ජනාධිපති හෙලිකොප්ටරෙන් එනවා දුවට පෙන්වන්න වීඩියෝ කල අයෙක් අත්අඩංගුවට..

September 17, 2016 at 1:02 am | lanka C news
ජනාධිපති හෙලිකොප්ටරෙන් එනවා දුවට පෙන්වන්න වීඩියෝ කල අයෙක් අත්අඩංගුවට..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගමන් ගත් හෙලිකොප්ටරයක් තම ජංගම දුරකතනයෙන් වීඩියෝ කල පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ජනාධිපතිවරයා රත්නපුරයට හෙලිකොප්ටරයෙන් ගොස් බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේ ක්‍රීඩා පිටියට ගොඩ බෑ අවස්ථාවේ මෙම පුද්ගලයා එම අවස්ථාව රූගත කර ඇත.

තලවකැලේ පදිංචිකරුවෙක් වන මෙම පුද්ගලයා වැල්ලවත්තේ රැුකියාව කරන ලොරි රියදුරෙකි.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන කරන ලද ප‍්‍රශ්න කිරීම්වලදී හෙලිව ඇත්තේ තම ඥාති දියණියට පෙන්වීමට මෙය වීඩියෝ කල බවයි.

3,600 Viewers

One Comment to “ජනාධිපති හෙලිකොප්ටරෙන් එනවා දුවට පෙන්වන්න වීඩියෝ කල අයෙක් අත්අඩංගුවට..”

  1. Nareen says:

    Mewwata kiyanne andabaala vada kiyala.

Main News