58 වන සේනාංකාධිපති ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ධුරය දක්වා පෙරටම.. අඩු වයසින් ඉහලම සම්මානයකින් පිදේ..

May 20, 2018 at 6:29 am | lanka C news
58 වන සේනාංකාධිපති ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ධුරය දක්වා පෙරටම.. අඩු වයසින් ඉහලම සම්මානයකින් පිදේ..

ත‍්‍රිවිධ හමුදාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ විශිෂ්ට සේවාව වෙනුවෙන් විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්‍රදානයක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ දිනයේ සිදු කෙරින.

යුද හමුදා ලූතිනන් කර්නල් නිලය හා ඊට ඉහළින් සිටින නිලධාරීන් හා ගුවන් නාවික හමුදාවල ඒ සමාන්තර නිලයන්හි 25 වසරක අඛණ්ඩ සේවය හා සේවා ඉතිහාසය විශිෂ්ට මට්ටමේ තිබෙන නිලධාරින්ට පමණක් විශිෂ්ට සේවා විභූෂණ පදක්කම පිරිනමයි.

ඊයේ දිනයේ මෙම පදක්කම දැනට සේවයේ සිටින හා විශ‍්‍රාම ගිය නිලධාරීන් පනස් දෙනෙකු වෙතප‍්‍රධානය කරන ලදී.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පතිටද මෙම සම්මානයන් පිරිනැමින.

මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාටද මෙම සම්මානය පිරිනැමීම විශේණ වන්නේ ඔහු මෙම සුදුසුකම් සපුරා ඇත්තේ අඩු වයසකින් නිසාය.

බොහෝ දුරට ශවේන්ද්‍ර සිල්වා මහතා ඉදිරියේදී හමුදාපති ධුරයටද පත්වනු ඇති බවට ආරක්‍ෂක අංශ සාමාජිකයන් බෙහෝ දෙනෙකු පවසති.

වන්නි මානුෂීය මෙහෙයුමේදී අතිශයින් ප‍්‍රසිද්ධ වූ ‘58 වන සේනංකය’ මෙහෙයවන ලද්දේද ඔහු විසිනි.

43,761 Viewers

17 Comments to “58 වන සේනාංකාධිපති ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ධුරය දක්වා පෙරටම.. අඩු වයසින් ඉහලම සම්මානයකින් පිදේ..”

  1. yenura says:

    What about Kamal Gunarathne? Did he receive this?

    • Ranarala says:

      yenura, obe prasnaya hari. namuth api baya wiya yuthu ne. ekinekata wiruddawa kotawanta puluwan jaathiye ranawiruwo newei major general shavendra, major general kamal dennama.

      • cim says:

        Ranaralalata penne naethi eka karanayak thiyanawa, e ko ekabaddaye ranaviru saemaruma, ko gotabaya me sare ranaviruwo samaranawa, ko mahinda samaranawa, mukuthma naeha neda? anna ekabaddayema prabalayek e uthasawaya backet karala, ubala eka gaena soyanna,

        • JOY says:

          CONGRATULAIONS to Maj. Gen. Shavendra Silva & all the WAR HEROES
          Now ,Tamil extremists were regrouping abroad to revive their demand to divide the island nation nine years after the end of its decades-long ethnic war. We should never forget the sacrifices made by Sri Lanka’s war heroes during the country’s 30 years of war against terrorism,
          For three decades, the Sri Lanka Army battled against the most ruthless terrorist organization known to man in modern times, the “Liberation Tigers of Tamil Eelam” (LTTE). Even though the culture of “suicide missions” and “human bombs” has become the hallmark of terrorism around the world today, it was Velupillai Prabhakaran who first masterminded and used this most ruthless tactic in targeting both civilian and Government Forces May 2009, when Sri Lanka Army defeated them militarily.
          On 19th May 2009, the valiant soldiers of 53 Division led by Major General Kamal Gunaratne, killed the Leader of the LTTE, Velupillai Prabhakaran ..
          Why does Major General Kamal Gunaratne get Excellent Services Delegations ..Why does he not give that award? We condemn it.. How can they forget our great war hero ?WHY / HOW can Yahapalana government insult the war heroes..

