ප‍්‍රබල ඇමති ගෝලයා බිග්මැච් එක අතරතුර රාහුලේ විදුහල්පතිට ගහලා.. පොලිසියටත් ගහයි..

April 1, 2018 at 10:40 am | lanka C news
ප‍්‍රබල ඇමති ගෝලයා බිග්මැච් එක අතරතුර රාහුලේ විදුහල්පතිට ගහලා.. පොලිසියටත් ගහයි..

ඊයේ දිනයේ අවසන්වූ මාතර රාහුල විද්‍යාලය සහ කොළඹ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර වාර්ෂික මහා ක්‍රිකට් තරඟය අතරතුර රාහුල විද්‍යාලයේ විදුහල්පතිවරයාට පහරදීමේ සිද්දියක් ගැන සමා ජාලයන්හි තොරතුරු වාර්තා කර ඇත.

මෙම පහරදීම සිදුකර ඇත්තේ රාහුල විද්‍යාලයේම ආදි ශිෂ්‍යයකු විසින් වන බවත් ඔහු ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකුගේ පූර්ණ ආශිර්වාදය සහිතව මාතර නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කොට පරාජය වූවෙක් යයිද සදහන්ය.

සිද්දියත් සමග පහරදුන් පුද්ගලයා වහාම මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විටත් දේශපලාන ප‍්‍රබලයන් විසින් සැකකරු මුදාගැනීම සදහා මාතර පොලිසිය වෙත බලපෑම් කරමින් සිටින බවද වාර්තා වෙයි.

එම අවස්ථාවේදීම අදාළ සැකකරු පොලිස් නිලධාරීනට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක්ද මේ වන විට අන්තර්ජාලය පුරා සැරිසරමින් තිබේ.

මාතර රාහුල විද්‍යාලයේ කොළඹ ආදි ශිෂ්‍ය සංගම් ශාඛාවේ පිරිස විදුහල්පතිවරයාට පහරදීම දැඩි ලෙස හෙලාදකිමින් කීර්තිමත් රාහුල විද්‍යාලයීය ඉතිහාසයේ ප්‍රථම වරට විදුහල්පතිවරයකුට පහරදුන් මෙම පුද්ගලයාට දැඩි දඬුවම් ලබාදිය යුතු බව පවසයි.

19,780 Viewers

3 Comments to “ප‍්‍රබල ඇමති ගෝලයා බිග්මැච් එක අතරතුර රාහුලේ විදුහල්පතිට ගහලා.. පොලිසියටත් ගහයි..”

  1. Nim says:

    UNP KARAYEK NAM
    NIDAHAS KARA NAM
    NEEDA HODA?

  2. desta says:

    ha ha ha oic trancer karai amathiya pare nidaganie ne nethnam

  3. David Milli-banda says:

    Aiyooooooooooo……………. ape chanda thawa kuttiyak kada watai.

Main News