19 වන සංශෝධනයෙන් ජනතා පරමාධිපත්‍ය බලය උදුරාගෙන..

November 25, 2018 at 6:33 am | lanka C news
19 වන සංශෝධනයෙන් ජනතා පරමාධිපත්‍ය බලය උදුරාගෙන..

රටට හෙටක් සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

වසර හතරහමාරක් ගතවන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැක්කේය යන වගන්තිය හේතුවෙන් ජනතාව සතු පරමාධිපත්‍ය බලය උදුරාගෙන ඇත. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් හා ජනමත විචාරණයකින් සම්මත විය යුතු මෙම වගන්තිය ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වූයේ කෙසේද යන්න සොයා බැලිය යුතුව ඇත.

ජනාධිපතිවරයාගේ බලතල වලට වඩා,වසර හතරහමාරක් ගතවන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැක්කේය යන වගන්තිය බලවත් වන්නේ යැයි යමෙක් තර්ක කරන්නේ නම් එමගින් එම තර්කය ගෙන එන පුද්ගලයා පරමාධිපත්‍ය බලය ජනතාවට ය යන පදනමට බරපතල ලෙස හානි සිදු කරන්නේ ය. ව්‍යවස්ථාව ජනතා අවශ්‍යතාව කි. එහෙත් මෙම වගන්තිය මගින් එය පාලක අවශ්‍යතාවක් බවට පත්කරගෙන ඇත.

වසර හතරහමාරක් ගතවන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැක්කේය යන සංශෝධනය මගින් ඕනෑම ආකාරයේ පොල්පොට් පන්නයේ ආණ්ඩුවකට කිසිදු බාධාවකින් තොරව වසර හතරහමාරක් යන තුරු අත්තනෝමතික ලෙස රට පාලනය කිරීමට බලය ලබා දී ඇත. ජනතා විරෝධී ආණ්ඩුවක් පලවා හැරීමට ජනතාවට තිබෙන අයිතිය උදුරා ගැනීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අමු අමුවේ ආබාධිත කිරීම කි.

ජනතා විරෝධී ආණ්ඩුවක් ඕනෑම අවස්ථාවක පලවා හැරීමේ අයිතිය ජනතාව සතු විය යුතුය.

පාර්ලිමේන්තුව විසුරුවා ගැනීමේ බලය පාර්ලිමේන්තුව ට පැවරෙන්නේ යැයි අදාල ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් වුවද ජනතා විරෝධී ගමනක් යන ආණ්ඩුවක් කිසි විටෙකත් තමන්ගේ ආණ්ඩුව ගෙදර යවා ගැනීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තමන් ම පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනැවිත් සම්මත කරන්නේ නැත.

පරමාධිපත්‍ය බලය ජනතාවට ය යන පදනම මත පිහිටා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාව නමැති නිවස ඉදිකර ඇති අතර එම පරමාධිපත්‍ය බලය නමැති පදනමට අභියෝග විය හැකි යමක් වෙතොත් එය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාව නමැති නිවසේ පැවැත්මට බලවත් බාධාවක් බව අවධාරණය කිරීමට කැමැත්තෙමි.

සරත් කලුගමගේ
සංවිධායක – රටට හෙටක්
සමාජ සත්කාරක වැඩසටන

19,037 Viewers

20 Comments to “19 වන සංශෝධනයෙන් ජනතා පරමාධිපත්‍ය බලය උදුරාගෙන..”

  1. hdhed says:

    සමබරව නිරීක්ෂණය කිරීමෙන්, පොල්පොට් පන්නයේ ආණ්ඩුවක් හෝ පොල්පොට් පන්නයේ විධායකයක් අතර සමබරභාවය ඇති කරන්න මෙවැනි වගන්තියක් ගෙන්න ඇති. දැන් තමන්ගේ දේශපාලනය න්‍යායෙන් මේ ගැන ව්ග්‍රහ කරන්න ගිහිල්ල වැරදි මතයක් ඇතිවෙන්න පුළුවන්. ජනතාව පාවාදෙන අයට විරුද්ධව විනිශ්චයක් ලබා ගන්න ක්‍රමවේදයක් හදුන්වා දීම මගින් අවුරුදු 6 කාලය පාර්මේන්තු කාලය අවභාවිත කරන්නන් මැඩලීමට හැකිවෙයි.

    • Saman says:

      සරත් වීරසේකර යන්ට තේරුණු මේ යතාර්ථය අනිත් උන්ට තේරුනේ නැති එකනේ කරුමේ

  2. Herath says:

    ජනමතවිචාරණයකින් තොරව 85.2 ව්‍යවස්ථාව අයින කළේ කොහොමෙයි….

