හිටපු හමුදාපතිවරුන් පස් දෙනෙක් CIDයට.. හමුදාවම අවුලේ..

October 23, 2016 at 1:06 am | lanka C news
හිටපු හමුදාපතිවරුන් පස් දෙනෙක් CIDයට.. හමුදාවම අවුලේ..

වන්නි මෙහෙයුමට දායක වූ හිටපු හමුදා ප්‍රධානීන් පස්‌දෙනකු මේ වන විට විවිධ චෝදනා මත මූල්‍ය අපරාධ අංශයට සහ රහස්‌ පොලිසියට කැඳවා ප්‍රශ්න කරගෙන යයි.

හිටපු නාවික හමුදාපතිවරුන් වූ තිසර සමරසිංහ, වසන්ත කරන්නාගොඩ, ජයනාත් කොළඹගේ, ජයන්ත පෙරේරා සහ හිටපු හමුදාපති දයා රත්නායක එම හමුදා ප්‍රධානීන් වේ.

දේශපාලන කටයුතුවලට සම්බන්ධවීම, ඇවන්ගාර්ඩ් සමාගමට සහය වීම, ළමුන් පස්‌දෙනකු අතුරුදන් වීම සහ යුද හමුදා සුබසාධනයට ටෙලිකොම් ආයතනයෙන් මිලියන 50 ක්‌ ලබාගැනීම යන චෝදනා මෙම ආරක්‌ෂක ප්‍රධානීන්ට ඉදිරිපත් වී ඇත.

මොවුන්ට එරෙහිව පරීක්‌ෂණ අරඹා ඇත්තේ මූල්‍ය අපරාධ අංශයට හා රහස්‌ පොලිසියට ලත් පැමිණිලි මත බව ද හෙළි වී ඇත.

මෙලෙස කටඋත්තර ලබාගත් එක්‌ ආරක්‌ෂක ප්‍රධානියෙක්‌ සහ හිටපු ආරක්‌ෂක නිලධාරියාට රුපියල් ලක්‌ෂ 3 ක්‌ වටිනා රොලෙක්‌ස්‌ ස්‌විස්‌ අත්ඔර්ලෝසුවක්‌ ලබාදීම ගැනද තොරතුරු හෙළි වී තිබුණි.

එම ආරක්‌ෂක ප්‍රධානියාට එරෙහිව එකී හිටපු ආරක්‌ෂක නිලධාරියා රහස්‌ පොලිසියට කටඋත්තරයක්‌ ද ලබා දී ඇත.

මේ අතර ආරංචි මාර්ග පැවසුවේ හිටපු ආරක්‌ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහි චෝදනා පසුබිමේ හිටපු ආරක්‌ෂක ප්‍රධානියකු ද සිටින බවයි.

කටඋත්තර ලබාගත් හිටපු ආරක්‌ෂක ප්‍රධානීන් ගැන මූල්‍ය අපරාධ අංශය හා රහස්‌ පොලිසිය නීතිපති වෙත වාර්තා යොමු කිරීමට ද නියමිතය.

මේ අතර ගාලු කොටුවට එල්ල වූ කොටි ප්‍රහාරයෙන් ද වරදකරු වී නාවික හමුදා සේවයෙන් ඉවත් කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මෑතක දී රියාර් අද්මිරාල් ධුරයට උසස්‌ කර ඇත.

මෙලෙස වන්නි මෙහෙයුමේ හිටපු ආරක්‌ෂක ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කිරීම නිසා හමුදා අංශවල කටයුතු අවුල්සහගත වීමේ තත්ත්වයක්‌ මතු වී ඇති බව ආරංචි මාර්ග දක්‌වයි.

– දිවයින

lead1

22,127 Viewers

12 Comments to “හිටපු හමුදාපතිවරුන් පස් දෙනෙක් CIDයට.. හමුදාවම අවුලේ..”

  1. Micro Man says:

    “හිටපු හමුදාපතිවරුන් පස් දෙනෙක් CIDයට.. හමුදාවම අවුලේ..” – පුවතක්.