        • Ranarala says:

          cim mahathmaya wediya social media balanne nethi paatai. me news mainstream mediawalanam ne. ekabaddayen rata purama ranawiru uthsawa me sathiya digatama thiyanawa. gotath sahabagi wechcha ekak thibuna, ehidi honda kathawakuth kala. mahindath eweni uthsawakayata sahabagi una, kathath kala. poddak sadaranawa hithanne.

      • OLU says:

        වන්නි මානුෂීය මෙහෙයු 58 වන සේනාංකාධිපති ශවේන්ද්‍ර සිල්වා මහතාට අපේ සුභ පැතුම්
        වන්නි මානුෂීය මෙහෙයු 58 වන සේනාංකාධිපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු ‘58 වන සේනංකයට ජාතියේ උත්තමාචාරය අපි පුදමු
        පුදුමයි ජනපති සිරිසේන අපේ ත‍්‍රිවිධ හමුදාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම ගැන ..උතුරේ ත්‍රස්තවාදීන්ට උදව් කරමින් ,මේ සිදුකරන්නේ රටේ මහජනතාව රැවටිමක්ද ? දේශපාලන propaganda වක්ද ?
        ජෙනරාල් මේජර් කමල් ගුණරත්න මහතාද විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය සුදුසු කම් ලබා සිටියදී එතුමාගේ විශිෂ්ට සේවාව අගය නොකරන්නේ මන්ද ? එය අපිට ප්‍රශ්නයක් ? කනගාටුවක්
        කුමක් වුවත් ජනපතිගේ මේ ක්‍රියාව අපි අගය කරමු

        • "ලංකා-මාතා says:

          යුද්දෙට යන්නටම මත්තෙන් බුදුන් වැඳ
          අම්මගෙ දෙපා නමැඳ හඬලා කඳුලු මැඳ
          ගොහින් එන්නම් අම්මෙ කියා හදද බැඳ
          එනකම් ඉන්නෙ අම්මා අදටත් කඳුලු මැඳ

          රණවිරු මතකය එක් දිනයක් වූවත් රටට
          සැමදා විරු දිනකි පුතු මතක එන අම්මාට
          වීර පදක්කම් මෙතුමල ලැබූ හැම වෙලාවට
          මගෙ පුතු මැවී පෙනේ ඉන්නව මාලඟ හදට

          • Vasana says:

            වසර 9 පෙර කොටි ත්‍රස්තවාදය අවසන් !! මාතෘභූමිය නිදහස් !!විය
            කොටි නායකයන් සියල්ලෝ මැරුම් කති. මව්බිමට යළි පණ ලැබෙයි ! ඒ සදහා කැපවූ අපේ රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පුදමු
            මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට , යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පතිටද මෙම සම්මානයන් පිරිනැමින.අපි අගය කරමු ..එම විරුවන් සැමට ජාතියේ උත්තමාචාරය පුදමු .
            අපේ රට ජාතිය රැකි වීර රණවිරුවන් දඩයම් කිරීමට LTTE දෙමල ඩයස් පෝරාව සහ TNA ගෙන එන බොරු චෝදනා වහාම නතරකිරිම ජනපතිතුමාගේ වගකීමයි ..
            මේජර් ජනරාල් කමල් ගුණරත්න,මේජර් ජනරාල් සරත් වීරසේකර යන විරුවන් අමතක කිරීම ගැන වත්මන් ආණ්ඩුවට අපේ අප්‍රසාදය පළකරමු
            අද නැවත උතුරේ කොටි පිනුම් ගසති හේතුව පාලකයාගේ ඇති දුර්වල නිවට කමයි..පිරපාකරන් ත්‍රස්තවාදී නායකයාගේ මස්සිනා දැන් උතුරේ ඊළම පතුරවයි
            මබ්විම එක්සේසත් කළ විශ්මිත විජයග්‍රහණය..සැමරීම නතර කල සිරිසේන අද අපේ රණවිරුවන්ට .විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය කිරීම ජනතාවට පුදුමයක් ..ජනපති .මේ සිදුකරන්නේ ජනතාව රැවටීමක්ද ?

        • Alapaluwa says:

          ජෙනරාල් මේජර් කමල් ගුණරත්න මහතාද විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය සුදුසු කම් ලබා සිටියදී එතුමාගේ විශිෂ්ට සේවාව අගය නොකරන්නේ මන්ද ? එය අපිට ප්‍රශ්නයක් ? කනගාටුවක්
          කුමක් වුවත් ජනපතිගේ මේ ක්‍රියාව අපි අගය කරමු​!!!