  3. සිංහල බන්ඩා says:

    19 වන සංසෝධනයෙන් ආණ්ඩුවට මංත්‍රීලගෙ කේවල් කිරීමේ බලය වැඩිඋනා ජනතාවගෙ චන්ද බලය අඩු උනා. රට ආරාජික වෙන චාන්ස් එක වැඩි උනා.

    • Vini says:

      ඇයි…සුලු ජාතීන් ශක්තිමත් වුණා….මහ ජාතිය අසරණ වුණා…19න් වුණේ එච්චරයි…

  4. n.s fasions kurunegala says:

    pohotttuwa meka janatahwa athrata gene yanna wena baila wedak ne – munge horakam rata wikinima mewa janathawa ta kiya denna

  5. Peter says:

    Absolutely correct. How was this done. Article 70 (1) was smuggled into the constitution at the Committee stage of parliament behind the back of the people and the Supreme court by Ranil and Co. Is this democracy?

  6. Janathawa says:

    The whole Nation are surprised and very furious
    that such a resolution ,which should have been endorsed by the people by a REFERENDUM,have
    cunningly and mysteriously crept into the Constitution,by the previous government ,for their
    survival ?

  7. SPM says:

    This letter is deeply correct and accurate

  8. Jehan says:

    මේක බොලඳ තර්කයක් මේ සංශෝධනයෙන් ඉවත් කරලා තියෙන්නෙ ජනාධිපතිට මාස 6 පසු ඕනෑම වෙලාවක විසිරැවා හැරිය හැක කියපු එක අවු 4.5 ක් කරපු එක මිසක් ජනතා ඡන්දය වලක්වපු එකක් නෙවෙයි . අනික් විදියට බැලුවොත් පොහොට්ටුව බලයට ඇවිත් වෙන පක්ශෙක ජනපති කෙනෙක් හිටියත් විසිරැවන්න බෑ. මේක ජනමත විචාරනයකටයන්න ඕනද කියනඑක උසාවිය කියන්න ඕන එකක්

  9. ගරසරප says:

    මේකනේ. ව්‍යවස්ථාව තියෙන්නේ ජනතාව වෙනුවෙන් නම් ඒක ජනමතයට ඉඩ දෙන්න ඕන හැකි හැම වෙලාවකම. නමුත් මේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ සුලුතරයට එරෙහිව බහුතරය සංවිධානය වෙන එක වලක්වන්නට නිසා ජනමතයට වඩා පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි ගනින එක ලාභය් ලේසියි.

  10. හැට දෙලක්ෂයෙන එකෙක් says:

    විධායකය හා ව්‍යවස්ථාධායකය පත්වන්නේ වෙන වෙනම ඡන්ද වලින්. ඒ නිසා එක් ජනවරමක් විසින් තවත් ජනවරමක් යටපත් නොකල යුතුයි. විධායකය කැමති කැමති වෙලාවට ආණ්ඩු විසුරවනම්, බහුතරයක් නොමැතිව අත්තනෝමතිකව අගමැතිවරු පත්කරනව නම් ඡන්ද වලින් ආණ්ඩු පත් කරල මුදල් විනාශ නොකර ජනාධිපති කැමති පිරිසක් තෝරගෙන රට පාලනය කරන්න පුලුවන් වෙන විදියට ව්‍යවස්ථාව වෙනස් කරන්න.

  11. හෙටක් ගැන කතා කලද “ඊයේ” ගැන නොදනී. උගත් ගම්මන්පිල මැතින්ද මෙය මානව පැහැදිලි කලා .

    19 හි ඇති මෙවැනි ජනතා විරෝදී දේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දැන්වූ විට එහි නියමය වුයේ එවැනි ,ජනපතිට ඇති ,මහජනතාවට වගකියන, ඔවුන්ගේ පරමදිපත්‍යයට හා යහ පැවැත්මට තීරණ ගැනීමට ඇති අයිතිය අවලංගු කරන සංසෝධන සඳහා , මැතිසභයේ 2/3 ක් සහ ජනමතවිචාරණයකට යාම අත්‍යවශ්‍ය බවයි.

    එවිට මේ නරි කපටි යහපල්ලා ” ධර්මිස්ටර් බෑනා ” ඒ සඳහා නොගොස් මෙම සංසෝධන එලෙසම තබා ,ජනපති සතු විසුරවීම බලය 70 වෙනි ව්‍යවස්ථාවේ සැඟවී තිබෙන්නට ඉඩ හැරියා.

    ජනපති පසුගියදා එම බලය උපයෝගීකොටගෙනයි මෙම විසුරුවීම සිදු කලේ.