    මගේ හෘදය දැන් අවධි වෙලා තියෙන්නෙ.එහෙත් අපේ හමුදාපතිවරු CID,FCID දක්කාගෙන යාම මට නවත්වා ගැනීමට නොහැකියි.ඉදිරියේදී පත්තරේ විස්තරේ බලලම මොනවා හරි ක්‍රියාමාර්ගයක් ගන්නම්. – මීට සිරිසේන ජනපති.

    • KGB says:

      NEVER, NEVER, NEVER believe this SAKKILI APPA SIRA.

      This is real pretending dram between UNP and SAKKILI APPA SIRA.

      PLEASE DO NOT BELIEVE THIS TRAITOR

  2. sarath jb says:

    රටේ මුරදේවතාවුන් විදිහට රටේ ජනයා සලකන්නේ රනවිරුවන්ය ,රට ජාතිය රකිනවා කියන්නේ රට පාවාදෙන ජාතියේම මලගම හදන මේ විජාතිකයන්ගේ රූකඩ පාලකයින් රකින එක නෙමේ,,ඔබට තිබෙනවා යුතුකමක් මේ අරට රැකගන්න රනවිරුවනේ
    රනවිරුවනි
    ඔබ පමාවූවා වැඩි නැද්ද ??

    • CAT says:

      මේ යහපාලනේ කෙරුවාව ……
      දින 100 දී TNA එකට දුන්න දේවල් .. ගොඩක් අය හිතන් ඉන්නේ මිනිස්සු නිදි කියල ඒත් ඇත්ත මේකයි
      හමුදා කදවුරු ඉවත්කලා
      තහනම් භාණ්ඩ වල තහනම ඉවත් කලා
      . සියලුම LTTE නායකයින් නිදහස් කලා
      . ලංකාවේ අග විනිසුරුකම ද්‍රවිඩ ජාතිකයෙකුට දුන්න (විග්නේශ්වර්ම්ගේ මිත්‍රයට )
      ලංකාවේ මහබැංකු අදිපති කම ද්‍රවිඩ ජාතිකයෙකුට දුන්න
      ලංකාවේ මුදල් ඇමති කම ද්‍රවිඩ ජාතිකයෙකුට දුන්න
      කොටින්ම කියනවනම් අපේ ගොන්නු දන්නේ නැති උනාට රටේ නීතියයි, අර්තිකයි, මුදලුයි කියන ප්‍රධාන අංශ 3 ම අද TNA ප්‍රමුක ද්‍රවිඩ පිරිස් විසින් පාලනයට කරනු ලැබේ
      හමුදාවේ සෙබළුන්ට නඩු දාන්න අයිතිය සහ මරණ දඩුවම දුන්න
      . බුද්ධි අංශ නිලධාරීන්ගේ නම් ප්‍රසිද්ධ කලා
      . සාම්පුර් නාවුක හමුදා කදවුර ඉවත්කර ත්‍රි මලය වරාය ආරක්ෂාව නැති කලා
      උතුරේ බුදු පිළිම හදන්න තහනම් කලා
      මැල්කම් රේට උතුරට ගිහින් මඩ චිත්‍රපටි හදන්න අවසර දුන්නා
      ජනවාරි 13 වෙනිදා:-දෙමළ බෙදුම්වාදී මතය වපුරන ටැමිල් නෙට් වෙබ් අඩවියට ලංකාවේ ඉඳන් ඍජුව ඇතුළුවීමට තිබුණු බාධාවන් ඉවත් වෙනවා…
      ජනවාරි 9 වෙනිදා=මෛත්‍රිපාල සිරිසේනගේ ජයග්‍රහණයේ පිනෙන් 2001 දී අලි කොටි ගිවිසුම අත්සන් කරපු රනිල් වික්‍රමසිංහ මේ රටේ අගමැති වෙනවා..
      ජනවාරි 11 වෙනිදා -මිලේනියම් සිටි සිද්ධියේදී බුද්ධි අංශ පාවා දීමේ චෝදනාව ලත් ජෝන් අමරතුංග යලිත් වතාවක් පොලීසිය භාර ඇමති වරයා බවට පත්වෙනවා…
      ඒවගේම කොටි සංවිධානයේ ප්‍රභල ආධාරකරුවෙකු වන රාජ්රාජ රත්නම්ගෙන් විනිමය වංචාවන් කරමින් ඩොලර් මිලියන 3 ලබාගත් බවට චෝදනා ලබා සිටින රවී කරුණානායක මුදල් ඇමති බවට පත්වෙනවා..
      ජනවාරි 13 වෙනිදා-දෙමළ බෙදුම්වාදී මතය වපුරන ටැමිල් නෙට් වෙබ් අඩවියට ලංකාවේ ඉඳන් ඍජුව ඇතුළුවීමට තිබුණු බාධාවන් ඉවත් වෙනවා…
      ජනවාරි 14 වෙනිදා :-දෙමළ ජාතික සංවිධානයේ දිගුකාලින ඉල්ලීමක් ඉටුකරමින් උතුරු පළාතේ ආණ්ඩුකාර ධුරය දරපු මේජර් ජෙනරාල් ජි ඒ චන්ද්‍රසිරි මහතා ඉවත් කරනවා…
      ජනවාරි 16 වෙනිදා -දෙමළ බෙදුම්වාදීන්ගේ ප්‍රභල ආධාර කරුවෙකු වන ඩොනල්ඩ් ඥානකොන්(මැරුනු චාල්ස් ඥානකොන්ගේ සහෝදරයා) හා චැනල් 4 නාලිකා ප්‍රධානි කැලන් මැක්රේ ප්‍රභූ පර්යන්තයෙන් ලංකාවට ඇතුළුවෙනවා…. එදාම උතුරු පළාතට යැවීමට ආරක්ෂක හේතු මත සිමා කරලා තිබුණු භාණ්ඩ 16 ක් භාණ්ඩ 3 ක් දක්වා අඩු කරනවා….එමෙන්ම උතුරු පළාතේ සංචාරය කිරීමට විදේශිකයන්ට තිබු සිමා ඉවත් කරනවා…
      ජනවාරි 17 වෙනිදා.-ඉන්දියාවේ ndtv නාලිකාවට සම්මුක සාකච්චාවක් දෙමින් වර්තමාන අගමැති රනිල් 13 වෙනි සංශෝධනය සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට සියලුම පාර්ශවයන් එකඟයි පොලිස් බලතල සම්බන්ධයෙන් පමණක් සංවාදයක් පවතිනාවය කියලා තමන්ගේ සාකච්චාවේදී ප්‍රකාශ කරනවා…
      ඊළඟට ආරක්ෂක අංශයේ උපදෙස් මත උතුරේ පිහිටවා ඇති හමුදා කඳවුරු තව දුරටත් අඩු කිරීමට අධ්‍යනයක් කරන්න කියලා යුධ හමුදාවට උපදෙස් දීලා තියෙනවා කියලා හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසේකර මහතා දැනුම් දෙනවා.. එම මාධ්‍ය හමුවේදී එතුමා ප්‍රකාශ කරනවා යුද්ධය ඉවර වෙනකොට අක්කර 26,000 ක හමුදා කඳවුරු තිබ්බා අපි දැනටමත් 10,000 කට අඩුකරලයි තියෙන්නේ තවත් අඩුකරන්න කියලා කියන නිසා අපි මේක කරන්න උත්සහ කරනවා කියලා…
      ඊට පස්සේ මොකක්ද වෙන්නේ දවස් 2 කර පස්සේ එතුමාව හමුදා මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවත් කරනවා…
      තව ඕනෙනම් කියන්නම් හිටං …. උබල කොහොමත් රට විකුණලා හරී බඩ පුරෝගන්න මිනිස්සුනේ එකයි
      සිංහල මිනිසුනේ තවමත් උබලා බලා සිටින්නේ මන්ද ? රට ජාතිය ගැන ආදරයක් කැක්කුමක් උබලට නැද්ද ?

