අරාබි රටවලින් ලංකාවට විරුද්දව ජිනීවා යෝජනාවක්.. කලින් දුන් ඡන්ද ගැන යලි සලකා බලයි.. ආර්ථික සබදතාත් අවදානමේ..

March 12, 2018 at 10:00 am | lanka C news
අරාබි රටවලින් ලංකාවට විරුද්දව ජිනීවා යෝජනාවක්.. කලින් දුන් ඡන්ද ගැන යලි සලකා බලයි.. ආර්ථික සබදතාත් අවදානමේ..

ශ‍්‍රී ලංකාවේ මතුව ඇති කලහකාරී තත්වය සම්බන්ධයෙන් අරාබි රටවල් අප‍්‍රසාදය පල කර ඇති බව ගල්ෆ් ටයිම්ස් පුවත්පත උපුටා දක්වමින් නෙත් නිවුස් වෙබ් අඩවිය වාර්තා කරයි.

සිය විරෝධය තානාපතිවරුන් මාර්ගයෙන් ශ‍්‍රී ලංකා බලධාරීන්ට දන්වා ඇතැයිද ඉදිරියේදී ශ‍්‍රී ලංකාවට ගැටළු රැසකට මුහුණ දීමට සිදවනු ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සමුළුවේදී 37 වන සැසිවාරයට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අදහස් කරන බවත් එහිදී සියළු අරාබි රටවල් එක්ව ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ඉදිරිපත් කරන බවත් සදහන්ය.

මේ වන තෙක් ශ‍්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන ලද යෝජනාවන්ට එරෙහිව ඉදිරිපත් කරනු ලැබී සිය ඡන්දය ගැන යලි සලකා බැලිමටද සූදානමක් ඇතැයි තව දුරටත් වාර්තා කරයි.

මේ තත්වය මත අරාබි රටවල් හා ශ‍්‍රී ලංකාව අතර වන වාණිජ සබදතාද අවදානම් තත්වයට පත්වනු ඇතැයි වැඩි දුරටත් එහි දැක්වෙයි.

20,648 Viewers

9 Comments to “අරාබි රටවලින් ලංකාවට විරුද්දව ජිනීවා යෝජනාවක්.. කලින් දුන් ඡන්ද ගැන යලි සලකා බලයි.. ආර්ථික සබදතාත් අවදානමේ..”

  1. තුෂාර says:

    UNP පාලනය රාජ්‍ය බලය රැකගැනීමට යොදා ගන්නා එකම අවිය ජනතාව ජාතිවාදී ප්‍රචණ්ඩත්වයට යොමු කිරීමයි. ඉතිහාසය මෙයට සාක්ෂි සපයයි. ඔවුන් අප‍්‍රසාදය පල කල යුත්තේ යහපාලනයටයි…

  2. චේතියසේන says:

    ඔය යෝජනා වලට බයවෙයිද යහපාලන්ස්ල?

    පටස් ගාල කෝ-ඉස්පොන්සර් කරල මැද පෙරදිගත් දිනාගන්නව!
    ජාචිඅංචරේ දිනාගත්තවගේ හිටං!

  3. SUNIL says:

    මරාට ඕන වෙලා තිබ්බේ ඕක කරන්නයි.. තව ටික දවසකින් ඇවිත් ඔබට සතුටුයි ද දැන් කියල අහයි

  4. Roshan says:

    Jathiwadeenta dan sapada?

  5. Asaranaya says:

    අනේ මෙයලා විහිළු කරනවානෙ, මම ජාතියන්තරේ දිනාගත්ත සරළ පඹයා නොවැ

  6. Ranjan says:

    Yasapalanaya will sign that resolution also. Real Modayaas. Similar to US/Eurpoean resolution at UNHCR.

  7. Gadol says:

    සෞදි අරාබියේදී ඇණ ගසා අත් පා ද පිලීස්සීයැයි තිස් හත් හැවිරිදි සිව් දරු මවක සෞදි අරාබියෙන් ශ්‍රී ලංකාවට එවනු ලැබ සිටිති.

    බලංගොඩ එග්ස් ලේන් වත්තේ අලගුමලි පාපාති තම්බදි මහත්මිය අරාබියට ගොස් ඇත්තේ වසර දෙකකට පෙරය.

    ‘සත පහක් පඩි දුන්නේ නෑ, කන්න බත් දුන්නේම නෑ,රත් කළ තෙල් ඇගට දාලා ඇග පිච්චුවා,ගෙදර කට්ටිය ඇණ ගසා බෝතල්වලට ලේ ගන්නවා.සමහර දවස්වලලට යකඩ බට ජනනේන්ද්‍රීය ප්‍රදේශයට ඇතුළු කර තුවාල කර ලේ ගන්නවා.ඒ ලේ උදේට අරගෙන යනවා කොහේ අරගෙන යනවාද දන්නේ නෑ. ’

  8. Nilmini says:

    Arabi ratawal kohomada ape rate dewalwalata angili gahanne meka swadeena ratak

  9. Lankan says:

    Ko Ara Wthuren Wahana Duwanna Hadapu Yodaya ….?

Main News