  12. ක්‍රිමිනල් says:

    ඉතිං බොලව් බයිවහන්සේලා දැන් උදේ හවස දොහොත් මුදුන් දී වන්දනා මාන කරන ජනාධීපති උතුමානන් වහන්සේගේ මහත් පරිස්‍රමයෙන් නේ ඔය 19 වැනි සංශෝධනය ගෙනාවා , යු ටියුබ් ගිහිල්ලා බලහල්ලා මෛත්‍රී උතුමා මයික් පලනවා ,කොච්චර මහන්සී උනාද කියලා 19 සම්මත කරගන්න . දැං ඒක අවුල් වගේද ? කන්නඔනේ උනහම කබරයත් තලගොයා වෙලාලු පස්ස බලන්නේ.

  13. Danny says:

    Having craftily taking away the power the people had conferred on the President to dissolve parliament in 2 yrs by smuggling in article 70(1) by the 19th amendment to prevent the President from dissolving parliament for 4 1/2 years without a referendum, the UNP is now talking of democracy. What hypocrisy is this?

  14. Priyantha says:

    මටත් තියෙන බරපතලම ගැටලුව තමයි ජනමත විචාරනයකින් තොරව විධායකය සතුව පැවති ජනතා පරමාධිපත්‍යය බලය අඩු කළෙ කොහොමද කියන එක. මෙම පුවත පළ කල ලියුම් කරුට මම දහස් වරක් ස්තුති කරමි. කරුණාකර මෙම බරපතළ කාරණාව උගත් නීතිවේදීන්ගේ අධානයට සහ කඩිනමින් මහජනයා දැනුවත් කිරීම සිදුකරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

  15. shanaka says:

    සරත් මහතාගේ අදහසට මාද එකග වෙමි,
    ජනතා ජන්දයෙන් ජනතා පරමාධිපත්‍යය මත පත්වන රජයක් ජනතා අපේක්ෂාවන් පසක ලා හොර කල්ලියක් ලෙස කටයුතු කරන්නේ නම් ඔවුන් ඉවත්කිරිමට හා නව රජයක් පත්කිරිමට අවශ්‍ය කටයුතු ඉටු කිරිමට 19 වන සංශෝධනයට පෙර ජනාධිපති වරයාට තිබු බලය පෙර පරිදිම තිබිය යුතු බව මේ අවස්ථාවේදි මනාව පැහැදිලි වේ. 19 වන සංශෝධනය නිසා ජනතාවගේ පරමාධිපත්‍ය බලය අනිසි ලෙස භාවිතා කිරිමට අවස්ථාව සලසා දී ඇති බව පෙනි යයි.
    ජනතා පරමාධිපත්‍ය බලය මත බලයට පත්වන රජයක් ජනතා අවශ්‍යතාවන් නොසලකා හරිමින් කටයුතු කිරිමට සැලසෙන බව වසරක් තුලදී ජනාධිපති වරයා ප්‍රමුඛ ජනතාවට පෙනී යන අවස්ථාවක එම හොර නඩය ඉවත් කර නව රජයක් පිහිටුවිමේ අයිතිය ජනතාව වෙත ලබා දිම සදහා ජනාධිපති වරයාට ඇති බලය සුරකිය යුතුය.

    ගාල්ලගේ

  16. shanaka says:

    සරත් මහතාගේ අදහසට මාද එකග වෙමි,
    ජනතා ජන්දයෙන් ජනතා පරමාධිපත්‍යය මත පත්වන රජයක් ජනතා අපේක්ෂාවන් පසක ලා හොර කල්ලියක් ලෙස කටයුතු කරන්නේ නම් ඔවුන් ඉවත්කිරිමට හා නව රජයක් පත්කිරිමට අවශ්‍ය කටයුතු ඉටු කිරිමට 19 වන සංශෝධනයට පෙර ජනාධිපති වරයාට තිබු බලය පෙර පරිදිම තිබිය යුතු බව මේ අවස්ථාවේදි මනාව පැහැදිලි වේ. 19 වන සංශෝධනය නිසා ජනතාවගේ පරමාධිපත්‍ය බලය අනිසි ලෙස භාවිතා කිරිමට අවස්ථාව සලසා දී ඇති බව පෙනි යයි.
    ජනතා පරමාධිපත්‍ය බලය මත බලයට පත්වන රජයක් ජනතා අවශ්‍යතාවන් නොසලකා හරිමින් කටයුතු කිරිමට සැලසෙන බව වසරක් තුලදී ජනාධිපති වරයා ප්‍රමුඛ ජනතාවට පෙනී යන අවස්ථාවක එම හොර නඩය ඉවත් කර නව රජයක් පිහිටුවිමේ අයිතිය ජනතාව වෙත ලබා දිම සදහා ජනාධිපති වරයාට ඇති බලය සුරකිය යුතුය.