          ******Dear Olu….. ඔබගේ මේ කියමන සම්පුර්ණ සත්‍යකි නමුත් අවසනාවකට කමල් ගුණරත්න,සරත් වීරසේකර යන ජාතියට ලැදි දේශමාමක නියමුවන්ට නියම සුදුසුක නොදීම මහා වසල කමකි.නිවටයෙක්, කවටයෙක් රටක කපටිකමෙන්, කවටකමෙන් පාළනය කරමින් ජාතික දේශමාමක නියමුවන්ව පාවාදීමෙන් කරණ මේ විනාසය අපිකාගේත් අභාග්‍යට හේතුකරකා වේවි.​​මෙහිදී ශවේන්ද්‍ර සිල්වා උදාර සේවයක් රට වෙනුවේන් කරපු මහගු කාර්යභාර සේවාවට මගේ පුර්ව ආශීර්වාදය හිමිවන අතරම මෙහිදී මහා ඉහත සඳහන් කල දෙපොලටත් රටවේනුවෙන් කරපු ඒ සේවය වෙනුවෙන් ඔවුනුවත් මතක් කලොත් නොවේද හොඳ?? මෙය මගේ රටවේනුවෙන් දුක්වන අයට සිතා ගැනීමට පිණිස පමණි.

          • OLU says:

            @ Alapaluwa… ඔබට ස්තුතියි …දේශප්‍රේමින් රටට අවශ්‍යය කාලයක් මේ
            අපේ රටේ පාලකයන් ,වසලයින් , නිවටයින් බව රණවිරු දඩයමෙන් පැහැදිලියි ..අපේ රටේ උගත් බුද්ධිමත් ජනතාව මේ ගැන සිතිය යුතුයි .යහපාලන ආණ්ඩුව , දෙමල කොටි ඩයස් පෝරාවේ රුකඩ වී ඇති මේ කාලේ රට ජාතිය ආගමට ආදරය කරන සිංහලයන් සොයාගැනීමත් දුර්ලබ දෙයක් වි ඇත
            රට ජාතිය ආගම ආරක්ෂාකිරීමට සිංහල ජනතාව පක්ෂ පාට ආගම් බේද අතහැර සමගිවී එක් විය යුතුයි .
            .නිදා සිටින සිංහල බෞද්ධයා අවදිකළ යුතුයි

  2. SARA says:

    Wow what a great news ….CONGRATULATIONS !!!!!!
    If a man does his best, what else is there? If you believe in yourself and have dedication and pride – and never quit, you’ll be a winner. The price of victory is high but so are the rewards comrades & Soldiers willingly, risk their own lives to keep their Country out of enemy hands.
    We salute our great war hero Major General Shavendra Silva…
    We will never forget our war heroes

  3. Dushantha says:

    80%ක් ත්‍රස්තවාදීන් විනාශ කලේ බ්‍රිගේඩියර් ෂවේන්ද්‍ර සිල්වාගෙ 58 වෙනි සේනාන්කය.

    • sky says:

      රටේ පණ රැකි – අපේ රට රැකි වීරත්වය ගෞරවයෙන් සිහිකරමු

  4. Hewage says:

    The most qualified person Gen. Bonifus Perera. Where he is?

  5. Erangamadushan says:

    Congratulations!!!!! Talent of his is unique,we respect it not the age of his life for the practical mind which he performed at the battlefield!!!!!!!!!!!!

  6. Saradiel says:

    රටේ හමුදාවක් ඉන්නේ වසර 4 කට එන නායකයන් රකින්න නොවේ රටේ ජනතාව රකින්න එය වටහා ගත්තොත් ඔය පදවි වලට වඩා උතුම්

  7. ෴හෙළයා෴ says:

    මේජර් ජනරාල් ශවේන්ඳ්‍ර සිල්වා මහතා අගය කිරීම අගය කල යුතුය​. මේජර් ජෙනරල් කමල් ගුණරත්න විරුවාත් අගය කලා නම් මේ අගයෙහි අගය තවත් වැඩි වනු ඇත​.

Main News