තමයි අපටත් ඒක වැටහුණේ,” එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් ධීවර සහ ජලජ සම්පත් භාර ඇමති මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළේ, බීබීසී සිංහල සේවය මතු කළ ප්‍රශනයකට පිළිතුරු දෙමිනි.

– BBC

14,413 Viewers

12 Comments to “16 දෙනා ගියත් අපි ආණ්ඩුවෙන් යන්නේ නෑ.. – අමරවීර”

  1. සාධාරණ මිනිසා says:

    විශ්වාස භංගයට පක්ෂ වීමෙන් තමන් සිටින ආණ්ඩුවටම විරුද්ධ වූ 16 දෙනාට ” රෙදි ” ඇදගෙන ආණ්ඩුවේ සිටිය නොහැකි බව ඔවුන්ට නොතේරෙන එකනම් හරිම පුදුමයි.මොනවද ඉතින් තනතුරු අතහරින්න බැරිකම තමා.නැතුව රටට හෝ ජනතාවට ආදරේ ට නෙමෙයිනෙ.

    • අලුගුත්තේරුවා says:

      ආණ්ඩුවේ හෝ කැබිනට් මන්ඩලයේ ප්‍රධානියා අගමැටි නෙමෙයි. අගමැතිගෙ මූණටම පොන්නයා කියල උණත් කැබිනට් එකට යන්ඩ බයවෙන්ඩ ඕන නෑ. මෙතන ලැජ්ජ නැත්තෙ ඇස් පනා පිට ඔප්පුවෙලා තියෙන බැඳුන්කර හොරා තව දුරටත් අගමැති කමේ තියාගන්ඩ ඡන්දෙ දීපු සහ මග ඇරපු දේශද්‍රෝහීන්ටයි.

    • Amda says:

      A Conductor’s theory

    • bleo says:

      එතකොට ඉතිරි කට්ටිය ඉන්නෙ රෙදි ඇඳගෙනද ? මේ තරම් රට කාපු පාන්ඩුවකට වෙලා ගේන ගේන ඔක්කොම පාහර නීති, රට විකුනන, රට පාවාදෙන සියලුම යෝජනා වලට අත උස්සන්නෙ රෙදි ඇඳගෙනද ? තනතුරු අතහරින්න බැරිකම ඒගොල්ලන්ටත් තියෙනව නේද?

  2. indunil says:

    okkoma kunu beruwala bokkata…………

  3. ඔව් ඉතින් යන එනමං නැති නඩේ නොවැමෙහෙම කියන්නේ මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹුනසී බලපල්ලකෝ මුගේ මූණත් තහඩුව කෝව්වියට අහුවෙච්ච කජු ලෙල්ලක් වගේ භීතියෙන් ජලසන්නියක් හැදීලා වගේ???

  4. Ravi says:

    The 16 who voted against RW are heros who can stop this govt.Amaraweera knows this thats y he is scared if the 16 moves out of thr govt the govt will break and ultimately Amaraweera thr selfish politician will lose his post of General Secretary post and his ministership..We should not vote people like Amaraweera in the next election

  5. Alfred says:

    umbala ratatama wedak nethi un. mahajana chandayak nethi….. minister post thiyagana salli hamba karana un misak thopi ratata monada karanne.. hora kapiyaw

  6. susa says:

    tope awasane tama

  7. minimuthu says:

    ආණ්ඩුවෙන් ගියොත් ඉතින් යන එන මං නෑ. ඒ නිසා ඕකෙම ඉන්න.

  8. FREE says:

    අපේ අමරේව කවුරුන් හෝ ගන්නවා නම් අමරේ එක පයින් යන්නට කැමතිය​.ගැටළුවකට ඇත්තේ මේකාව කිසි කෙනෙක් ගන්නේ නැති එකය​.ගන්නවා නම් ගන්නේ බස් ගැමුණු පමණය​.

  9. sarath says:

    this is last chance for pandamas to join Pohottuwa. If you miss the bus it your fate.

    Inda inda eka wehera
    winda winda daham manahara
    sinda binda duk sasara
    Aho Devidath nodutu mok pura

Main News