අපි බොරු කියලා ඡන්දේ ඉල්ලන්නේ නැහැ.. කවදාවත් බොරු කියලා නෑ..- රාජිත

January 14, 2018 at 4:40 pm | lanka C news
අපි බොරු කියලා ඡන්දේ ඉල්ලන්නේ නැහැ.. කවදාවත් බොරු කියලා නෑ..- රාජිත

බේරුවල පළාත් පාලන මැතිවරණයේ දී බේරුවල නගර සභාවට ඉදිරිපත්වන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සදහා බේරුවල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී විශේෂ ජන හමුවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“අපි බොරු කියලා ඡන්දේ ඉල්ලන්නේ නැහැ. අතීතයෙත් බොරු කියලා ඡන්දේ ඉල්ලුවෙත් නැහැ. හැබැයි මෙවර පළාත් පාලන මැතිවරණයට බේරුවල ආසනය සදහා ඉදිරිපත්ව සිටින ස්වාධීන කණ්ඩායම බොරු ප්‍රචාර ඉදිරිපත් කරනවා. එම කණ්ඩායමේ ඉන්නවා බේරුවල හිටපු නගරාධිපතිවරයා. ඔහු ජනතාවට සේවය කළේ නැහැ. මැණික් වෙළෙද ව්‍යාපාරයේ තමයි නිරතව සිටියේ. විදේශගතව සිටියේ.

මම මුස්ලිම් ජනතාව සමග ඒකාබද්ධව කටයුතු කරන විට සිංහල බෞද්ධ ජාතිවාදීන් මට පහර ගැසුවා. මම ඒවාට බය වුයේ නැහැ. එහි වැදගත්කමකුත් නැහැ. බේරුවල නගර සභාවට ස්වාධීන කණ්ඩායමෙන් ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයින් එවැනි තීන්දුවක් ගත්තේ මුල්‍ය ලාභ මතයි. ඔවුන් පක්ෂ මාරු කළෙත් එවැනි ලාභ මතයි.

පසුගිය රජයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බේරුවල ප්‍රදේශයේ බිංකුණ්ඩන්ටත් පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාදුන්නා.

හිටපු ජනාධිපතිනිය බේරුවලට පැමිණි අවස්ථාවක දී කෑම කන විට ප්‍රහාරයක් එල්ල කළා. කෑම කන විට ප්‍රහාරයක් එල්ල කරන්නේ මොන රටේ ද? කාටවත් කෑම කනකොට ගහනව ද? හැබැයි මෙම බිංකුණ්ඩන් එවැනි ප්‍රහාරයක් එල්ල කළා.

දැන් සංසාරයකට පිපෙන්නේ නැති මලක් පිටුපස යනවා. ලංකාවේ පිපෙන මල් විශාල සංඛ්‍යාවක් තිබෙනවා. නමුත් ඔවුන්ට කරුමෙට හම්බ වුනේ පිපෙන්නේ නැති මලක්. වර්තමානයේ ලැබූ නිදහස භාවිත කරලා අපට පහර ගහනවා. නමුත් අපි ඒවාට බය වන්නේ නැහැ.

දේශපාලන පක්ෂවලට බෙදිලා ගහ මරා ගත්ත කාලය ඉවරයි. නව දේශපාලන සංස්කෘතියක් සාදාචාරයක් අපි බිහි කර තිබෙනවා. රාජ්‍ය සේවාව, පොලිස් හා අධිකරණ සේවා දේශපාලනයෙන් ඉවත් කර තිබෙනවා. අපේ රජයේ ඉන්න සමහරුන්ට මෙම රජය සිහිනයක්.

අපි බෙල්ල දීලා තමයි මෙම රජය බිහි කළේ. අමාත්‍යවරුන්ට නිදහසේ වැඩ කරන්න ඉඩ දීලා තිබෙනවා. රජය පිහිට වූයේ ජනතා යහපතටයි. එම නිසා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අපි ආරක්ෂා කළ යුතුයි.”

