ඡන්දෙට කලින් දුන් පොරොන්දුවෙන් එජාපය අමාරුවේ.. රවී කරුණානායකට ඇමතිකමක් දෙන්න වෙයි..

March 13, 2018 at 6:24 am | lanka C news
ඡන්දෙට කලින් දුන් පොරොන්දුවෙන් එජාපය අමාරුවේ.. රවී කරුණානායකට ඇමතිකමක් දෙන්න වෙයි..

ඇමති මණ්ඩල සංශෝධනය සිදු කිරීමෙන් පසු එක්සත් ජාතික පක්‍ෂය තුල දැඩි ගැටළුකාරී තත්වයක් ඇතිව තිබෙන බව සිරිකොත ආරංචි මාර්ග සදහන් කරයි.

ඇමති තනතුරු ලබා දෙන්නේ තම ආසන දිනාගෙන එන ආසන සංවිධායකයන්ට පමණක් යයි පළාත් පාලන මැතිවණයට පෙර පක්‍ෂ නායකත්වය විසින් කරන ලද ප‍්‍රකාශයක් නිසා මෙම තත්වය මතුව ඇති බව පැවසෙයි.

වත්මන් එජාප ඇමතිවරුන් සාතිශය බහුතරය සිය ආසනයන් පරාජය වීම නිසා මෙම තත්වය ඇතිව තිබේ.

සියල්ලන් පැරදෙද්දී තම ආසනය දිනා ගත් හිටපු ඇමති රවි කරුනානායකට ඇමති ධුරයක් ලබා දිය යුතු යයි ඔහුගේ ආධාරකරුවන්ගේ බලපෑම දැඩිව එල්ල වෙමින් ඇත්තේ මැතිවරණයට කලින් කී දේ කර පෙන්වන ලෙසද කියමිනි.

19,480 Viewers

7 Comments to “ඡන්දෙට කලින් දුන් පොරොන්දුවෙන් එජාපය අමාරුවේ.. රවී කරුණානායකට ඇමතිකමක් දෙන්න වෙයි..”

  1. Boo says:

    අද පවතින ආණ්ඩුවේ තියෙන වැඩ කිරීමේ හැකියාවේ හැටියට රටේ වැදගත්ම වගේම ඉක්මනින්ම විසඳිය යුතු ප්‍රශ්නය වන්නේ කාට කාට මොන මොන ඇමති පදවි බෙදා දෙනවද එකයි. අනිත් සියලුම ප්‍රශ්න විසඳිලා ඉවරයි.

    • නයා says:

      කන එක බෙදා හදාගෙන කන්න එපායෑ.
      උඹලා අපි වගේ අඩුකුලේ පර හැත්ත නොකා හිටියත් මොකෝ, රදල හාමුලාට එහෙම පුළුවනැයි.

  2. Gayantha says:

    Honda waide ranilata. Halparuwo form karala porawal karahama ohoma wenawa. Oya maida kolaba, uturu kolomba, batahira kolomba wage asana unp balakotu. Owa mona kaidayek daimmath unp dinana asana. issara meya kotte pairadi pairadi inna kota duminda silvag giya gaman aseneta painna porak kiyala pennanna.

  3. රවී කරුණා says:

    මටත් වඩා මට වැඩකරන පාතාල ගෝලබාලයන්ට පොඩි වියදමක්ද තියෙන්නේ දවසකට බෝතල් දෙකතුනක් බොන්න ඕනෑ රෝස් චිකන් තුන හතරක් කන්න ඕනෑ,දැනට ඇමතිපට්ටමක්වත් නැතිහින්දා කැබිනට් පත්‍රිකාවක් වත් දාල මැස්මොරෑස් ගේමක් ගහල මටයි උන්ටයි ගතම් එකක් හොයාගන්නත් බෑනේ….රවී කරුණා

  4. අානමඩුවෙි නන්ද හිමි says:

    උතුරු කොළඹ ආසනය ශ්‍රීලංකා මැතිවරණ ඉතිහාසයේ UNP පැරදිලා තියෙන්නෙ එක්වතාවක් පමණයි. ඒ 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක දිනපු ජනාධිපතිවරණයෙදි. ඒ මැතිවරණයෙදි UNP දිනුවෙ මහියංගනය විතරයි. මෙි ජයග්‍රහණය රවිගෙ දක්ෂකමක් නෙවි. සුළු ජාතික ජන්ද නිසයි ඒ ජයග්‍රහණය හිමිවෙන්නෙ.පුළුවන් නමි ඉදිරියේදී රවිට ඔහු කලින් සංවිධායකධූරය දැරෑ කෝටිටෙි ආසනයේ එජාප සංවිධායක කම අරගෙන ජයග්‍රහණය කර පෙන්වන්න.

  5. ඔන්න ඉතින් අයෙත් දෙකක් නෑමයි ඇමතිකම දෙනවම තමයි හෙතුව හොරකම් එලිබහින එක වලක්වා ගන්න මෙවුන් ගේ ලෝකෝස්තර ටොම්පච වලට මුලා වෙන ගොන්නු රැලකුත් ලංකාවේ තවම ඉන්නවා???

Main News