  3. nimal says:

    NIDAHASE HUSMA GANNA

    LABADUN ME JATHIYA MURADEWATH WUNTA

    KARANA APAHASA WALATA

    MULU JATHIYAMA NAGETIYAW……..

    MAGE RATATA THERUWAN SARANI.

  4. Disce aut descede says:

    සිංහයන් ගෙන් හිවල්ලු ප්‍රශ්න අහන සක්කිලි යුගයක් .

  5. රටට හිතවත් says:

    කෝ අප්පා මේ හිටං උන්නැහේ! මොකද උන්නැහේගේ ‘බැටරිය’ ඔය ඉක්මනටම බැස්සද! එතකොට ඕක ‘චාර්ජ්’ වෙලා තිබ්බේ එදාට විතරමද! ආයෙත් ඕක චාර්ජ් වෙන්න නම්, ‘ජූනියර් හිටං’ මොකක්හරි ‘කුඩු’ කරන්නම ඕනද!

    • Asaranayaa says:

      හිටානෝ හුටානෝ ඔහේ අනාගෙන කනවානෝ හරියට මැලේ පිකල් එකක් වගෙයිනෝ
      පත්තුවුනොත් සරළයෝ අම්මට හුඩු තමයි

  6. sujith says:

    munge ammalage yahapalanaya

  7. DIGA JANTHU says:

    උස නං සිකිරුටි.. කොට නං කංකරු’= my 3 me tarama sinhalayagen paliganne ranil wa sathutu kirimataya……….

  8. SAPU says:

    අවුරුදු පහක් ඇතුලත…
    මෙලෙච්චේද මිනීමරු ත්‍රස්තවාදියා පිරපාකරන්
    විමුක්තිකාමී ජන නායකයෙක් වෙලා…
    තමන්ගේ හමුදාව සතුරට පාවාදුන් අමනයන්
    සුදනො වෙලා..
    ගරු මහින්ද රාජපක්ෂ
    එල්ලා මැරිය යුතු ‘රටේ ලොකුම අපරාධකාරයා’ කරපු…
    මහා පෘඩ ජාතියක් ජීවත් වන
    කාළකණ්නි කොදෙව්වක…
    රට ජාතිය වෙනුවෙන්
    දිවිපරදුවට තැබූ විරෝධාර සෙබළුන් ‘තිරිසන් මිනීමරුවො’ වෙලා…
    කොටි ත්‍රස්ථවාදියො
    ‘අහිංසක දෙමළ වැසියන්’ වෙන එකත්
    අහන්නත් දෙයක්ද…
    ඔහොම යං…
    තවම පටන් ගත්තා විතරයි…
    බලා සිටියොත් මුළු රටටම අබ සරණයි

  9. SAPU says:

    ඔහොම වෙන එකත් අහන්න දෙයක් ද…
    කොටි ත්‍රස්ථ පිළිකාවෙන් ගලවගෙන…
    අවුරුදු පහක් ඇතුලත…
    මෙලෙච්චේද මිනීමරු ත්‍රස්තවාදියා පිරපාකරන්
    විමුක්තිකාමී ජන නායකයෙක් වෙලා…
    තමන්ගේ හමුදාව සතුරට පාවාදුන් අමනයන්
    සුදනො වෙලා..
    ගරු මහින්ද රාජපක්ෂ
    එල්ලා මැරිය යුතු ‘රටේ ලොකුම අපරාධකාරයා’ කරපු…
    මහා පෘඩ ජාතියක් ජීවත් වන
    කාළකණ්නි කොදෙව්වක…
    රට ජාතිය වෙනුවෙන්
    දිවිපරදුවට තැබූ විරෝධාර සෙබළුන් ‘තිරිසන් මිනීමරුවො’ වෙලා…
    කොටි ත්‍රස්ථවාදියො
    ‘අහිංසක දෙමළ වැසියන්’ වෙන එකත්
    අහන්නත් දෙයක්ද…
    ඔහොම යං…
    තවම පටන් ගත්තා විතරයි…
    බලා සිටියොත් මුළු රටටම අබ සරණයි

Main News