– ප‍්‍රසන්න අධිකාරී

9,207 Viewers

19 Comments to “අපි බොරු කියලා ඡන්දේ ඉල්ලන්නේ නැහැ.. කවදාවත් බොරු කියලා නෑ..- රාජිත”

  1. Jonaa'S Brother says:

    අනේ මගෙ කුණුකට , ගන්ඳනේ බැහැ, ඒ හරිය මොකටද

    • හෙලවෙන-දන්ත says:

      දැක්ක ගමන් ටීවී එකේ මුගෙ මුහුන
      බල්ලා උඩුබුරයි වහනකම් කකියමින
      බල්ලටත් එය පිලිකුලක් නම් මේ මුහුන
      හිතාගනු චන්දදෙන අපට මේ රෞද්‍ර මුහුන

    • Boo says:

      මේ යකා කවදාවත් බොරු මිසක් වෙන කිසිම දෙයක් ජීවිතේට කියලා නැහැ.

      පුදුමයි තාම අර මු උගේ ඇස් දෙකෙන්ම දැක්කා කියපු තාජුදීන් මැරුවයි කියන CCTV කතාව මේ පාර චන්දෙට තාම කිවුවේ නෑ , තාම මිනිය ආපහු ගොදගත්තෙත් නෑ , පෙබරවාරි 9 ට ඉස්සෙල්ල මූ කොහොම හරි ඕක කියයි. එතකොට අර උගේ ඇස් දෙකෙන්ම දැක්ක කියපු ඩුබායි ගිණුම්, ඒවත් හෙට අනිද්දා ආපහු එයි, චන්දෙ ලඟයි නේ.

  2. john the baptice says:

    ගියවතාවේ පැරදුන බොරු කියන පිං ගොනා ඇමතිගේ කතා ගනන් ගන්න එපා

    • "අංජනම්-දේවි" says:

      ඔබටනම් දෙවියො හොඳට සලකලා වගේ
      දියවන්නාවම චන්දෙ කතා දෙවියො වගේ
      අලුත් පක්‍ෂයෙ අපෙ දෙයිය රටවටේම වගේ
      දහවැනිදා උඹලට දෙයියො සිහිවෙයි වගේ

      සෝභිත බලාසිටි රාජිතට බන කියන්නට
      එක්ක එන්න කියලා පනිවිඩෙ දුන්නෙ මට
      මාශල් උන්දැත් එකතුකර දෙන්නම එකට
      එනකම් බලාසිටි පුටුව රත්කරවා හොඳට

    • Kaluthara Power says:

      Kawadda ban rajithaya kaluthara peradune?? Umbata wena kiyanna deyak aththema nedda?

  3. බන්ඩා says:

    හම්මේ, අැත්ත කියල බොරු පොරොන්දු නොදී දතාල රනිල එක්ක අාප්ප කාල පැන්න සිරිසේනව බලයට ගෙනත් වසර තුනෙන් මුලු රටම සුඛිත මුදිත කොරල කන බොන දෑ සුලභ කොරල දැන් නිදහසත් ලබා දීල. නිදහස කොච්චරද කියනව නම් මහ දවල් මහ බැංකුවත් මංකොල්ල කලා අනිත් උන්ට හොරා හොරා කිය කිය දුවනවා.

  4. kamalasirikuruwita says:

    බලපන්කො ඇත්තම කියන ලස්සන !!!

  5. Every thing is a segment of onions, isn’t it Rajitha?

  6. monkey says:

    ekane ..api gas naginna danneth naha

  7. Dr Lakshman Fernando says:

    RAJITHA, ARE YOU SPEAKING FROM THE MOUTH OR SOME WHERE ELSE ?

  8. ajita de costageneral strike says:

    muge loku putha mongal danawada- munge paule hamata pissu- karapu pawwalata

  9. Saradiel says:

    “පුළුවන්කාරයන් හමුවේ දනින් වැටී

    සුළු මිනිසුන්ට අඩි හප්පා රවා සිටී

    බලුකම්වලින් අන්තිම බලු කමේ හැටී

    බැලුමට කැමති නම් මුන් දෙස බලනු වටී”

  10. sam says:

    munta aniwaryen therenawa mun patta boru tikak kiyala rawattala balaya gathe kiyala enisamayi wisheshayen mehema kiyanne, muwayi champika kiyana ekawayinam elawannama ona

  11. යම රජ්ජුරුවෝ says:

    මම බලා ගෙනයින්නේ. ලෝදිය හැලිය උනුකරලා බලන් ඉන්නේ වරකෝ.

  12. Ranji says:

    “ATHTHA” kiyana wachane therumawath moo danne nehe.ekai ohoma kiyanne. ganan ganna epa.

  13. Clive says:

    මේකා බොරු කියල නැත්නම්… රිලව් – වඳුරො කවදාවත් ගස් නැගලත් නැතිව තියෙන්න ඔනි….!!!

Main News